Picture Courtecy Daily FT
ජනතා විමුක්ති පෙරමුණට එක් වරක් හෝ බලය නොදෙන්නේ ඇයිද කියා කෙනෙක් ඇසූ ප්‍රශ්නයට මාගේ ප්‍රතිචාරය වූයේ:
1971 කාලයේදී මම හිටියේත් ඔය ස්ථාවරයේමයි.
විප්ලවයකින් නොව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ උගත්, දක්ෂ අවංක තරුණ පරපුරට පාලන බලය ලැබිය යුතුයි කියා මා එදා හිතුවා මෙන්ම අදත් හිතනවා.
71 අරගලයේ සමහර නායකයෝ විශ්වවිද්‍යාලයේ මාගේ ගෝළයන්.
එක්කෙනෙක් UNP එකේ දූෂිතම ඇමති කෙනෙක් වෙලා නතර වුණේ.
අනෙකා අන්තරේ ලේකම් වෙලා හිටියා. මිනිහාත් ගාමිණී දිසානායක ළඟ නතර වුණේ.
මේ සාක්ෂි අනාරක්ෂිත භාවය පිළිබඳව මාගේ පර්යේෂණවල න්‍යායාත්මක නිගමන වලට ආනුභවික
(empirical) උදාහරණ ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.
දේශපාලන ලෝකයේ වේවා ආගමක ලෝකයේ වේවා, අනාරක්ෂිත භාවයට තුඩු දෙන සාධක සමාජය තුළ පවතින තාක් කල් බුදු කෙනෙකුට හැර කිසි කෙනෙකුට ඉන් ම්දෙන්න හැකියාවක් නැහැ.
ආශාවන්ගෙන් මඩිනා ලද මිනිසා, තවත් මිනිසකුට විරුද්ධව යාම ලෝක ස්වභාවයේම ගැඹුරින් ස්ථාපිත දහමක්. අන් අය වෙනුවෙන් අරගල කළ මිනිසුන් සිටියේ අතීතයේ.
පරාර්ථය වෙනුවට ආත්මාර්ථය රජ වූ විට කපුටෙකුට හිමි ගුණයවත් මිනිසෙකුට ඉතිරි වන්නේ නැත.
කපූටා ලැබුණ දෙයක් බෙදා හදාගෙන කන්නේ වසර මිලියන ගණනක සිටයි.
මිනිසෙකුට වෙනස් වීම සඳහා අවශ්‍ය වන්නේ තත්පර කීපයක් පමණයි.
ඊට ප්‍රධානම හේතුව ඔහු තුළ බලපවත්වන අනාරක්ෂිත භාවයයි.
වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ වෙනසක් අවශ්‍යයි කතා කරන කිසිම මිනිසෙක් ඒ වෙනස තමා තුළ ඇති කර ගැනීමට මේ වනතුරු කිසිම උත්සාහයක් දරා නැත.
තමා වෙනස් නොවී අනෙකා වෙනස් කරන්න උත්සාහ කිරීම, හුදු ආත්ම වංචාවක්.
ද්‍රව්‍යවාදී අරමුණක් වෙනුවෙන් දේශපාලනය කරන පුද්ගලයින් බොහෝවිට ප්‍රඥාවෙන් තොරවීම නිසා සමස්ත සමාජයම මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට මුහුණ දෙමින් සිටී.
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය යනු පක්ෂ කිහිපයක නම් සහ පුද්ගලයින් කිහිප දෙනකුගේ නම් අතර දෛනිකව කෙරෙන වංචනික සූදුවකි.
සූදුව දෙස බලා සිටින නරඹන්නා හැමදාමත් පරාජිතයෙකි.
-තෙවැනි ඇස-
11.10.2023