ආරියතිලක
2025.10.15
ප්‍රජාත්‍න්ත්‍රවාදය පිළිබඳව “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” නම් ප්‍රකාස්ශනයේ සඳහන් වන්නේ මෙසේ ය.
“ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”
“පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.”
“පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන” ඉහතින් දැක් වූ පෙඩ්රික් එංගල්ස්ගේ ඉහත ප්‍රකාශය වත්මන් ආණ්ඩුවට ද සෘජුව ම අදාළ ය. හේතුව වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ බැවින් හා රාජ්‍ය නායකයා ද ජනතා විමුක්ති පෙරමුණ නායකයා බැවිනි. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී පක්ෂයක් බැවින් ඒ ගැන කතා නො කර කිසි ලෙසකින් වත්මන් රාජ්‍ය පාලනය පිළිබඳ දේශපාලන ගැලපීම් කළ නො හැක.
කොමියුනිස්ට්වාදී පක්ෂයක් තම දේශපාලන ඉලක්ක සකස් කරන්නේ රටේ ජනතාව, අනාගතයේ කොමියුනිස්ට්වාදය අනුව පාලනයට අනුගත කිරීමේ චේතනාවෙනි. මේ ආණ්ඩුව ළපටි වැඩිකම නිසා රාජ්‍ය පාලනය අතට ගත් හැටියේම කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම අනුව කටයුතු කිරීමට උත්සාහ කළ බව අපට පෙණුනි. එය අසාර්ථක වන්නේ දැන් තිබෙන්නේ මහජන ඡන්දයෙන් පත් වූ, කොමියුනිස්ට් නො වන, එසේ ම කිසි ලෙසකින් කොමියුනිස්ට්වාදය නො පිළිගන්නා, ප්‍රජාතන්ත්‍රවාදය අනුව සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මත වූ රාජ්‍යක්, ඇති බැවිනි. කවුරු බලයට පත් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ඒ මත පවතින අධිකරණ පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, රාජ්‍ය පරිපාලන පද්ධතිය, උල්ලංඝනය නො කළ යුතු ය. එසේ ම රාජ්‍ය විසින් එකඟ වී ඇති අන්තර්ජාතික සම්මුති කඩ නො කළ යුතු ය. විප්ලවයකින්, සංනද්ධ අරගලයකින් රටේ පවතින රාජාණ්ඩුව හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව හෝ පෙරළා දැමීම කොමියුනිස්ට්වාදය අනුව එක ම උත්තරය බව උගන්වයි. එයට ලංකාවාසී ජනතාවට හොඳම උදාහරණය මේ රටෙන් ම ලබා ගත හැක්කේ ය.

1965 මැයි මස 14 දින වෙසක් පුර පසළොස්වක පෝය දිනයෙහි ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ විය. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ආරම්භ කොට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමට කල් නො ගෙන ම පවතින රජ්‍ය බලය අල්ලා ගැනීම පිණිස 1971 සංනද්ධ කැරැල්ලක් ආරම්භ කළේ ය. එයින් පැහැදිළිව ම පෙනී යන දෙයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ ම පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලත දේශපාලනය කිරීමට නො වන බව ය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතීය, අධිකරණය, රාජ්‍ය පරිපාලනය ආදී කිසිවක් නො පිළිගන්නා බව ය. 1971 කැරැල්ල දිය්ත් කළේ සංන්ද්ධ බලය යොදා පවතින රාජ්‍ය පැහැර ගැනීම පිණිස ය. ඒ කුමක් සඳහා ද? රට කොමියුනිස්ට්වාදී රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීම පිණිස ය.
1971 ජවිපෙ සංනද්ධ කැරැල්ල අසාර්ථක විය. 1977 දී පත් වූ නව ආණ්ඩුව විසින්, අද දක්වා ඇති, 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කෙරන ලදී. ජවිපෙ දේශපාලනය පසු කාලයේ ඡන්දවලට ඉදිරිපත් විය. ඒ 1971 කැරැල්ල අසාර්ථක වීම නිසා ය. තම පක්ෂයට සාමාජිකයන් අලුතෙන් ගොඩනගා ගැනීමට දේශපාලන වැඩ පිළිවෙළක් අවශ්‍යය ය. ඒ සඳහා 1965 න් පසු ඇති වූ තත්වයන් හා 1971 කැරැල්ලේ අසාර්ථ භාවය ද සමාලෝචනයට ගෙන නව ආරකින් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු ය. ඒ සඳහා ළඟ ම ඇති උපාය මාර්ගය ඡන්දයට ඉදිරිපත් වීම ය.
මේ අතරේ, 1983 “කළු ජූලිය” නම් ත්‍රස්ත ක්‍රියාවලට ජවිපෙ සම්බධ යැයි කියා රජය විසින් ජවිපෙ තහනම් කරන ලදී. එම තහනම් කිරීම සාධාරණ නො වන බව ජවිපෙ කියා සිටියත් රජය එයට ඇහුන්කම් දුන්නේ නැත. නැවත ජවිපෙ ඔවුන්ගේ සුපුරුදු ඉලක්ක ගත දේශපාලනයට පිවිසිණි. එනම් සංනද්ධ කැරැල්ලකින් (1987/88/89) රාජ්‍ය බලය ලබා ගැනීම පිණිස ය. ජවිපෙට කිසි ලෙසකින් මේ රට ඇතුලත එවැනි සංනද්ධ කැරැල්ලක් මෙහෙය වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත; නීතියෙන් ඉඩක් නැත. කුමන තත්වයක් යටතේ වුව ද ජවිපෙට රජයට විරුද්ධව කැරැළි ගැසීම සාධාරණීය කිරීමට කිසිදු ඉඩක් නැත. එසේ වුවත් කොමියුනිස්ට්වාදී පක්ෂයක හරය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හෝ එම ප්‍රජාතන්ත්‍රවාදය පවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, අනෙකුත් නීති අණ පනත්, අධිකරණ පද්ධතිය, රාජ්‍ය පාලන විධි විධාන හා රජ්‍ය පරිපාලන පද්ධතිය පිළිගන්නේ නැත. එය තහවුරු කරමින් ජවිපෙ සාමාජිකයෝ 1987/88/89 දෙවන සංනද්ධ කැරැල්ල මෙහෙය වූහ. කැරැල්ලේ සාර්ථක වූයේ නම්;-
- පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම. කොමියුනිස්ට්වාදී නව ආණ්ඩුක්‍රම නීතියක් ඇති කිරීම.
- පවතින රාජ්‍යයේ සියලු සංනද්ධ හමුදා විසුරුවා හැරීම, පොලිස් හමුදාව විසුරුවා හැරීම. ඒ සමඟ ම කොමියුනිස්ට්වාදී රතු හමුදා බලය හා කොමියුනිස්ට් පාලනය ආරක්ෂා කරන පොලිස් බලය ඇති කිරීම.
- පවතින අධිකරණ පද්ධතිය හා නීති අණ පනත් අහෝසි කොට කොමියුනිස්ට්වාදයට අනුගත වූ අධිකරණ පද්ධතියක් ඇති කිරීම හා නීති අණ පනත් සම්මත කිරීම.
- පවතින රාජ්‍ය පරිපාලන හා අනෙකුත් සියලු රාජ්‍ය සේවයේ ව්‍යූහය සම්පූර්ණයෙන් ම වෙනසකට ලක් කොට කොමියුනිස්ට්වාදයට අනුකූල
රාජ්‍ය පරිපාලන හා අන්‍ය සියලු රාජ්‍ය සේවා කටයුතු ස්ථාපිත කිරීම. - පවතින පෙර පාසල්, පාසල්, සියලු විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කොට කොමියුනිස්ට්වාදී මූල ධර්ම මත දෝලනය වන කොමියුනිස්ට්වාදය පමණක් අනාගත රාජ්‍යයේ පැවැතීමට තුඩු දෙන, කොමියුනිස්ට්වාදී දේශපාලනික, සමාජ-ආර්ථික ක්‍රමය උගන්වන කොමියුනිස්ට්වාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම, (නව අධ්‍යාපණ ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම.)
- 1847 දී පෙඩ්රික් එංගල්ස් විසින් එළිදැක්වූ “කොමියුනිස්වාදයේ මූල ධර්ම” නම් ප්‍රකාශනය හා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය ප්‍රකාරව කටයුතු කිරීම, විශේෂයෙන් ම “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” එම ප්‍රකාශනයේ 18 වන ප්‍රශ්නය හෙවත් 18 වන වගන්තිය ප්‍රථම කොට ම ක්‍රියාත්ම කිරීමට කටයුතු කිරීම යන [එම 18 වගන්තිය අධෝ ලිපි1]
යන ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම ස්ථීර ය. මෙම ප්‍රකාශනයේ වගන්තියට සමගාමීව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයෙහි ද ඇත්තේ ය.
ජවිපෙ දෙවන කැරැල්ල අසාර්ථක වීම හේතුවෙන් ජවිපෙ සාමාජිකයන්ට කොමියුනිස්ට් සිහිනය බොඳ විය.
දැන් වත්මන් ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ නායකයා ය. ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ වේ.
ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී අරමුණ හා ඉලක්කය අත් නො හරින බව.
1965 මැයි මස 14 වන දින ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණ 1971 කැරැල්ල හා 1987/88/89 කැරැල්ල යන සංනද්ධ කැරළි දෙක පරාද වීම,
ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත් වීම,
දෙවැනි කැරැල්ලේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක, ප්‍රධාන ලේකම් ඇතුලු ඉහල පෙළේ සාමාජිකයින් මරණයට පත් වීම,
පසු කාලයේ ජවිපෙ තෙවන නායකයා ද ස්වාභාවිකව අභාවප්‍රාප්ත වීම, ආදී ලෙස පක්ෂ සාමාජිකයින් මහත් ලෙස විනාශ වීම,
සමහර පක්ෂ සාමාජිකයින් පක්ෂය හැර යාම සිදු වීම ආදී දේ සිදු වුව ද ජනතා විමුක්ති පෙරමුණේ කොමියුනිස්ට්වාදී දේශපාලන ඉලක්ක වෙනස් වූයේ නැත. පක්ෂයේ දෙවන කැරැල්ලේ බිඳ වැටීමෙන් පසු පවතින ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ජවිපෙ පිවිසෙන්නේ වෙනත් මඟක් ඒ මොහොතේ ඔවුන්ට නැති නිසා ය.
ජවිපෙ එසේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස ඡන්දයට ඉදිරිපත් වීම, තත් කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සමඟ සංධානගත වීම, 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිකරවීමට කටයුතු කිරීම, 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත් කිරීමට කටයුතු කිරීම, ආදී කොමියුනිස්ට් නො වන දක්ෂිණාංශක පක්ෂ සමඟ සංධානගත වී හෝ නොවී හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ජවිපෙ පැමිණෙන්නේ, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය අනුමත කරන නිසා නොව, පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්මයන්හි සඳහන් කරන;
“ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”
“පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.”
යන මූල ධර්මය අනුව ය. ඒ සියලු අවස්ථාවල සහාය ලබා දුන් දේශපාලන ප්‍රවාහය අනුමත කිරීමක් කිසිදු ලෙසක ජවිපෙ දේශපාලන දර්ශනය අනුව කළායයි නො සිතිය හැක; නො කිව හැක.
තම කොමියුනිස්ට්වාදී දේශපාලන ඉලක්කය කවදා හෝ සපුරා ගැනීමේ උපාය උපක්‍රමයක් වශයෙන් මිස කිසිදු ලෙසකින් ප්‍රජාතන්ත්‍රවාදය අනුව එකඟ වූවක් නො වන බව කිව යුතු ය.
එසේ ම ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වශයෙන් සිටිමින්, ජාතික ජන බලවේගය පක්ෂය පිහිටුවීම, 2024 ජනාධිපතිවරණයට වතමන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හා ජයග්‍රහණය කිරීම, 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වීම හා ආණ්ඩු බලය පිහිටුවීම, 2025 පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වීම යන සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලත සිටිමින් සිදු කළ ද, කොමියුනිස්ට්වාදී පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදය මත ක්‍රියා කරන්නේ, පෙඩ්රික් එංගල්ස්ගේ “කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම” ප්‍රකාශනයේ ඉහත සඳහන් කළ
“ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.” යයි කියන
ප්‍රකාශය පදනම් කර ගෙන මිස ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ස්ථාවර කිරීමට නො වන බව ද පැහැදිලි ය.
අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට අවශ්‍ය සියලු විධ් විධාන, උපාය උපක්‍රම යෙදීම කොමියුනිස්ට්වාදීන්ගේ ස්භාවය ය. එය මාක්ස් හා එංගල්ස්ගේ කොන්දේසියකි. පැන්වීමක් ද වේ.
මෙයට එක් බාධකයක් නම් විප්ලවයකින් රාජ්‍ය බලය නො ගත් බැවින්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය හරස් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව රාජ්‍ය බලය ලබා ගෙන එයට පටහැනිව කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩක් නැත. එසේ නම්
ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට හෝ මුල් පදනමින් අර්ධවශයෙන් හෝ එය කිරීමට ඇවැසි කොමියුනිස්ට්වාදය පදනම් කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සහ බහුතර බලයෙන් සම්මත කර ගැනීම කළ යුතු ය. එසේ ම ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු ය.
ජනමත විචාරණ ඡන්ද විමසීමක් ජය ගැනීම ආණ්ඩුව වෙතින් ගිලිහී ගොස් අවසන් ය. ඒ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය විසින් 43.26% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ලදී. එය 50%ක කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයකි.
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී 61.56% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ ය. මේ තත්වය මත, කිසි ලෙසකින් ජනමත විචාරණ ඡන්ද විමසීමක් ජාතික ජන බලවේගයට ජය ගත නො හැක්කේ ය.
ජාතික ජන බලවේගය කෙරෙන් සිංහල ජාතික ඡන්ද වේගයෙන් ගිලිහෙමින් තිබේ. මේ අඩුව පුරවා ගැනීමට කදුරට වතු දෙමළ ප්‍රජාවේ ඡන්ද හා උතුරු නැගනහිර දෙමළ ඡන්ද ද මුස්ලිම් ප්‍රජාවේ ඡන්ද ද කෙරෙහි ආණ්ඩුව අවධානයට නො ගන්නවා යයි නො සිතිය හැක. එහි දී උතුරු නැගනහිර ඡන්ද විශේෂ ය. එම ඡන්ද කෙරෙහි ලබා ගැනීමට නම් දෙමළ බෙදුම්වාදයට හිතවාදී පිරිස් සතුටු කිරීමට සිදු වේ. කොටි බෙදුම්වාදයට හිතවාදී පිරිස් දෙමළ ඩයස්පෝරාව ද නියෝජනය කරත්. දෙමළ ඩයස්පෝරාවේ පදයට ක්‍රියා කිරීම නො කරන තාක් උතුරු නැගනහිර බහුතර දෙමළ ඡන්ද ලබා ගැනීම උගහට ය. එසේ නම් ආණ්ඩුවට දෙමළ ඩයස්පෝරාවේ හා බෙදුම්වාදී කොටි සංවිධානයට හිතවත් පිරිස් සතුටු නො කරාවි යයි නො සිතිය හැක.
කොටි හිතවාදී බෙදුම්වාදීන්ට ඇති බලවත් ම වෛරයට පාත්‍ර වන පිරිස නම් වෙලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුලු බෙදුම්වාදී කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත්කළ ත්‍රිවිධ හමුදා රණවිරුවෝ හා යුද්ධයට දේශපාලන නායකත්වය දුන් දේශපාලන නායකයෝ වෙති. මෙම පිරිස් දඩයම් කිරීම් හා එම පිරිසට හිරිහැර වෙන ලෙස ක්‍රියා කිරීම ආරම්භ වී ඇති සැටියකි. වත්මන් ආණ්ඩුවට යුද්ධය දිනා දුන් රණවිරුවන් සහ දේශපාලන නායකත්වය එතරම් රැකීමක් කිරීමට උත්සාහ වීම සැක සහිත ය. කොමියුනිට්වාදී කැරැලි දෙකක් පරාජය කිරීමට ද දායක වූවෝ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් හමුදාවේ නිලදරයෝ වෙති. කොමියුනිස්ට් නො වන කිසිදු පාලන ඒකකයක් රැකීමට කොමියුනිස්ට්වාදී පක්ෂයක් ක්‍රියා කරාවි යයි සිතිය හැකි ද?
ජවිපෙ කිසි ලෙසකින් ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩ නැගුණු දේශපාලන පක්ෂ අහෝසිවන තැනට කටයුතු කිරීමට උත්සාහ කරනු ඇත. තනි පක්ෂ ක්‍රමය කොමියුනිස්ට්වාදය අනුමත ය. කොමියුනිස්ට්වාදය අනුමත කරන, රාජ්‍ය පාලනය ඇති රුසියාව, චීන සමූහාණ්ඩුව, උතුරු කොරියාව, වියට්නාමය, කිව්බාව, ලාඕසය යන රටවල කොමියුනිස්ට් නො වන දේශපාලන පක්ෂ නැත්තේ ය. දැනට ලෝකයේ රාජ්‍යයන් ප්‍රධාන වශයෙන් සම්මුති ගත වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්ට අනුකූලව ඡන්ද ක්‍රමය අනුව තම රාජ්‍ය පවතින බව පෙන්වීමට, කොමියුනිස්ට්වාදය පමණක් පෝෂණය කරන දේශපාලන පක්ෂ ක්‍රමය රුසියාව, චීනය, උතුරු කොරියාව, වියට්නාමය, කිව්බාව, ලාඕසය, යන රටවල් හදුන්වා දී ඇත. කිසිදු ලෙසකින් එම රටවල දක්ෂිණාංශික පක්ෂ නැත්තේ ය. එසේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලත පවතින දක්ෂිණාංශික පක්ෂ කිසි ලෙසකින් ගොඩ නැගීමට ඒ රටවල ඉඩක් නැත්තේ ය. අවකාශ නැත්තේ ය. එයට හේතුව ප්‍රති විප්ලවය ඇති වී කොමියුනිස්ට් රාජ්‍ය ක්‍රමය කඩා වැටෙන බැවිනි.
ඒ ලෙස තම පක්ෂයෙන් පිටත දේශපාලනය, ජවිපෙ කිසි ලෙසකින් අනුමත නො කරයි. මේ හේතුවෙන් සියලු පක්ෂ මර්දනය කිරීමත් කොමියුනිස්ට්වාදී නො වන සියලු දේශපාලන නායකයන් හා පුද්ගලයන් රැකීම ජවිපෙ දේශපාලනය විසින් නො කරන බව ජාතිමාමක දේශමාමක සැම දෙනා විසින් අවබෝධ කටයුතු කාලය එළඹ ඇත්තේ ය.

ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කර වසර 25ක් සපිරීම සංඝ සන්නිපාතය, ජනතා විමුක්ති පෙරමුණ නායකයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම.
ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් භික්ෂූන් වහන්සේ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අරලිය ගහ මන්දිරයට සපැමිණියහ. ඒ නිමිත්තෙන්
ජනාධිපතිවරයා ද ඒ සංඝ සංනිපාතයට පැමිණියේ ය. ප්‍රධානත්වය ගෙන කටයුත්තට සහභාගී විය. භික්ෂූන් වහන්සේ හමුවෙහි කතාවක් ද කළේ ය.
ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය, භික්ෂූන් වහන්සේලා උදෙසා පිහිට වූවක් වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා පවතින සියලු දේ සම්බුද්ධ ශාසනය සතු වේ.
පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනය සමන්විත සම්බුදු රදුන්ගේ සසුනෙහි පර්යාප්ති ශාසනය ප්‍රධාන ය.
පර්යාප්ති ශාසනය නම් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව ය. පරියත්ති නම් සම්බුදුරදුන්ගේ දේශනාපාලිය ය. ථේරවාදී ත්‍රිපිටක ධර්මය ද ඒ ත්‍රිපිටක ධර්මයට ලියන ලද අටුවා හා ටීකා ග්‍රන්ථයන් පර්යාප්ති ශාසනය වේ. පෙළ, අටුවා, ටීකා අන්තර්ගත ධර්මය නො ඉක්ම වූ ,සංග්‍රහ ග්‍රන්ථයන් ද පර්යාප්ති ශාසනයට අන්තර් ග්‍රහණය වේ.
ඒ පරියත්තියෙහි විනය පිටකය සතරාකාරයෙන් සංගෘහිත වන බව සමන්තපාසාදිකා විනය අටුවාවෙහි කියත්. එනම්:-
- සුත්ත (විනය පාලිය)
- සුත්තානුලෝම (සතර මහෝපදේස අනුව බැලීම)
- ආචරියවාද (පාලියෙන් විනිර්මුක්ත වූ විනය අට්ඨකථා, ටීකා)
- අත්තනෝමති (සූත්‍රානුලොම – ආචාර්යවාදය හැරපියා නිශ්චයානුගත වූ සුත්‍රාදියටම අනුව ගිය තමාගේ බුද්ධියෙන් සූත්‍රාදියෙන් ලැබිය යුතු වූ නයග්‍රාහයෙන් එළඹසිටි ආකාරය කියාපෑමය.
[සමන්තපාසාදිකා විනය අටඨකථා පිට 161-165 හේවාවිතාරණ මුද්‍රණය]
තථාගතයන් වහන්සේගේ පරියාප්ති ශාසනය කුමක් සඳහා ද යත් ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනය පිණිස ය.
ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද ශාසනය කවුරුන් සදහා ද යත් තථාගත ශ්‍රාවකභාවයට පත් භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිව් පිරිස උදෙසා ය.
තථාගත ශ්‍රාවක භාවය සම්බුද්ධ ශාසනයේ ප්‍රතිපත්තියට බැස ගැනීම සහ ධර්ම ප්‍රතිවේදයට ප්‍රධාන ම කාරණය වන්නේ තථාගත ශ්‍රාවක භාවයෙහි පිහිටීම ය. තථාගත සම්බුදු රදුන්ගේ සම්බුද්ධත්වය පිළිගැනීමෙන් ම ශ්‍රාවක භාවයට, ධර්මාවබෝධයට හේතු ය. තථාගත බුදුරදුන් පිළිගැනීමෙන් ම තථාගත ශ්‍රී ස්ද්ධර්මය හා සංඝ රත්නය පිළිගත්තා වේ. යමෙක් යම් පමණකට තථාගතයන් වහන්සේගේ ගුණය ශක්තිය අවබෝධයට යේ ද එපමණට ම තථාගතයන් වහන්සේ පිළිගැනීම වෙත්. ඒ පිළිගැනීමේ පමණට ම තථාගතයන් වහන්සේගේ ධර්මය ද ශ්‍රාවක සංඝයා ද පිළිගැනීමට යෙත්. මේ පිළිගැනීමේ ධර්මතාවය නම් ශ්‍රද්ධාව ය. ශ්‍රද්ධා නම් සද්ධා චෛතසිකයේ වැඩීමේ පමණ ය.
සද්ධා සිත ජනනය වීමෙන් ම සම්බුදු සසුනට බැස ගනී.
ශ්‍රද්ධා සිත ජනනය වන්නේ සම්බුදු රදුන්ගේ සම්බුද්ධත්වය පිළිගැනීමෙන් ම වේ. සද්ධාව ජනනය කරන ප්‍රධාන උල්පත සම්බුදුරජාණෝ ම වන්නාහ. ඒ උල්පත කෙරෙහි යමෙක් සිත තබන්නේ ද තම සිතෙහි ද ශ්‍රද්ධාව ජනනය කෙරේ.
තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගන්නා තෙක් පස්වග මහණුන් වෙත තථාගතයන් වහන්සේ දහම් නො දෙසූ සේක. ඒ පස්වග මහණුන්ගේ ශ්‍රද්ධා සිත ජනනය නො වූ බැවිනි. [ විනය පිටක, මහාවග්ග පාලි, මහා ඛන්ධක]
සෑම දෙනා ම සම්බුද්ධ ශාසනයට බැස ගන්නෙ උපාසක භාවයෙනි. ස්ත්‍රී පාර්ශවයට උපාසිකා යනුවෙන් වහරති. සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ඉල්ලා ලබා ගත යුතු ය. ඒ උපාසක භාවයේ සිට ය. උපාසක භාවයේ නො පිහිටි කෙනෙක් සම්බුදු සසුනේ පැවිදි නො වෙති.
කිමෙක් ද මේ උපාසක බව?
තථාගත සම්බුදු රදහු ශාක්‍යයන්ගේ කපිලවස්තු පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සමයක, මහානාම ශාක්‍යයන් විසින්,
“කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, උපාසකො හොතීති:
යනුවෙන් උපාසක භාවය පිළිබඳව, අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහානාම සූත්‍රය වදාළ සේක.
“වහන්ස, කො පමණකින් උපාසකයෙක් වේ දැයි” මහානාම ශාක්‍යයන්ගේ පැනයට, එම සූත්‍රයෙහි බුදුරදහු උපාසක බව වදාරා ඇත්තේ මෙසේ ය.
“යතො ඛො මහානාම, බුද‍්ධං සරණං ගතො හොති, ධම‍්මං සරණං ගතො හොති, සඞ‍්ඝං සරණං ගතො හොති, එත‍්තාවතා ඛො මහානාම, උපාසකො හොතීති.”
[අඞ‍්ගුත්තරනිකාය, අට්ඨක නිපාත
ගහපතිවග්ග]
“මහානාම ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, මහානාමය, මෙ පමණකින් උපාසක වේ.”
තථාගත බුදු රදහු, සම්බුදු රදුන් සරණ යාම, ධර්මය සරණ යාම, සංඝයා සරණ යාම මගින් ම උපාසක බව ඇති වන බව වදාළ සේක.
එසේ නම් සම්බුදු සසුනට බැස ගැනීම මේ තුන් සරණයෙන් ම බව පැහැදිලි ය.
එසේ ම එම සූත්‍රයේ ම මහානාම ශාක්‍යයයෝ බුදු රදුන් වෙතින් මෙසේ ද විමසති.
“කිත‍්තාවතා පන භන‍්තෙ, උපාසකො සීලවා හොතීති”
“වහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද?”
තථාගත බුදු රදහු ඒ පැනයට පිළිතුරු ලෙස, මෙසේ වාදාළ සේක.
“යතො ඛො මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. එත‍්තාවතා ඛො මහානාම, උපාසකො සීලවා හොතීති.”
“මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ ප්‍රාණ ඝාතයෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාම මිච්ඡාචාරයෙන් වැළකුණේ වේ ද, මුසවාදයෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.” යනු එහි තේරුම ය.
තථාගතයන් වහන්සේ උපාසක උපාසිකාවන්ගේ සීලය පන්සිල් බව වදාළ සේක. ගිහි භවතාට තුන් සරණය පමණක් ගෙන උපාසක බවින් පමණක් සෑහීම බුදුරදහු නො අනුදත්හ. සිථීර ලෙස ම පඤ්ච ශීලයෙහි පිහිටා සිල්වත් බව ඇති කර ගැනිමේ වගකීම උපාසකයා සතු බව මේ දේශනාවෙන් පැහැදිලි ය.
එපමණකින් නො නැවතී මහානාම ශාක්‍යයයෝ තථාගතයන් වහන්සේගෙන් මෙසේ ද විමසත්.
“කිත‍්තාවතා පන භන‍්තෙ, උපාසකො අත‍්තහිතාය ච පටිපන‍්නො හොති, පරහිතාය චාති”
“වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ දැ යි?
තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යයන් හට මෙසේ වදාළ සේක.
“යතො ඛො මහානාම උපාසකො අත්තනා ච සද්ධාසම්පන‍්නො හොති පරඤ‍්ච සද‍්ධාසම්පදාය සමාදපෙති. අත්තනා ච සීලසම‍්පන‍්නො හොති, පරඤ‍්ච සීලසම‍්පදාය සමාදපෙති. අත්තනා ච චාගසම‍්පන‍්නො හොති, පරඤ‍්ච චාගසම‍්පදාය සමාදපෙති, අත්තනා ච භික‍්ඛූනං දස‍්සනකාමො හොති, පරඤ‍්ච භික‍්ඛූනං දස‍්සනෙ සමාදපෙති. අත්තනා ච සද‍්ධම‍්මං සොතුකාමො හොති, පරඤ‍්ච සද‍්ධම‍්මසවණෙ සමාදපෙති. අත්තනා ච සුතානං ධම‍්මානං ධාරණජාතිකො හොති, පරඤ‍්ච ධම‍්මධාරණාය සමාදපෙති. අත්තනා ච ධතානං ධම‍්මානං අත්‍ථූපපරික‍්ඛී හොති පරඤ‍්ච අත්‍ථූපපරික‍්ඛාය සමාදපෙති. අත්තනා ච අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මපටිපන‍්නො හොති, පරඤ‍්ච ධම‍්මානුධම‍්මපටිපත‍්තියා සමාදපෙති. එත‍්තාවතා ඛො මහානාම, උපාසකො අත‍්තහිතාය ච පටිපන‍්නො හොති පරහිතාය චාති.”
යනුවෙනි. සිංහල තේරුම නම්:-
“මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ අන්‍යයන් ද ශ්‍රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද, තෙමේත් සීලයෙන් යුතු වූයේ අනුනුත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් අන්‍යයන් ද ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ අන්‍යයන් ද මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ අන්‍යයන් ද සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ අන්‍යයන් ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ අන්‍යයන් ද අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්‍රතිපන්න වූයේ අන්‍යයන් ද ධර්මානුධර්මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද, මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි”
මෙම දේශනාවේ අංග මෙසේ ය.
- යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ අන්‍යයන් ද ශ්‍රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද,
- තෙමේත් සීලයෙන් යුතු වූයේ අනුනුත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද,
- තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් අනුන් ද ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද,
- තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ අන්‍යයන්ද මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද,
- තෙමේත් සදහම් අසනු කැමැත්තේ අනුනුත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද,
- තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ අන්‍යයන් ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද
- තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ අන්‍යයන් ද අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද
- තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්‍රතිපන්න වූයේ අන්‍යයන් ද ධර්මානුධර්මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද,
මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි” යන අංග අටකින් උපාසක තෙමේ පිහිටා ක්‍රියා කළ යුතු බව තථාගත බුදු රදහු වදාළ සෙක.
දසවත්ථුක මිත්‍යා දෘෂ්ටිට හා කොමියුනිස්ට්වාදය
1848 ප්‍රකාශයට පත් කළ, කොමියුනිස්ට්වාදයේ අත්තිවාරම වූ මූල ප්‍රකාශන දෙකින් එකක් වන, කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් මෙසේ කියති.
“විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
කාල් මාක්ස් හා පෙඩ්රික් එංග්ල්ස්ගේ මෙම ඉගැන්වීම අනුව තථාගත සම්බුදු රදුන් සහ සම්බුදු රදුන් විසින් දෙසන ලද ශ්‍රී සද්ධර්මය ද ඒ ධර්ම මාර්ගයෙහි ප්‍රතිපත්ති පුරන මහා සංඝ රත්නය ද බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකා යන සියලු ගිහි තථාගත ශ්‍රාවක පිරිස ද ප්‍රතික්ෂිප්ත වේ. කිසිදු ලෙසකින් සම්බුද්ධ ශාසනය පිළිගැනීමක් සිදු නො වේ.
පෙඩ්රික් එංගල්ස් විසින් කොමියුනිස්ට්වාදයේ මූලධර්ම (1847) නම් ප්‍රකාශනය ආරම්භ කරන්නේ මෙසේ ය.
“1 වන ප්‍රශ්නය:- කොමියුනිස්ට්වාදය යනු කුමක් ද?
පිළිතුර:- කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම ය.”
ඉහත සඳහන් ප්‍රකාශය මත එංගල්ස් විසින්, සමස්ත කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම නම් ප්‍රකාශනය ගොඩනඟා ඇත.
“කොමියුනිස්ට්වාදය යනු නිර්ධන පංතිය විමුක්තිය කරලීමේ තත්වයන් පිළිබඳ උගැන්වීම ය.” යන ඉහත ප්‍රකාශය ම සම්බුද්ධ දේශනාවට පටහැනි බව කිව යුතු ය. ඒ මත ලියා ඇති සමස්ත කොමියුනිස්ට් ප්‍රකාශනය ම සම්බුද්ධ දේශනාවට පටහැනි වේ.
එංගල්ස්ගේ ප්‍රකාශනයෙහි ඇති ශ්‍රමය සූරා කෑම, සහ වහල් මෙහෙය තථාගත සම්බුදු රදුන්ගේ දේශනාවෙන් ප්‍රතික්ෂේප කොට ඇත. නමුත් සමස්ත කොමියුනිස්ට් ප්‍රකාශනය ම දියත් වන්නේ සම්බුද්ධ දේශනාවේ සඳහන්, මෙලොව පරලොව සැපය හා පරම විමුක්ති සුඛයට බාධක ලෙස දේශපාලන බලය දියත් වන ලෙස ය.
කොමියුනිස්ට්වාදය කිසි ලෙසකින් විඤ්ඤාණවාදය, හෝ විඤ්ඤාණය, මනස, සමඟ කියවෙන, පිං පව්, කුසල්, අකුසල්, කර්මය , කර්ම විපාකය, පෙර භවය, නැවත ඉපදීම හෙවත් පුනර්භවය , තථාගත සම්බුදුවරු, පසේ බුදුවරු, අරහත්, අනාගාමි, සකදාගාමි, සෝතාපන්න අදී සතර මඟ සතර ඵල, ධ්‍යාන අභිඥා ආදී ලෞකික උත්තරීතර මනුස්ස ධරම, දෙවියන් , දිව්‍ය ලෝක, බ්‍රහ්මයන් , බ්‍රහ්ම ලෝක, භූත ප්‍රේත, පිසාච, යක්ෂ, රාක්ෂ, ගාන්ධර්ව, දිව්‍යමය නාගයන් මහ බොසත් ගුණ, සම්බුදු කෙනෙකුන් ලොව පහළ වීමෙන් ඇතිවන සම්බුද්ධ ශාසනය. මතු ද සම්බුදුවරු, පසේ බුදුවරු, හා සම්බුදු සසුන් පහළ වීම, සක්විති රාජ්‍ය, තථාගත් සම්බුදු රජවරුන්ගේ සෘද්ධි බලය, සක්විති රජුගේ, දෙවියන්ගේ, යක්ෂ, දිව්‍ය නාග, බ්‍රහ්මයන්ගේ ආදීන්ගේ සෘද්ධි බලයන් මේ කිසිත් පිළි ගන්නේ නැත. අභිඥා පාදක චිත්‍ත බලය පිළිගනේ නැත. තථාගත් ශ්‍රී සද්ධර්මය පිළිගන්නේ නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන පිළිගන්නේ නැත.
කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් කියන ලද ඉහත දැක්වූ
“විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”
මෙම ප්‍රකාශය සහිත කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කිසිවක් කිසි ම ලෙසකින් කොමියුනිස්ට්වාදීන් කිසිවෙක් ප්‍රතික්ෂේප කොට නැත.
ඔවුහු ද්‍රව්‍යවාදය (භෞතික වාදය) පදනම් කර ගත් දෛලෙන්තික ක්‍රමය පිළිගනිති. නැවත් ඉපදීමක් නැත ය, කර්මය, කර්ම විපාකය නැත ය, පිං පව්, කුසල් අකුසල් නැත ය. යන මතය අනුව ක්‍රියා කරත්.
මාක්ස්ගේ හා එංගල්ස්ගේ මූල් ඉගැන්වීම් අනුව සමස්ත කොමියුනිස්ට් දර්ශනය ම පිහිටා ඇත. ලෝකයේ ඇති කිසිදු ආගමක් ඔවුහු නො පිළිගනිත්. අන්‍ය කිසිදු දර්ශනයක් ද නො පිළිගනිති. කොමියුනිස්ට්වාදියාගේ සියලු බලාපොරොත්තු, සංවර්ධන උපාය මාර්ග සැකසී ඇත්තේ ද්‍රව්‍ය සංවර්ධනය කිරීමෙන් පමණක් ම මනුෂ්‍ය ජීවිතයේ පූර්ණත්වය හෙවත් සැප ලබා ගැනීම ය.
අධ්‍යාත්ම සංවර්ධමය ලෙස ඔවුන් දකින්න්නේ ද්‍රව්‍ය පොදුවේ පරිහණය පමණි. පෞද්ගලික ධනය අහෝසි කොට පොදු දේපොළ සංකල්පය ඔවුහු හදුන්වා දෙති. ඒ සියලු ද්‍රව්‍ය පොදු දේපොළ බවට පරිහරණය වන්නේ රාජ්‍ය මගිනි. ඒ සඳහා කොමියුනිස්ට්වාදියාට රජයක් ඇවැසි ය. ඒ රාජ්‍ය බලය ලබා ගැත හැක්කේ පවතින කොමියුනිස්ට් නො වන රාජ්‍ය බලය පෙරළා දැමීමෙනි. අල්ලා ගැනීමෙනි. පවතින රාජ්‍යයක් නිකම් ම පෙරළා නො දැමිය හැක. පවතින රාජ්‍යයයේ ආරක්ෂක හමුදා සේනා එයට එරෙහි වන බැවින්, ඒ ආරක්ෂක සේනා සමඟ සටන් කළ යුතුය. සටන් කිරීම නම් පවතින ආරක්ෂක සේනා පරාද කළ යුතු පමණට සටන් කළ යුතු ය. එය ද නිකන් ම බැරි ය. ඒ සඳහා ආයුධ, විධිමත් යුද පුහුණුව සහිත පවතින රාජ්‍යයේ ආරක්ෂක සේනා සමඟ සටන් කිරීමට ප්‍රමාණවත් තරම් යුද පුහුණුව ලැබා ගත යුතු ය. එයට විශේෂයෙන් සැඟ වී පහර දෙන ගරීල්ලා සටන් ක්‍රම ද උපාය මාර්ග ද ප්‍රගුණ කළ යුතු ය. හොඳ සංනිවේදන ජාලය ක් ද රහස් බුද්ධි සංවිධානයක් ද තිබිය යුතු ය.
මේ සියල්ල කිරීමට පඩි රහිත, කොමියුනිස්ට් ක්‍රමය උපාදාන කර ගත් පූර්ණකාලීන පක්ෂ සාමාජිකයන් සිටිය යුතු ය. එවැනි සාමාජිකයන් ගොඩ නැගිය යුතු ය.
ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් සංඝ සන්නිපාතය, ජනතා විමුක්ති පෙරමුණ නායකයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පිළිබඳව අප තථාගතයන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් වශයෙන් පැන නගින ප්‍රශ්න රාශියක් ඇත.
එනම්:-
- කොමියුනිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණ නායකයින්, ජාතික භික්ෂු පෙරමුණ භික්ෂූන් වහන්සේලා වෙතින් මිසදිටු කොමියුනිස්ට්වාදය අත්හැර දස වස්තුක සම්මා දිෂ්ටියෙහි පිහිටියේ ද?
- මහානාම සූත්‍රය අනුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකයින් ඇතුලු ජවිපෙ සාමජිකයින් කොමියුනිස්ට්වාදය අතහැර තථාගත බුදුරදුන්, ශ්‍රී සද්ධර්මය, සංඝ රත්නය සරණ ගොස් උපාසක භූමියෙහි පිහිටියෙ ද?
- මහානාම සූත්‍රය පරිදි යම් දිනෙක පටන් ජවිපෙ ක්‍රියාකාරී තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ අන්‍යයන් ද ශ්‍රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද,
- මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් සීලයෙන් යුතු වූයේ අනුනුත්, සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, - මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් පරීත්‍යාගයෙන් යුතු වූයේත් අනුන් ද ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, - මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ අන්‍යයන්ද මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද,
- මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් සදහම් අසනු කැමැත්තේ අනුනුත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, - මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ අන්‍යයන් ද දහම් දැරීමෙහි සමාදන් කරවා ද, - මහානම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී
තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ අන්‍යයන් ද අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද, - මහානාම සූත්‍රය පරිදි, ජවිපෙ ක්‍රියාකාරී තෙමේත් අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්‍රතිපන්න වූයේ අන්‍යයන් ද ධර්මානුධර්මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද,
- දළදා මාලිගාවට පහර දුන් ත්‍රස්ත කල්ලි දෙකකි.
- 02.08 දින ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත කණ්ඩායම
2.1998 ජනවාරි 25 දින ඊලාම් විමුක්ති කොටි සංවිධානය [එල්ටීටීඊ සංවිධානය]
එම ප්‍රහාර දෙකේ පොදු බව
I. සම්බුදු රදුන් නො පිළිගැනීම.
II. ශ්‍රී සද්ධර්මය නො පිළිගැනීම.
III. මහා සංඝ රත්නය නො පිළිගැනීම.
IV. සම්බුද්ධ ශාසනය නො පිළිගැනීම.
V. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සිංහල රාජ්‍ය බලය නො පිළිගැනීම.
VI. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළ අතීත සිංහල රාජ්‍ය උරුමය නො පිළිගැනීම.
VI. බෞද්ධ ආරම, වෙහෙර විහාර, බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධ සංකෘතික උරුමය නො පිළිගැනීම,
VII. ලංකාවාසී බෞද්ධ කුල පදනමේ පැවැත්ම නො පිළිගැනීම.
VIII. ඉදිරියටත් ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය පැවැවැතිය යුතු යයි නො පිළිගැනීම.
යන කරුණු මනෝ මූලිකව ඇති බැවින් එකී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සත්‍යවාදී ලෙස එම ප්‍රහාරය පිළිගෙන සම්බුදු රදුන්ගෙන් සමාව ගෙන හෝ අඩුම වශයෙන් ජාතික භික්ෂු පෙරමුණ නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා හමුවෙහි,
- 02.08 දින ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී දළදා මාලිගාවට පහර දුන් ත්‍රස්ත ප්‍රහාර අපරාධය, වරද වරද වශයෙන් ආරෝචනය කොට වරද පිළිගෙන ඒ වරදට සමාව ගැනීම හෝ සිදු කෙළේ ද යන ප්‍රශ්න සම්බුද්ධ ශාසන වැඩ පතන බෞද්ධ ජනතාව කෙරෙහි ඇති වීම සාධාරණ ය.
මේ පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලාගේ ස්ථාවරය බෞද්ධ ජනතාවට දැන ගැනීම ද සාධාරණ වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස එය හේතු වන බැවිනි.
අධො ලිපි 1,
කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම, පෙඩ්‍රික් එංගල්ස්.
18 වැනි ප්‍රශ්නය:- එම විප්ලවයේ ක්‍රියාකාරිත්වය කෙසේ වනු ඇතිද?
පිළිතුරු:-
ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත. ජනතාවගේ බහුතරය නිර්ධනීන් බවට පත්ව සිටින එංගලන්තයේ නියම ලෙස ද, ජනතාවගේ බහුතරය නිර්ධනීන්ගෙන් පමණක් නොව, කුඩාඉඩම් හිමි ගෝවින්ගෙන් සහ නගරබද ශිල්පීන්ගෙන් සමන්විත ප්‍රංශයේ හා ජර්මනියේ අනියම් වශයෙන් ද ඇති වනු ඇත. මොවුහු තවමත් නිර්ධන පංතිය කරා පරිවර්තනය වීමේ අවධියක පමණක් පසුවෙති. ඔවුන්ගේ දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීමට වඩ වඩාත් පවතින්නේ නිර්ධන පංතිය මත ය. එබැවින් ඔවුනට නිර්ධන පංතියේ ඉල්ලීම සමඟ එක්වීමට ඉක්මනින් ම සිදුවනු ඇත. සමහර විට මේ සඳහා අනිවාර්යයෙන් ම නිර්ධන පංතියේ ජයග්‍රහණයෙන් අවසන් වන තවත් නව අරගලයක් අවශ්‍ය වනු ඇත.
පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි. අද පවතින තත්වයන්ගෙන් පැන නගින ඒ ප්‍රධාන ව්‍යාපාරවල හරය මෙසේ ය.
- පෞද්ගලික දේපොළ අයිතිය සීමා කිරීම; අනුක්‍රමයෙන් වැඩිවන අයබදු; මවුපිය උරුමයෙන් ලැබෙන ධනයට වැඩි අය බදු; වෙනත් පාර්ශවීය නෑ උරුමයෙන් (සහෝදරයන්ගෙන් බෑනෑවරුන් ආදීන්ගෙන්) ලැබෙන ධනය රජයට පවරා ගැනීම; අනීවාර්ය ණය දීම් ආදිය.
- අඩ වශයෙන් රජයේ කර්මාන්තවල තරඟය මගින් ද, අඩ වශයෙන් , කෙලින් ම කොටස් මිලදී ගැනීම මගිම් ද ඉඩ්ම්වල, කම්හල්වල, දුම්රිය මාර්ගවල හා නැව්වල පෞද්ගලික අයිතිය අහෝසි කරලීම.
- ජනතාවගේ බහුතරයට විරුද්ධව කැරළි ගැසූ සංක්‍රමණිකයන්ගේ හා කැරළිකරුවන්ගේ දේපොළ රජයට පවරා ගැනීම.
- පෞද්ගලික දෙපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකයන්‍ට
ශ්‍රම සංවිධානය, නැතිනම් නිර්ධනීන්ට වතුවල, කම්හල්වල සහ හස්ත කර්මාන්තශාලවල රැකියා ලබා දීම මගින් කම්කරුවන් අතර තරඟය අහෝසි කරලීම, තවමත් කම්හල් හිමියන් ඉතිරිවන බැවින් රජය මෙන් ම උසස් වැටුපක් ගෙවීමට ඔවුනට බල කිරීම. - පෞද්ගලික දෙපොළ අයිතිය සම්පූර්ණයෙන් නැති කර දමන තුරු සමාජයේ සියලු සාමාජිකයන්‍ට සමාන අනිවාර්ය ශ්‍රම වැය කිරීමක් ඇති කරලීම. විශේෂයෙන් කෘෂිකර්මය සඳහා කාර්මික ශ්‍රම හමුදාවක් සංවිධානය කිරීම.
- රාජ ප්‍රාග්ධනයක් සහිත ජාතික බැංකුවක් මගින් ණය දෙන ක්‍රමය හා මුදල් වෙළදාම මධ්‍යගත කොට රජය අතට ගැනීම.
සියලු පෞද්ගලික බැංකු සහ බැංකු කාර්යාල වසා දැමීම. - ජාතිය සතු කම්හල් වැඩපලවල, දුම්රිය මාර්ග හා නැව්වල සංඛ්‍යාව වැඩිකිරීම. ජාතිය සතු ප්‍රාග්ධනයේ වැඩිවීමත් සහ කම්කරු පංතියේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ එයට සරිලන ප්‍රමාණයට මෙතෙක් පාවිච්චියට නො ගත් සියලු ඉඩම් වගාවට යට කිරීම සහ දැනට වගා කරන බිම්වල තත්වය යහපත් කිරීම.
- සියලු ළමුන්ට මව්වරුන්ගේ ආධාර නැතිව කටයුතු කරගැනීමට හැකි වූ විට, එතැන් සිට රජයේ වියදමින් රාජ්‍ය නිවාස හා පාසල්වල ඔවුන් ඇති දැඩි කොට අධ්‍යාපනය ලබා දීම, පුහුණුව කම්හල්වල ශ්‍රමය සමඟ එක් කිරීම.
- රටවැසියාගේ පොදු පදිංචිය සඳහා ජාතිය සතු ඉඩම්වල විශාල මාලිගා, මන්දිර ඉදිකිරීම, මේ රට්වැසියෝ කර්මාන්ත හා කෘෂිකර්මයෙහි නියුක්ත වෙමින් නගරවල හා ගම්වල ඇති ඒකතානමයභාවය හා අඩුපාඩු මඟහරවා
නගරයේ සහ ගම්බද ජීවිතයේ උසස් ගුණයන් එක් කරනු ඇත්තාහ. - නගරවල සෞඛ්‍යයට හානි කරන සහ අයහපත් ලෙස ගොඩනගා ඇති සියලු ගොඩනැගිලි විනාශ කර දැමීම.
- විවාහයෙන් සහ එයින් පිට උපන් සියලු ලමයින්ට එක සමාන උරුමයක් ලබා දීම.
- මුළු ප්‍රවාහන සේවය ජාතිය සතු කිරීම.
මෙම සියලු පියවරයන් එකවර ක්‍රියාවට යෙදවිය නො හැකි බවට තර්කයක් නැත. එහෙත් එකක් ක්‍රියාවේ යෙදවීම නිසා අනිකද ක්‍රියාවේ යෙදවීමට සිදුවනු ඇත. පෞද්ගලික දේපොළ අයිතියට විරුද්ධව මූලික ලෙස පහර ගැසීම ආරම්භ කළ හැටියේම, නිර්ධන පංතියට ඒ මඟ ඔස්සේ තව දුරටත් යාමට සිදුවනු ඇත. මුලු මහත් ප්‍රාග්ධනය ද මුලු මහත් කෘෂිකර්මය ද, මුලු මහත් කර්මාන්ත ද මුලු ප්‍රවානය සහ හුවමාරුව ද රාජ්‍ය අත වඩාත් සංකේන්ද්‍රගත කිරීමට සිදුවනු ඇත. ඉහත සඳහන් සියලු පියවරයන් ඒ වෙත යොමු වී ඇත. රටේ නිෂ්පාදන බලවේග නිර්ධන පංතියේ ශ්‍රමයෙන් කොතරම් වැඩි කරන්නේ ද එපමණට එම ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදීම සහ එමඟින් සිදුකරණ මධ්‍යගතකරණය වැඩි වනු ඇත. අවසානයේ මුලු මහත් ප්‍රාග්ධනයත්, නිෂ්පාදනයත්, හුවමාරුවත් ජාතිය අතට පත් වූ විට, පෞද්ගලික දේපොළ අයිතිය ඉබේටම අහෝසි වනු ඇත. මුදල් අතිරික්තයක් බවට පත්වනු ඇත. නිෂ්පාදනය කෙතරම් ලෙස දියුණු වන්නේ ද යත්, මිනිසුන් කෙතරම් දුරට වෙනස් වෙති ද යත්, පැරණි සමාජයේ සබඳතාවයන්ගේ අවසාන ආකාරයන් අතුරුදහන් වනු ඇත.

