Sat. Jan 18th, 2025
Spread the News

බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී තිබේ. බොරැල්ල කනත්ත ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර දෙඅත් ගැටගසා බැඳ දමා සිටියදී සොයාගෙන තිබුණි. මියයන විට ඒ මහතා 51වැනි වියේ පසුවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබූ බවය.

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බවද පොලීසිය කියයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

 

 

Protected by Security by CleanTalk