Spread the News

ජනාධිපතිවරණයේදී මහින්දට ලැබුනු ඡන්ද වලින් ලක්ෂ 10ක් අඩු වුනා ද?

පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ඡන්දය දුන් ලක්ෂ 62ක ඡන්ද හංසයා වට එක් වූ පක්ෂ වලට ඒ ආකාරයෙන්ම ලැබී ඇති අතර මහින්දට ඡන්දය දුන් ජනතාවගෙන් ලක්ෂ 10ක් අඩු වී ඇති බව අවසන් ඡන්ද ප්‍රතිපලයෙන් පෙනේ. එම ලක්ෂ 10ක් වූ ජනතාව මෙවර කිසිවෙකුට ඡන්දය නොදී ගෙදර සිටියා ද?සැබෑ ලෙස සිදුවූයේ විදේශ රටවලින් පවා ගොස් මෙවර මහින්දට ඡන්දය ලබා දීමයි. ඒ අනුව මේ ප්‍රතිපලය ගැන දැඩි සැකයක් මතුවී ඇත.
ඒමෙන්ම මෙවර ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රතිශතය ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

හංසයාගේ ඡන්ද

UNP – 5,098,927
JVP – 543,944
TNA – 515,963
SLMC – 44,193
DP – 28,587
එකතුව – 6,231,614

මහින්ද ගේ ඡන්ද

UPFA – 4,732,669

එජාපයට 106 යි එජනිසයට 95යි ජය එජාපයට

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂය කරට කර සටනක් ලබාදෙමින් පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනූව  මන්ත්‍රී ආසන 106ක්  ලබා ගනිමින් ‍ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූ අතර එජනිසය අවසන් මැතිවරණ ප්‍රතිඵලවලට අනූව මන්ත්‍රී ආසන 95 ක් ලබා ගත්තේය.

අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනූව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රීක්ක 22න් දිස්ත්‍රීක්ක 11 ක බලය ලබා ගැනීමට සමත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රීක්ක 08  ජය ලබා ගැනීමට හැකිවිය.

සමස්තයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඡන්ද 5,098,927 ක් සමගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර  13 ක්ද සමගින් මන්ත්‍රී ආසන 106 ක් ලබා ගැනීමට හැකිවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 4,732,669 ක් සමගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 12 ක්ද සමග ලබා ගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 95 කි.

එසේම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඡන්ද 515,963 ක් සමගන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 2ක් ලබාගෙන පාර්ලමේන්තුවේ මන්ත්‍රීධර 16 ක් ලබාගැනීමට සමත්වී ඇත.

එමෙන්ම ජ.වි.පෙ. ඡන්ද 543,944 සමගින් ජාතිත ලැයිස්තුවේ මන්ත්‍රීධූර 2ක් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධර 6ක් ලබාගැනීමට සමත් වී තිබේ.

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 33,481 ලබාගනිමින්   පාර්ලිමේන්තුවේ  ආසනයක්   ලබාගෙන ඇති අතර මුස්ලිම් කොංග්‍රසයද ආසන එකක් ලබාගෙන ඇත.

ඒ අනූව 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 106 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

European Union vs Sri Lanka