Spread the News


මා මේ සටහන තැබීමට අදහස් කලේ අද හෙටම ඔබ යළිත් රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට යන බව අද පුවත්පත්වලද පලවූ නිසාය.මා මිට පෙරද ඔබගේ ලේකම් වරයාගේ විද්‍යුත් තැපෑලට, මීට විරෝධය ප්‍රකාශකොටමේ ගැන සවිස්තරාත්මක් ලිපියක් එවා ඇත

ජනාධිපති තුමනි, 

දැනට සිටින 30 ක යෝධ  ඇමති මණ්ඩලයද. අද රටේ පවතින ආර්ථික තත්වය යටතේ ඉතා වැඩි බැවින්  එය ද 17 කට අඩුකළ යුතුයයි ජනතාව තරයේ කියා සිටියදී තවත් රාජ්‍ය ඇමති නමින් ඇමතීන් 30-40 පත් කිර්‍රිමෙන් ඔබ  ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්වනු නොඅනුමානය. පොදුපෙරමුනේ මෙන්ම සෙසු පක්ෂවල සිටින කිසිදිනෙක නොසන්සිදෙන ඇමති දොළදුකින් දිවා රෑ පෙලෙන අය සැනසීමට ඔබ එසේ කරන බව අපි දනිමු.මන්ද ඔබේ ජනාධිපතිකම රැකගැනීමට අනිවාර්යෙන්ම එය ඔබ කළයුතු යයි  සිතන  නිසාය. එහෙත් එවැනි තීරණ ගැනීමෙන් නුදුරු අනාගතයේදී ඔබටත් ගොඨාභයට සිදුවූ දේටත් වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනු නියතය. මන්ද මේ අවස්ථාවේ මේ රටේ ජනතාවට  අව්ශ්‍ය ඇමතිවරුන් නොවෙන නිසාය.

ඔවුන්ට පළමුවම අව්ශ්‍ය කුස ගින්න නිවා ගැනිමටය. ඊ ලඟට එදිනෙදා ජීවිතය ගෙනයාමට නැතිවම බැරි අහස උසට  නැග ඇති ජීවන බර අඩුකරගැනීම සඳහා ඔවුන්ගේ ආදායමේ හැටියට දරාගත හැකි මිලකට එදිනෙදා අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබාගැනීමය. ලෙඩට බේත් ටික ලබාගැනිමටය.එසේම මුළුතැන්ගේ වැඩට දැන් නැතිවම බැරි ගෑස් ටික භූමිතෙල්, ධීවරයින්ට ඔවුන්ගේ ජීවිකාව කරගෙන යාමට අවශ්‍ය භුමිතෙල්,මිනිසුන්ට එදිනෙදා  ගමන් බිමන් යෑමට ඉන්ධන, කුඹුරේ සී සෑමට, අස්වනු නෙලා ගැනීමට අත්‍යාව්ශ්‍ය ඩීසල්, කුඹුරට පොහොර, තෙල් සහ ඔවුන්ගේ නිශ්පාදන වලට සාධාරන මිලක් ආදියය

රටේ තත්වය එසේ තිබියදී, පළැමුව ඒ දැවෙන ජනතා ප්‍රශ්න නොවිසඳා තව තවත් කිසිදු වැඩකට නැති රජයට බර මෙන්ම රටටද තවත් බරක් වන ඇමතිවරුන් වැඩිකිරීම දේශපාලන වෂයෙන් සිය දිවි නසා ගැනීමක් බව වසර 70 ගණනක් දේශපාලනය කල ඔබට නොතේරෙන්නේ ඇයිදැයි මට නම් නොතේරේ.ඇමතිවරුන් වැඩිකලාට ජනතාව්ගේ සහාය හෝ ප්‍රසාදය ඔබට  ලබෙන්නේ නැත,ඉන් සිදුවන්නේ ඒ ඇමතිවරුන් සියළුදෙනාම එක්ක රජයත් ඔබත් ජනතා විරෝධතා  සුනාමියකට හසුවී මූදුබත් වීම පමණි.

එබැවින් මේ අවස්ථාවේදි හෝ ප්‍රඥාවන්තව කටයුතු කොට මේ රටට හා ජාතියට ආදරයක් නැති ආත්මාර්ථකාමි දේශ පාලකයින් විසින් ඇදදමා ඇති අඝාධ්යෙන් රට හා ජාතිය ගොඩ ගැනීමට  ඔබ කටයුතු කළ යුතු යයි මම සිතමි. එසේ කළහොත් 2020 දී ඔබෙන් පලාගිය ජනතාව යලිත් ඔබ වටා එක් රොක් වනු ඇත.

 අප සද්භාවයෙන් කියන දේ නොසලකා ඔබ තවත් ඇමතින් ණඩයක් පත්කළොත් ඉන් අප්‍රසාදයට පත්වන්නේ ඔබය. එසේම ඉන් සිදුවන්නේ රට තව තවත් ආර්ථික හා සාමාජික වෂයෙන් අඝාධයටම  වැටීමය.

එම නිසා දැනටම රාජ්‍ය ඇමතිවරුන් වන අමාත්‍යමන්ඩල ඇමතිවරුන් 30 ක් සිටින නිසා රජයේ මුදල් කාබාසීනියා කරන තවත් රාජ්‍ය ඇමතිවරුන් 30ක ණඩයක් පත් නොකරණු මැනවි. ජනතා ප්‍රසාදය දිනාගැනීමට ඔබට අවශ්‍යනම් ඔබ කලයුත්තේ සිටින ඇමති මන්ඩ්ලයත් 17 කට අඩුකිරීමය ති මන්ඩ්ලයත් 17 කට අඩුකිරීමය