Spread the News

May 5, 2021 10:34 am | source: Lanka Lead News

ජනාධිපති තුමා විසින් රසායනික පොහොර භාවිතය නවතා දැමීම සම්බන්ධයෙන් ගත් තීන්දුව ජාතික ගොවිජන එකමුතුව ඉතා අගේ කොට සලකන බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ(05) රාජගිරියේ ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේදී පැවති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙම තහනම ක්‍රියාත්මක කිරීමේදී ගොවීන් අපහසුතාවයට පත් නොවන ලෙස ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය විසඳිය යුතු බවයි.

රසායනික පොහොර සමඟින් බැඳුනු පිටරටින් ගෙන්වන දෙමුහුන් බීජ ප්‍රශ්නයද ඇති නිසා ගොවියා අපහසුතාවයට පත් වීමේ විශාල ඉඩකඩක් පවතින බැවින් ජනාධිපතිතුමාගේ මෙම තීන්දුව ගොවියාගේ කටයුතු කෙරෙහි බලනොපාන ලෙස ක්‍රියාමාගර්‍ තේරීමේ ඇති වැදගත්කමද පෙන්වා දුන්නේය.

මෙහිදී ඔහු අවධාරණය කරණු ලැබුවේ පළාත් පාලන ආයාතන බල ප්‍රදේශ වල එකතුවන අපද්‍රව්‍යය ආශ්‍රිතව කාබනික පොහොර නිපදවා ඒවා ගොවීන්ට ලබා දීමේ වැදගත්කමයි.

මෙහිදී ජාතික ගොවිජන එකමුතුවේ අධ්‍යාපන ලේකම් කේ පී ඩී කරුණානායක මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීමෙන් ඇතිවන ගොවීන් මුහුණ දෙන ගැටළුවට පිළියම් ලෙස විදේශයන්ගෙන් ජෛව පොහොර කෙසේවත් ආනයනය නොකළ යුතු බවයි. එමගින් අපේ රටේ ජෛව විවිධත්වයට බරපතල ලෙස බලපාන බවද ඔහු පවසා සිටියේය.

මේ අවස්ථාවට ධර්මපාල පරපුර සංවිධානයේ නිර්මාතෘ සේනාරත්න ද සිල්වා මහතා සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතාද සහභාගි විය.
https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FLankaLeadNews%2Fvideos%2F132921432189128%2F&show_text=false&width=560