ජර්මානු ජාතික තරුණයා

Spread the News
ජර්මානු ජාතික තරුණයා

source


මෙයට වසර කිහිපයකට ප්‍රථම ඔහු ජර්මනියේ කුමාර ජීවිතයක්‌ ගතකළ තරුණයෙකි. එහෙත් ඒ සැප සම්පත් අනියත බව දැනී, නියත සැපයක්‌ සොයා ඔහු වෙහෙසුණි. තමන් සොයනා සැපය ඇත්තේ බුදු දහමේ බව දැන, ඒ දහම සොයා මෙරටට පැමිණි මෙම ජර්මානු ජාතික තරුණයා බුද්ධ පුත්‍රයෙකු බවට පත්විය. උන්වහන්සේ දැන් ආරණ්‍යගතව බවුන් වඩති. මෙසේ වෙසෙන අතරතුර ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන අයිවෝ වැන්කියුලන්බර්ග් මහතාගේ සම්බන්ධීකරණයෙන් එරට සිට පැමිණි ජර්මානු ජාතිකයන් පිරිසක්‌ සහ මෙම බුද්ධපුත්‍රයන් වහන්සේ අතර හමුවක්‌ යෙදිණි. එහිදී තම මව් රටේ වැසියන්ට උන්වහන්සේ විසින් දහමේ අගය පැහැදූ මේ මොහොත ඉතා සොඳුරු දසුනක්‌ විය. ජායාරූපය- කීර්ති අමරසේකර