Spread the News

ජාඩියට – මූඩිය රැන්කින් හා මූඩි
source:
මෙයට පෙර හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඩේවිඩ් ගැලැඩ්ස්‌ටෝන් මෙරට කටයුතුවලට මැදිහත්වීම නිසා පන්නා දමනු ලැබීය. එම ක්‍රියාදාමය රැන්කින්ටත් සුදුසුය. තවත් හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ වරයෙක්‌ තමාට අවස්‌ථාවක්‌ ලැබුනොත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර තිබීම ඉවත්කරන බව කීවේය

ජෝන් රැන්කින් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ය. රොබින් මූඩි ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ වරිය වේ. මේ දෙදෙනාට මෑතකදී සුව නොවන රෝගයක්‌ ඇතිවී තිබේ.

ඒ උතුරෙන් හමුදා කඳවුරු ඉවත්කර ගැනීමයි. බ්‍රිතාන්‍ය විසින් අයර්ලන්තය හා ස්‌කොට්‌ලන්තයේදණී ඇµaගනිස්‌ථානයද හමුදා කඳවුරු පවත්වාගෙන යයි. ඕස්‌ටේ්‍රලියාවද ඇµaගනිස්‌ථානයේ කඳවුරක්‌ පවත්වයි. මේ එකම කඳවුරක්‌ වත් ඉවත්කර නැත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය රැන්කින් හා මූඩි ශ්‍රී ලංකාව තමන්ගේ යටත්විජිතයක්‌ ලෙස සිතා ක්‍රියාකරන්නේ දැයි යන්නයි.

විදේශ රටවල් මෙරට පාර්ශවවලට නයිට්‌ නාම සහ වෙනත් නම්බු නාම දුන් පමණින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන බව රැන්කින් තේරුම් ගත යුතුය.

මෙයට පෙර හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඩේවිඩ් ගැලැඩ්ස්‌ටෝන් මෙරට කටයුතුවලට මැදිහත්වීම නිසා පන්නා දමනු ලැබීය. එම ක්‍රියාදාමය රැන්කින්ටත් සුදුසුය. තවත් හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ වරයෙක්‌ තමාට අවස්‌ථාවක්‌ ලැබුනොත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කර තිබීම ඉවත්කරන බව කීවේය.

අද ලොව පුරා ඇමරිකානු හමුදා කඳවුරු 1000 කට අධික සංඛ්‍යාවක්‌ පවතී.

එහෙත් කිසිවෙක්‌ එම කඳවුරු ඉවත්කරන ලෙස ඇමරිකාවට නොකියයි. ඇමරිකාවේ රතු ඉන්දියානුවන් වෙසෙන ඕක්‌ල හෝමා ප්‍රාන්තයේද ඇමරිකානු හමුදා කඳවුරු ස්‌ථානගත කර තිබේ. එහෙත් අද වනතුරු එම කඳවුරු ඉවත්කර නැත.

රැන්කින් මෙලෙස උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යෑයි පවසන අවස්‌ථාවේ ලන්ඩන් කොටි බ්‍රිතාන්‍ය ධජය සමග කොටි සමරුව පවත්වනු ලැබීය.

මේ අන්දමට අල්කයිඩා ත්‍රස්‌තයන්ට ලන්ඩන්හි විරෝධතා රැස්‌වීම් පැවැත්විමට ඉඩදෙන්නේදැයි රැන්කින් ප්‍රතිචාර දැක්‌විය යුතුය.

රැන්කින්ලා හා මූඩිලා තානාපතිවරු නොවේ. මොවුන් තානාපති කොන්ත්‍රාත්කරුවන්ය. මේ අන්දමට ඉන්දියාවට ගොස්‌ රැන්කන් කාෂ්මීරයේ ඉන්දීය හමුදා ඉවත් කළ යෑයි කීවොත් ඉන්දීය රජය ඉතා බරපතල ලෙසින් ප්‍රතිචාර දක්‌වනු නියතය.

රැකින්කින්ලා මූඩිලා මෙරට කරන්නේ කුමක්‌දැයි පැහැදිලිය. ඔවුන්ට කේලාම් කියන පිරිස්‌ කොළඹ ස්‌ථානගතවී සිටී.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ නියෝජිතයකු මාධ්‍ය සාකච්ඡාවලට යන්නේ කුමකට දැයි දැන් සනාථ වී ඇත. මින් පැහැදිලි වන්නේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මොවුන් මැදිහත්වීමයි. මීට පෙර නෝර්වේ තානාපති හැන්ස්‌ බ්‍රැට්‌ස්‌කාර් සාම්පූර් මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේය. ඇමරිකානු තානාපතිව සිටි රොබට්‌ බ්ලේක්‌ වන්නි මෙහෙයුම නතර කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය.

හිටපු ජර්මන් තානාපතිවරයාද එවන් උත්සාහයක්‌ ගත්තේය. මේ නිසා රජය මෙම බටහිර තානාපතිවරුන්ට මෙරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට ඉඩදිය යුතුද යන ප්‍රශ්නය ජනතාව හමුවේ පවතී.

කීර්ති