Spread the News

ජාතික ආරක්‍ෂාව සම්බන්ධව දෙමළ සන්ධානය සමග රජයේ එකඟතා නෑ

කීර්ති වර්ණකුලසූරිය source:

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය සමඟ කිසිදු එකඟතාවකට පැමිණීම රජය විසින් ඊයේ (23 දා) ප්‍රතික්‍ෂේප කර ඇත.

සෑම ද්‍රවිඩයන් අට දෙනකුටම එක්‌ සෙබළකු බැගින් සිටින බව දක්‌වමින් වහාම උතුරේ හමුදා කඳවුරු අඩුකරන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා රජයෙන් ඉල්ලා තිබිණි. ඇමරිකාවේ පමණක්‌ හමුදා කඳවුරු 630 කට අධික සංඛ්‍යාවක්‌ තිබෙනවා. එම පසුබිම මත ඇමරිකානු රජය ජාතික ආරක්‍ෂාව ගැන කිසිම එකඟතාවකට පැමිණ නැහැ” යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය. උතුරේ අධි ආරක්‍ෂක කලාප ඉවත් කර ඇති අතර කලින් සිටි ආරක්‍ෂක හමුදා සෙබළුන් සංඛ්‍යාව අඩුකර ඇතැයිද හෙතෙම සැල කළේය.