ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කළ පළාත් සභා මන්ත්‍රී..?

Spread the News

 ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කළ පළාත් සභා මන්ත්‍රී..?

ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කළ පළාත් සභා මන්ත්‍රී..?

By Read Lanka – Fri Feb 07, 7:00 am

source:

sinhakodiyaමුලතිව් ඔලම්මාඩු විදුහලේ පැවැති ක්‍රීඩා උළෙලේදී ජාතික කොඩිය එසවීම උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් ප්‍රතික්‍ෂේප කරඇතැයි වාර්තා වේ.මෙම ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස තුරෙයිරාජාට ඇරයුම් කර තිබිණි.

එමෙන්ම පසුගියදා (4)ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවූ දෙමළ ජාතිකයෙකුට නාඳුනන පුද්ගලයෙකු එල්ල කල ප්‍රහාරයක් හේතුවෙන් බරපතල තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවටද වාර්තා වේ.

ආරාලිහි පදිංචි තම්බිපිල්ලෙයි මහේන්ද්‍රරාසා නැමැත්තා මෙලෙස පහර ලබා රෝහල් ගත කර ඇත. ශ්‍රී ලංකාවේ 66 වන නිදහස් දිනය නිමිත්තෙන් තම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට මෙම පුද්ගලයා සිංහ කොඩිය ඔසවා ඇත. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මුහුණ ආවරණය වන අන්දමේ හිස් වැසුම් පැලදී පිරිසක් ඔහුට පහර දී ඇත. මින් ඉදිරියේදී සිංහ කොඩිය අතින්වත් අල්ලන්නේ නැති බව ප්‍රකාශ කරමින් ඔහුගේ පවුලේ සමාජිකයින් හඬා වැටීමෙන් පසු ප්‍රහාරකයින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.ඔවුන් පිටව යන විටදී, ශ්‍රී ලංකා ජාතික ධජය විසි කරදමා ගොස් ඇත