දකුණු ඉන්දියාවේ දමිළ ජනතාවට වසර තුන්දහකට එහා ගිය ඉතිහාසයක් හා අනන්‍යතාවයක් තිබෙනවා.
ඇත්තෙන්ම දමිළ වර්ගයාගේ භාෂාව වූ ද්‍රවිඩ භාෂාව පොහොසත් සාහිත්‍ය භාෂාවක් බවට පත්කිරීමට දමිළ උගතුන්ගෙන්ද විශාල දායකත්වයක් ලැබුණා.
බහුතරය හින්දුන් වූ දමිළ ජනතාවගෙන් කොටසක් බුදු දහම වැළඳගෙන භික්‍ෂූන් බවටත් පත්වුණා.
දකුණු ඉන්දියාවේ දමිළ ජනතාවට
මෙන්ම ශ්‍රී ලංකාවේ උතුරේ දමිළ ජනතාවටද කණකොකා හැඬලීම ඇරඹුණේ දකුණු ආසියාවට පෘතුගීසින් පැමිණි දිනයේ සිටයි.
දමිළනාඩුව සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි කර ගැනීමට බැරිවීම නිසා ශ්‍රී ලංකාවේ උතුරට අතගසා, සාමකාමී හින්දු ජනතාව සිංහල බෞද්ධයින්ට එරෙහිව උසිගන්වා
මුළු ලංකාවම අපායක් බවට පත් කළා.
විශේෂයෙන්ම කතෝලික පල්ලිය දමිළ මිනිසුන්ගේ මොළ සෝදමින් කළ විනාශය නිසාම ශ්‍රී ලංකාව තුළ දමිළ අනන්‍යතාවයකට සුවිශේෂී පිළිගැනීමක් අනාගතයේදීවත් නොලැබෙන තත්ත්වයක් ඇති කර තිබෙනවා.
ආනන්ද විජේපාල ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරන විට සිංහල උච්චාරණයේදී අපහසුකමක් තිබෙන බව ආරම්භයේදීම මා හට පැහැදිළි වුණා. එහෙම හරි සිංහල කතා කිරීම ගැන මා තුළ ඇතිවුනේ සතුටක්.
සිංහලයන් දමිළයන් වූ අවස්ථා පැහැදිලි කරන ප්‍රබලම සාක්ෂිය නම් ගුණරත්න ගුණරත්නම් ලෙසද, ඥානරත්න ඥානරත්නම් වීමද, බාලචන්ද්‍ර බාලචන්ද්‍රන් වීමද පෙන්වා දියහැකියි.
අතීතයේදී දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා සිංහලයින් නම් වෙනස් කර වාර්ගිය අනන්‍යතාවයද වෙනස් කර ගත්තා මෙන්ම බටහිර ආක්‍රමණවලින් පසුව දකුණට ආ දමිළයින් සිංහල නම් ආරූඪ කර ගැනීමද සිදුවුවත්, දැන් එසේ නොවන්නේ ඇයිද යන්න විමසා බැලීම සමාජ විද්‍යා හා මානව විද්‍යාඥයින්ට පැවරී ඇති කාර්යයක්.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ (පල්ලියේ සංග්‍රහ නිසා) කියා ප්‍රසිද්ධියේ කියන වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරු විසින් අමතක කර ඇති වැදගත් සාධකය නම්, කැමති කැමති කෙනෙකුට තම ආගම වෙනස් කිරීමටත් නම් වෙනස් කිරීමටත් අනන්‍යතාවය වෙනස් කිරීමටත් තරම් නම්‍යශීලී බවක් ලැබී ඇත්තේ බුදුදහම විසින් උගන්වා ඇති අවිහිංසාව, මෛත්‍රිය, ඉවසනසුළු බව, සහෝදරත්වය නිසා බව යන්නය.
මීට එක් කදිම ජීවමාන උදාහරණයක් නම් 1505දී කඩුව සහ බයිබලය රැගෙන කොලොම්තොටට ගොඩ බැස කෝට්ටේ රජතුමන්ගෙන් ගෙරිහමක් එළා ගැනීමට පමණක් අවසර ඉල්ලා එය ලබාගෙන ඉන්පසුව එහි බලකොටුවක් තනාගෙන මුළු ලංකාවම ගෝවේ පෘතුගීසි පාලනයට ඈඳා ගැනීමට ගත් දීන උත්සාහයයි.
ශ්‍රී ලංකාවේ සම්පත් පෘතු පෘතුගාලයට පැටවීමටත් තනිකරම බොරුව මත රචනා වූ බයිබලය මුලා වූ සිංහල බෞද්ධයින් අතට පත් කිරීමත් මේ හැම තක්කඩි වැඩකටම
ආක්‍රමණිකයාට ශක්තිය ලැබුණේ
සිංහලයාගේ නිවට කමක් නිසා නොව නම්‍යශීලී බවත් ඉවසන සුළු බවත් නිසායි.
ඉතිහාසය අලුතින් ලිවීමේ අවශ්‍යතාවයක් නැත. අලුතින් ජාතියක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක්ද නැත. මන්ද මූළික වශයෙන් ඉතිහාසය පුරාම ලියැවී ඇත්තේ සිංහල බෞද්ධ රටක ඉතිහාසයක් නිසයි.
බංකොලොත් දේශපාලනයකට මුවාවී සිංහල බෞද්ධ අනන්‍යතාවයට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් දමිළ වේවා මුස්ලිම් වේවා මේ කිසිම ජන වර්ගයකට කිසිදාක ඉඩක් ලැබෙන්නේ නැත.
යටත් විජිත සාධකය නිසා ලෝකයේ විවිධ රටවලින් එංගලන්තයට පැමිණි විවිධ ජාතීන් ජනවාර්ගිකයින්, වාර්ගිය හා ආගමික අනන්‍යතාවය අත්හැර දමා බ්‍රිතාන්‍ය වැසියන් බවට පත්වී ඒ රටෙන් ගතහැකි උපරිම ලාභ ප්‍රයෝජන ලබමින් සුවසේ ජීවත් වෙති.
කතෝලික පල්ලියේ උසිගැන්වීම් නිසා ශ්‍රී ලංකාවට රිංගා ගත් හැම මිනිසාම කියන්නේ ඔවුන්ගේ නිජභූමිය ශ්‍රී ලංකාව බවයි.
ඒ සඳහා ඔවුන්ට අවසර ඇත්තේ ඔවුන් බුදුදහම වැළඳගැනීම කෙසේේ වෙතත් ඔවුන්ට අනිවාර්යෙන්ම කැමති නම් නම් ගම් වාසගම්ද වෙනස් කරගෙන හෝ නොගෙන සිංහලයින් බවට පත්වීමයි.
වාර්ගික හා ආගමික ආතතීන් අවම කරගෙන ශ්‍රී ලංකාව දියුණුවේ හිණිපෙත්තටම ගෙන ආ හැකි වන්නේ එදිනට පමණක් බව ඉඳුරාම පවසනු කැමැත්තෙමි.
(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
09.10.2025
