Spread the News

ජිනීවාහිදී කුමන්ත්‍රණය එළිදකී
source:
* ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව අගයමින්
   යුද අපරාධ ගැන සොයන්නැයි සම්බන්ධන් මානව හිමිකම්
   සමුළුවට ලිපියක්‌ යවයි

* නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා
   ශ්‍රී ලංකාව යුද අපරාධකරු කිරීමට දැඩි උත්සාහයක යෙදේ

* ආනන්ද සංගරීගේ පුත් හැරී ආනන්ද සංගරී
   කොටි කණ්‌ඩායමක්‌ සමග මානව හිමිකම් සමුළුවේ

* කොටි කොඩිය හා ඇමරිකානු කොඩිය ජිනීවාහිදී ලෙළදේ

“සතුරන් අවස්‌ථාව එනතුරු බලා සිටියි” – රුසියානු අගමැති පුටින්

යුරෝපා කොටි ජාලය විසින් පසුගිය 26 වැනිදා ලෙබනනයේ සිට ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා වෙත මාරි කොල්වින් නමැති කැරැලිකරුවන් සහ ත්‍රස්‌තවාදීන් සමග දැඩි සබඳකම් පවත්වන බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනිය ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඇයට පැවරී තිබූ රහස්‌ කාර්යභාරය වූයේ කොටි ත්‍රස්‌ත නායකයන් යටත්වීමට කැමැත්ත පළ කර තිබූ බවත් එහෙත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඝාතනය කළ බවත් මානව හිමිකම් සමුළුව වෙත පැවසීමයි. මෙකී ඉලක්‌කය නම් සාවද්‍ය සුදුකොඩි කතාව රටවල් 47 ක්‌ ඉදිරියේ පවසා ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට පත් කිරීමයි. 2001 අප්‍රේල් මසදී ඇය කොටි නායකයා හමුවීම සඳහා වන්නියට ගොස්‌ ආපසු එන අතරේ හමුදා වෙඩි ප්‍රහාරයකට ලක්‌වී එක්‌ ඇසක්‌ ද අන්ධ කරගත්තාය. ඇය වන්නියට ගිය ආකාරයට ලෙබනනයේ සිට හොරෙන් සිරියාවට ගොස්‌ සිරියානු රජයට එරෙහි ත්‍රස්‌තවාදීන් සමග කටයුතු කරද්දී හමුදා ප්‍රහාරයකට ලක්‌වී මියගියාය.

මෙය දිට්‌ඨ ධම්මවේදනීය කර්මයක්‌ පල දීමකි. ඇය ජිනීවා වෙත පැමිණීමට සැලසුම් කළේ කොටි ජාත්‍යන්තර ජාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාක්‌කි දීමටය. ආරක්‍ෂක අංශ සමග සටනේදී කොටි මියයනු ඇතැයි ඇය තරයේ විශ්වාස කළ නමුත් කොටි පරාජය වී මියයැම නිසා කෝපයට ද, අපේක්‍ෂා භංගත්වයට ද පත්වූවාය. ඇගේ හදිසි අභාවය කොටි ජාලයට ඉවසුම් දුන්නේ නැත. “යුද අපරාධ ගැන සාක්‌කි දීමට සිටි එකම සාක්‌කිකාරිය වූ මාරි කොල්වින් අපට අහිමිවීම ගැන අපේ බලවත් ශෝකය පළ කරන්නෙමු”යෑයි කියමින් කොටි ජාලය විසින් ශෝක ප්‍රකාශයක්‌ ද නිකුත් කෙරිණි. කොටි ත්‍රස්‌තවාදීන් සමග දැඩි සබඳකම් පැවැත්වූ ඇය මරුමුවට පත්වීම ගැන ලන්ඩන් නුවර බී.බී.සී. සේවාවේ කොටි හිතවාදියකු ද වැලපුණේය.

ඇය මියයැමෙන් පසු එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික ප්‍රධානී විජේ නම්බියාර් ප්‍රකාශයක්‌ කරමින් තමා සහ රොබට්‌ බ්ලේක්‌ වන්නියට යැමට උත්සාහ කළ බවත් රජය ඊට ඉඩ දුන්නේ නැතැයි ද කියා සිටියේය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ගෙන එන බව ඇමරිකාව විසින් ප්‍රකාශ කිරීමත් සමගම මෙතෙක්‌ සැඟවී තිබුණ ඇමරිකානු න්‍යායපත්‍රය හෙවත් කුමන්ත්‍රණය හෙළි විය. මේ ඇමරිකානු කුමන්ත්‍රණය මෙහෙයවීම භාරවී තිබුණේ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ රොබට්‌ බ්ලේක්‌ටය.

2009 මැයි 19 වැනිදා කොටි පරාජයවීමත් සමගම රොබට්‌ බ්ලේක්‌ට අවශ්‍ය වූයේ කොන්දක්‌ නැති ජනාධිපති, ආරක්‍ෂක ලේකම්වරයකු හා ආරක්‍ෂක හමුදාවක්‌ මෙරට ස්‌ථාපිත කිරීමයි. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ විය. ජිනීවාහි ඇමරිකානු නියෝජිත අයිරින් මොනනෝ ද එසේ මෙසේ රාජ්‍ය නිලධාරිනියක්‌ නොවේ. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඇගේ කාර්යාලයෙන්ම විදෙස්‌ තානාපතිවරුන්ට පමණක්‌ නොව කොටි හිතවාදී වෙබ් අඩවිවලට ද ලැබී ඇත. මෙය එක්‌සත් ජාතීන්ගේ සදාචාර ක්‍රමවේදයට මුළුමනින්ම පටහැනිය. මේ ඇමරිකානු යෝජනාවෙන් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, උතුර නැගෙනහිරට බලය ලබාදීම, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ඉඩදීම යන කරුණු ඉටු කළ යුතු යෑයි දක්‌වා තිබිණි.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා රජයේ දූත කණ්‌ඩායමට සිදුවූයේ “ඩේවිඩ් සහ ගොලයන්” වැනි සටනකට මුහුණදීමටය. එහෙත් අධික ශීතල දේශගුණික තත්ත්වය මත ඔවුහු විදෙස්‌ රාජ්‍ය නියෝජිත කණ්‌ඩායම හමුවෙමින් ඇමරිකානු සටනට ප්‍රතිචාරය දැක්‌වූහ.

මෙකී වාතාවරණය මැද කොටි ජාලයට ද වැරැදුණි. ඔවුහු ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරිපස භූමිය සොහොන් පිටියක්‌ බවට පත් කළහ. ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙහිදී පැවැත්වූ විරෝධතාවයේදී කොටි ධජය සමග ඇමරිකානු ධජය ද, බ්‍රිතාන්‍ය ධජය ද එසවීමට ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා යෝජනාවේ පසුබිම සනාථ විය. 27 වැනිදා සඳුදා සවස 2 ට ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය වෙත පැමිණෙන ලෙස ස්‌විට්‌සර්ලන්තයේ බර්න්, බියනේ, සුරීච්, ලුගානෝ, සුග්, බාසල්, ෂොප්ගසන් යන නගරවල කොටි ඒජන්තවරුන් ඉල්ලීමක්‌ කළත් පැමිණ සිටියේ හයසීයකට සමාන පිරිසකි. මේ විරෝධතාව සංවිධානය කර තිබුණේ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ කණ්‌ඩායමයි.

කොටි ජාලය විසින් පසුගිය සඳුදා මෙම විරෝධතාව ඇරැඹීමට පෙර පෙරවරුවේදී මානව හිමිකම් සමුළුව ආරම්භ විය. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත් හැරී ආනන්ද සංගරී නමැති කොටි හිතවාදියා හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමග මානව හිමිකම් සමුළු ශාලාවේ අසුන්ගෙන සිටියේය.

එසේම ශ්‍රී ලංකාවෙන් පැමිණි දූත කණ්‌ඩායම පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට තවත් කොටි දෙදෙනකු ද යොදවා තිබිණි. හැරී ආනන්ද සංගරීගේ සහායට ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ දෙනෙක්‌ ද පැමිණ සිටියහ. මේ කොටි හිතවාදියාගේ ඡායාරූපයක්‌ ගැනීම නිසා ඔහු ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නියෝජිතයා වෙත පැමිණිල්ලක්‌ කරමින් තමාගේ ජීවිතයට තර්ජනයක්‌ වී ඇතැයි පවසා ඇත.

මේ පසුබිම යටතේ හැරී ආනන්ද සංගරී සමීපයේ අසුන්ගෙන සිටි රාජ්කුමාර් නමැත්තා ශ්‍රී ලංකාවෙන් ගිය අරුන් තම්බිමුත්තු සමග වාදයකට එළැඹිණි.

“මගේ තාත්තයි, අම්මයි අමු අමුවේම මැරුවේ කොටි”යෑයි කියමින් රාජ්කුමාර් වෙත දැඩි ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට අරුන් ක්‍රියා කළේය. මේ අතරේ බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් රාජ්කුමාර් නමැත්තා ශ්‍රී ලංකාවට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ පසුබිම හෙළි කළේය.

“අපට අවශ්‍ය මේ රජය පෙරළා දැමීමටයි. මේ රජය සිටින තුරු අපට ඊළම ලබාගන්න බැහැ. ඒ නිසා අපි ඇමරිකා, බ්‍රිතාන්‍ය, කැනඩා යන තානාපතිවරුන් හමුවී රජය ඉවත් කරන්න යෑයි බලපෑම් කරනවා” යෑයි ඔහු අනාවරණය කළේය.

රා- කුමාර් නමැත්තා මේ ප්‍රකාශය කර පැය කීපයකට පසු මානව හිමිකම් සමුළුව ඇමතූ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ජෙරොම් බුවන්ට ද ශ්‍රී ලංකාවේ රජය වෙනස්‌ කිරීමේ අවශ්‍යතාව මතු විය. මෙලෙස විදෙස්‌ සතුරන් ඒකරාශි වී කොටි පැරද වූ රජය බිඳ දැමීමේ කුමන්ත්‍රණ සැලසුම දියත් කරන අවස්‌ථාවේ එන්.ජී.ඕ. සතුරන් ද ඊට සෘජුව සහාය දක්‌වා ඇත.

පසුගිය ඉරිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිටින ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති එන්.ජී.ඕ. ප්‍රධානියෙක්‌ කොටි ජාත්‍යන්තර ජාලය වෙත සංදේශයක්‌ යවමින් මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකාව විසින් ගෙනඑන යෝජනාව වැඩක්‌ නැති බවත් අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර විමර්ශන කොමිසමක්‌ යෑයි පවසා තිබේ.

ඔහුගේ මෙම ප්‍රකාශයට සමගාමීව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන නවයක්‌ ඉදිරිපත්වී ඇත.

මේ අතර කොටි ඒජන්ත රුද්‍රකුමාරන් ප්‍රකාශයක්‌ කරමින් රජිව් ගාන්ධි ඝාතනය වූ බව කියමින් ඊළම ලබාගැනීමේ ප්‍රශ්නය ප්‍රාණ ඇපයට ගැනීමට නොහැකි යෑයි දක්‌වමින් ඉන්දියාවට බැණ වැදී ඇත. “හිටපු රජයේ නිලධාරීන් හා විදෙස්‌ තානාපතිවරු විදෙස්‌ රටවල සිටිනවා. ඔවුන් සමූල ඝාතනයේ සාක්‍ෂිකරුවන්. අපේ මුල්ම පියවර ඔවුන්ගෙන් සාක්‌කි ලබාගැනීමයි”යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ පසුබිම මැද රුද්‍රකුමාරන් විසින් ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානයට අයත් එකොළොස්‌ දෙනකු මෙම 27 සිට මාර්තු 23 දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා ජිනීවා වෙත එවා ඇත.

මෙයට අමතරව මාර්තු 5 වැනිදා ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් දේවගැතියා ද ජිනීවා වෙත පැමිණේ.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්‌වීම සඳහා විදෙස්‌ගත දේශප්‍රේමීන් කණ්‌ඩායම ද ජිනීවාහි රැඳී සිටී. බ්‍රිතාන්‍යයේ ඩග්ලස්‌ වික්‍රමරත්න, ඔස්‌ටේ්‍රලියාවේ මහින්දපාල සහ උදයන් පුවත්පතේ කර්තෘ නොයෙල් නඩේසන්, කැනඩාවේ සිට අයිරා ද සිල්වා, ස්‌විට්‌සර්ලන්තයේ අරුන් තම්බිමුත්තු ඇතුළු පිරිසක්‌ ද මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටී. මේ අතර ශ්‍රී ලංකා අමාත්‍ය කණ්‌ඩායම රැඳී සිටි ජිනීවා හෝටලය වෙත ජිනීවා චන්ද්‍රන් ඇතුළු සිව් දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ පැමිණ නිරීක්‍ෂණ කටයුතුවල යෙදෙන අයුරු දැකගත හැකි විය.

ඔහු සහ කණ්‌ඩායම රාත්‍රි 11.45 වන තුරු එම හෝටලයේ අසුන්ගෙන සිටි බව තවදුරටත් අපට පෙනුණි.

මේ පසුබිම යටතේ රිපෝටර්ස්‌ විතවුට්‌ බෝඩර්ස්‌ (RWB) නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත රහස්‌ ලියෑවිල්ලක්‌ එවමින් ශ්‍රී ලංකාව මාධ්‍ය මර්දනයේ යෙදෙන බව දක්‌වමින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කර ගන්නා ලෙස ඉල්ලා ඇත.

මේ ලියෑවිල්ලට අදාළ සාවද්‍ය තොරතුරු සපයා ඇත්තේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කියන ෙද්‍රdaහීන් කණ්‌ඩායම සහ “කළු ජනවාරි” ෙද්‍රdaහීන් පිරිස්‌ යෑයි සනාථ නොවන්නේද?

මේ තත්ත්වය මැද ඇමරිකානු කුමන්ත්‍රණයේ තවත් පියවරක්‌ හෙළි විය. ඒ ප්‍රභාකරන් ඇතුළු ඝාතක කණ්‌ඩායම විනාශ කිරීමට මුල්වූ 58 වැනි සේනාංකය මෙහෙය වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සාම සාධක බළකායේ උපදේශක ධුරයෙන් ඉවත් කිරීමයි.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවේ නිර්මාතෘ රොබට්‌ බ්ලේක්‌ මානව හිමිකම් සමුළුවට යන අතරේ ප්‍රකාශයක්‌ කරමින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධුරයට පත් කිරීම සුදුසු නැතැයි කියා සිටියේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සංදේශයක්‌ එවමින් වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවූ යුද අපරාධ ගැන සෙවිය යුතු බව පවසා ඇත. ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි ද ඔහු කියා සිටී.

එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මගින් රජයට උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව ලැබෙන බව ද ද්‍රවිඩ ජනතාවගේ නීත්‍යනුකූල හිමිකම් ලබාගැනීමට අවස්‌ථාව හිමි වන බවද සම්බන්ධන් කියා සිටී. සම්බන්ධන්ගේ මේ ලිපියෙන් කියා සිටින්නේ ඇමරිකානු යෝජනාව සම්මත කර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම නොවේද? මේ පසුබිම යටතේ 1971 හිටපු කැරැලිකරුවකු වූ “රංජි මල්ලි” නමැත්තා මානව හිමිකම් සමුළුවේදී මතු විය.

ඔහු කොටි හිතවාදීන් හමුවෙමින් මහත් සතුටකින් යුක්‌තව සිටිනු අපට දක්‌නට ලැබිණි. මෙම වාතාවරණය මැද ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහිව ඇමරිකාවේදී පවරා තිබූ නඩුව විනිසුරු නෙලින් කොටේලි විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මේ නඩුව පවරා තිබූයේ ආර්. මනෝහරන්, ප්‍රේමාස්‌ ආනන්දරාජා නමැත්තන්ය.

කිරුබාහරන් කොටියා යකා නටයි

මේ අතර පෙරේදා (1 දා) සවස ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථාන ශාලාවකදී කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ඔහු ඒෂියන් ටි්‍රබියුන් වෙබ් අඩවියේ කර්තෘ රාජසිංහම්ට ජාතිවාදී කට වහගනින් යෑයි පැවැසීය. රාජසිංහම්ද ඊට ප්‍රතිචාර දක්‌වා නුඹ කට වහගනින් යෑයි කියා සිටියේය. මෙම අවස්‌ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේෂ් සුරේන්ද්‍රන් හා ගැරී ආනන්ද සංගරී ඇතුළු කොටි හිතවාදීන්ද සාම කොමිසම නමින් හඳුන්වාගත් එන්ජීඕ සංවිධානයක්‌ නියෝජනය කරමින් කුමාර් පෙරේරා නමැත්තකුද පැමිණ සිටියේය.

මෙහිද කිරුබාහරන් හා කොටි හිතවාදීන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක අංශය වෙත පැමිණිල්ලක්‌ කරමින් මා ඔවුන්ගේ ඡායාරූප ගන්නා බවක්‌ පවසා තිබිණි.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනකු මා වෙත පැමිණ එක්‌සත් ජාතීන්ගේ ලාංඡනයට ගරුකරන ලෙස ඉල්ලමින් කැමරාව පරීක්‌ෂාවට ලක්‌කළ නමුත් කොටින්ගේ පැමිණිල්ල අසාර්ථක විය.

මාධ්‍ය නිදහස ගැන කතා කරන එන්ජීඕකාරයන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ මාධ්‍ය නිදහස අහිමි කිරීමට ගත් උත්සාහය ඉන් සනාථ විය.

නිලධාරිනියක වූ සමන්තා පවර්ද ඊට සම්බන්ධ වී සිටි අතර රාජ්‍ය නොවන සංවිධාන නවයක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට අවසරය ලබා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර සිට