ජිනීවා දංගෙඩිය ලෑස්‌තියි! ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු 209 ක චෝදනා පත්‍රයක්‌

Spread the News

ජිනීවා දංගෙඩිය ලෑස්‌තියි!
ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු 209 ක චෝදනා පත්‍රයක්‌

කීර්ති වර්ණකුලසූරිය source:

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා 209 කින් යුත් විමර්ශන වාර්තාවෙන් 98 ක්‌ ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කර ඇත. මෙම යෝජනා 98 ට ඇතුළු වී ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා පිළිගැනීම අන්තර්ජාතික අධිකරණය වෙත එකඟවීම යන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණුයි. එහෙත් යෝජනා 111 ක්‌ රජය පිළිගෙන ඇත. පෙබරවාරි 25 දා ආරම්භ වන මානව හිමිකම් සමුළුව හමුවේ රටවල් 24 ක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව සමග සිටින බව මේ වන විට වාර්තා වී ඇත.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවන් වන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමයි.

එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය රුපියල් මිලියන 1200 ක්‌ වෙන්කර ඇති බව රජය සමුළුවේදී පෙන්නුම් කරනු ඇත.

මෙවර මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත ඇමරිකවේ අලුත් යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇති ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලය සම්බන්ධව එක්‌ පිළිවෙතක්‌ හා ශ්‍රී ලංකාව සම්බන්ධව වෙනත් පිළිවෙතකුත් අනුගමනය නොකරන්නැයි මානව හිමිකම් කොමසාරිස්‌වරියගෙන් ඉල්ලා ඇත.

මේ අතර තවත් මානව හිමිකම් නිරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ මෙරටට එවීමට මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.