Spread the News

කීර්ති වර්ණකුලසූරිය Courtesy Divaina

genewa204

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11ක් සිය ඡන්දය ප‍්‍රකාශ කළේය. තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීම ඊයේ (23දා* පැවැත්වුණි.
 යෝජනාවට එරෙහිව චීනය, පකිස්තානය, බංගලාදේශය, එරිත‍්‍රියාව, බොලිවියාව, කියුබාව, පිලිපීනය, රුසියාව, සෝමාලියාව, උස්බෙකිස්තානය හා වෙනිසියුලාව යන රටවල් ඡන්දය දී ඇත.

 යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඉන්දියාව, ජපානය, සුඩානය, සෙනගාල්, ටෝගෝ, නැමීබියා, නේපාලය, මුරුටනියා, ලිබියා, ඉන්දුනීසියා, ගැබොන්, බහරේන්, බුර්කිනොපාසෝ, කැමරුන් යන රාජ්‍ය වේ.

 යෝජනාවට පක්ෂව ඡුන්දය දී ඇත්තේ ආජන්ටිනාව, ඔස්ටි‍්‍රයාව, ආමිනියාව, බහමාස්, බ‍්‍රසීලය, බල්ගේරියාව, චෙක් රාජ්‍යය, ඩෙන්මාර්කය, ෆීජි, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාෂල් ¥පත්, මෙක්සිකෝ, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, බි‍්‍රතාන්‍යය, උරුගුවේ, අයිවරිකෝස්ට් යන රාජ්‍යය වේ.

 මෙම යෝජනාව සම්මත වීමත් සමගම යුද අපරාධ පිළිබ`දව සාක්ෂි ස්ථාපිත කිරීමට දත්ත ගබඩාවක් පිහිටුවීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැවරේ. මෙයට අමතරව මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබ`ද විමර්ශන වාර්තාවක් 2022 මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළ යුතුය.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව අනුව මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුළු සම්බාධක නිර්දේශ කරනු ලැබීය. එමෙන්ම රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කොවිඞ් වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම් ද මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මඟින් හඳුනාගෙන ඇති බව එහි සඳහන් විය.

 ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය යන තේමාව මූලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සඳහා මහා බි‍්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබීය.