Fri. Nov 22nd, 2024
Spread the News

ජිනීවා වාර්තාව ඊළාම්වාදියකුගේ අතේ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කළ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවේ තොරතුරු ප්‍රංශයේ සිටින ඊළාම්වාදියකුට ලැබී ඇත.

මෙම වාර්තාව අගෝස්‌තු 10 වැනිදායින් පසු ප්‍රකාශයට පත්වන බවත් එහි ශ්‍රී ලංකාව වරදකරු කර ඇති බවත් ඔහු සුරිච් නුවර යුරෝපා ගුවන්විදුලිය අමතා ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය නොවන සංවිධානයක්‌ මෙහෙයවන මෙම ඊළාම්වාදියාට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඕනෑම කාර්යාලයකට යාමේ ඉඩකඩද ලැබී ඇත. මෙම පරීක්‍ෂණ වාර්තාව 30 වැනි මානව හිමිකම් සැසිවාරයට (සැප්තැම්බර් 15) ඉදිරිපත් කරන බව මානව හිමිකම් කොමසාරිස්‌ පවසා තිබිණි.

Protected by Security by CleanTalk