Spread the News

ජිනීවා සටන ජය ගන්නට
ශ්‍රී ලංකාවට ප්‍රබල රටවල සහාය

කීර්ති වර්ණකුලසූරිය source:

ලබන මාර්තු මස 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාවට නිසි ප්‍රතිචාර දැක්‌වීම සඳහා රුසියාව, චීනය, පකිස්‌තානය, කියුබාව සහ වියට්‌නාමය යන රටවල් සමග ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කිරීමට රජය තීරණය කර ඇත.

මානව හිමිකම් ඉතිහාසයේ මුල් වරට ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේදී ඉරාක සිවිල් වැසියන් ලක්‍ෂයක්‌ මිය යැම ගැන බ්‍රිතාන්‍යයටද ෙඩ්‍රාaන් ප්‍රහාරවලින් පකිස්‌තාන සිවිල් වැසියන් 5900 ක්‌ මරුමුවට පත්වීමේ සිදුවීම් ගැන ද මානව හිමිකම් සමුළුව හමුවේ ප්‍රශ්න කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මේ නිසා මෙවර මානව හිමිකම් සමුළුව දැඩි උණුසුම් තත්ත්වයක්‌ ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එසේම මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මාර්තු 26 දා ඉදිරිපත් කරන වාර්තාව ගැනද ශ්‍රී ලංකාව අභියෝග කරනු ඇත. මෙම වාර්තාවට අඩංගු කරුණුවල නිරවද්‍යතාව පිළිබඳ ඇය මෙරටින් විමසා නැති අතර එය ඒකපාක්‍ෂිකව සකස්‌ කර ඇතැයි සනාථ වී තිබේ.

යුද අපරාධ දුටු බව කියන 2000 ක පිරිස කවුදැයි හෙළි කරන ලෙස ද ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් සමුළුව හමුවේ අභියෝග කිරීමට නියමිතය.

මෙම සාක්‍ෂිකරුවන් ගැන එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් වාර්තාවේ සඳහන් වී තිබේ. මෙකී සාක්‍ෂිකරුවන් කවුදැයි හෙළිකළ යුත්තේ වසර 20 කට පසුව යෑයි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් වාර්තාව කර ඇති නිගමනය පිළිගැනීමද ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.