ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් 07 ක්
කීර්ති වර්ණකුලසූරිය source:
මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව දංගෙඩියට ගෙන යැමට උත්සාහ කරන රටවල් 7 ක් ගැන හෙළි වී ඇත.
ටියුනීsසියාව, උරුගුවේ, ඉක්වදොaරය, කොස්ටාරිකා, ලැට්පියාව, ස්ලෝවැකියාව සහ ඔස්ටි්රයාව යන රටවල් විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාව සොයා බලන ලෙස මානව හිමිකම් සමුළුව වෙත යෝජනා කර තිබේ.
මෙම රටවල්වලින් පහක් මානව හිමිකම් උල්ලංඝනය කළ රටවල් වේ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණ ප්රඥප්තියට අත්සන් කර නැති නිසා මෙකී රටවල් විසින් එම නිර්දේශ කර ඇත.
එහෙත් ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම ගිවිසුමට ශ්‍රී ලංකා රජය කිසිසේත් අත්සන් නොකරන බව කියා සිටී.