ජෙයරාජ් ගුණ සමරුව හීනටියන පුරාණ විහාරයේදී 6 දා

Spread the News

ජෙයරාජ් ගුණ සමරුව හීනටියන පුරාණ විහාරයේදී 6 දා

source:

කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් අභාවප්‍රාප්ත වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සිව් වන ගුණ සමරු උත්සවය මේ මස 06 වැනිදා හීනටියන පුරාණ පොත් ගුල් විහාරස්ථානයේදී පැවැත්වේ.

හීනටියන පුරාණ පොත්ගුල් විහාරස්ථානයේදී මෙදින පෙරවරු 5.30 සිට දහවල් 12.00 දක්වා ස්වාධීන රූපවාහිනී පෝ දින වැඩසටහන වන “සවනක් රැස්” වැඩසටහන පැවැත්වෙන අතර වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් සමරු ස්මාරකය අභියසදී පෙරවරු 8.30 ට පුෂ්පෝපහාර වැඩසටහනක් ද පැවැත්වේ.

එදින පෙරවරු 9.30 ට හීනටියන ධර්මාලෝක මහා විද්‍යාලයේදී ලේ දන් දීම, නොමිලේ ඇස් කණ්ණාඩි, අක්ෂි කාච, රෝද පුටු, අත්වාරු, විශේෂඥ වෛද්‍ය, දේශීය වෛද්‍ය, මාතෘ පූර්ව ළමා විය හා පාසල් සිසුන් සඳහා විශේෂ සායන පැවැත්වේ.

මෙදින පෙරවරු 11.30 ට හීනටියන පුරාණ පොත්ගුල් විහාරස්ථානයේදී 59 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණවක් පැවැත්වීමට විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සමුර්ධි ප්‍රනාන්දුපුල්ලේ හා භානුක ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු කටයුතු යොදා තිබේ.