ඥනසාර හාමුදුරුවන් හදපු ආණ්‌ඩුවකුත් නෑ
පෙරළපු ආණ්‌ඩුවකුත් නෑ!
රාජිත කියයි
දොස්‌තර රාජිත සේනාරත්න සමග දි අයිලන්ඩ් පත්‍රයේ සී. ඒ. චන්ද්‍රප්‍රේම පැවැත්වූ සාකච්ඡාවකි.
ප්‍රශ්නය – අළුත්ගම කලබලය ජුනි 19 වැනිදා පටන් ගන්නා විට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔබේ සහභාගිත්වය සහිත වැඩසටහනක් පටන් ගත්තා විතරයි. ඔබ ලංකාවේ සිදුවන දේ ගැන දැනගත්තේ කොහොමද?
පිළිතුර – ජුනි 19 වැනිදා, බ්‍රහස්‌පතින්දා ලංකාවේ ප්‍රවෘත්ති මට ලැබුණේ ඉතාම අඩුවෙන්. මා එදා හාවඩ් සරසවියේ සම්මන්ත්‍රණයකයි සිටියේ. ඒ නිසා ජංගම දුරකථනය විසන්ධි කළා. විවේක කාලයේදී දුරකථනය නැවත සන්ධි කළ විට අදාළ අරගලය ගැන මට SMS පණිවුඩයක් ලැබුණා. මම වහාම ඡන්ද කොට්‌ඨාසයේ පොලිසිවලට සහ මගේ ආධාරකරුවන්ට කතා කළා. එළඹෙන ඉරිදා දවසේ බෞද්ධයන් පෙළපාලියකින් නගරය හරහා යන බව මට දැනගන්නට ලැබුණාම මුස්‌ලිම් ප්‍රජාවට දුරකථනයෙන් කතා කළ මා කිසිදු කලබලයක් නොකරන ලෙසත් ඒ පෙළපාලියට යන්නට දෙන ලෙසත් ඉල්ලා සිටියා. එසේම සිංහල නායකයන්ගෙන් ඉල්ලීමක් කළා ඒ පෙළපාලිය නවත්වන්න කියලා. පොලිසියෙනුත් ඒ ඉල්ලීම කළා. පසුව පොලිසිය මට දන්වා සිටියා ඔවුන් පෙළපාලිකරුවන්ට බලය දී ඇත්තේ වාහන හතරකින් පමණක් යැමට විතරයි කියලා. ඒත් මේ වාහන හතරත් එක්‌ක මිනිසුන් දහස් ගණනක් පෙළපාලියේ ගමන් කළා. මේ ඔස්‌සේ තමයි යම් යම් සිද්ධීන් ඇතිවෙලා තිබෙන්නේ. කොල්ල කෑම්, ගිනි තැබීම් වගේ දේවල්… මා බේරුවල ආසනය භාර ගන්නා කාලයේදීත් එවැනි ප්‍රශ්න විටින් විට ඇති වුණා.
මගේ ළමා කාලයේ සිටම මේ පළාත්වල මා මෙවැනි දේවල් දැක්‌කා. මගේ තාත්තා දර්ගා නගරයේ රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාව සිටි 1950 – 1960 ගණන්වලදීත් මේ ප්‍රදේශයේ වාර්ගික ප්‍රචණ්‌ඩත්වය තිබුණා. සිංහලයකු සහ ඉස්‌ලාම්වරයකු අතර පෞද්ගලික ගැටුමක් ඇති වුණත් එය ප්‍රචණ්‌ඩ කෝලාහලයක් බවට පත් වුණා. 2006 දී මා බේරුවල සංවිධායක තනතුර භාර ගන්නට කලකට පෙර ශබ්ද විකාශන පාවිච්චි කිරීම සම්බන්ධයෙන් හටගත් ගැටුමක් මේ ආකාරයේම විශාල කෝලාහලයක් වුණා. මා බේරුවල සංවිධායක වන්නේ 2009 දී. ජාතිවාදී කෝලාහල බවට පරිවර්තනය වීමට ගියා, පෞද්ගලික කෝලාහල කිහිපයක්‌ම මගේ මැදිහත් වීම මත විස¹ ගන්නට හැකි වුණා. අවාසනාවකට මෙදා සැරේ මා හිටියේ පිටරට. අන්තවාදී කණ්‌ඩායම්වලට අවශ්‍ය වෙලා තිබුණා රට තුළ වාර්ගික ගැටුමක් ඇති කරන්නට. තත්ත්වය බරපතළ වීමට මෙයත් බලපෑවා. මා බේරුවල සංවිධායක ලෙස හිටපු පස් අවුරුද්දක කාලය තුළදී අත්හැර දමා වල්වැදී තිබූ පන්සල් ගණනාවක්‌ම ප්‍රතිසංස්‌කරණය කළා.
මේ වැඩවලදී සිංහලයන්ට වඩා මට උපකාර කළේ මුස්‌ලිම් ව්‍යාපාරිකයන්. මේ විදියට පිළිසකර කරපු එක් පන්සලක් තමයි කපුගොඩ පන්සල. පුනරුත්ථාපනය කළ පන්සල නැවත විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා සහභාගි වුණා. එතුමා පුදුම වුණා ඒ උත්සවයට ඇවිත් හිටපු මුස්‌ලිම් පිරිස දැකලා. බේරුවල ඉස්‌ලාමීය උත්සව පවත්වන කොට සිංහලයන් විශාල වශයෙන් සහභාගි වුණා. මැල්කම් රන්ජිත් රදගුරුතුමා කාදිනල්වරයකු බවට පත්වූ විට පයාගල පල්ලියේ පැවැත්වුණු දේව මෙහෙයට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගි වුණා.
ප්‍රශ්නය – ඔබ 2009 දී එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ බේරුවල සංවිධායක වූ පසු සුµS මුස්‌ලිම්වරුන් සහ තව්µsඩ් ජමාන් ඉස්‌ලාමියා සංවිධානය අතර භයානක ගැටුමක් හටගත්තා. තව්µsඩ් කණ්‌ඩායමට අයත් අලුත් මුස්‌ලිම් පල්ලියක් ගිනි තබා විනාශ කරනු ලැබුවා. දෙදෙනකු මරා දැමුවා. මේ තනි සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 130 ක් රිමාන්ඩ් භාරයට පත් කර අධිකරණ ඉතිහාසයට වාර්තාවක් එකතු වුණා. ඔබ මේ සිද්ධියේදී මැදිහත්කාරයකු වුණේ නැද්ද?
පිළිතුර – ගැටුමට මුල් වූ දෙපැත්තේම මවුලවිතුමන්ලාට වුවමනා වුණේ මා ඔවුන්ගේ පැත්ත ගනු දැකීමටයි. එකම ආගමේ අය කා කොටා ගත යුතු බවක් කිසිම ආගමක සඳහන් කර නැති බව මා ඒ අයට පැහැදිලිs කරදී කියා සිටියා. ඔවුනොවුන් අතර තිබෙන වාද භේද මගහරවා ගත හැකි නම් පමණක් ප්‍රශ්නයට මැදිහත් විය හැකි බව නිර්පාක්‍ෂිකව කිව්වා මැදිහත්කරුවකු විය හැකි බව මා ඒ අයට. මේ අතර මා පොලිsසියට දන්වා සිටියා ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට සහභාගි වූ සියලුම දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස.
ප්‍රශ්නය – මේ ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානයක් සහ කතෝලික පල්ලියක් අතරත් ප්‍රශ්නයක් තිබුණා නේද?
පිළිතුර – එක්‌තරා අන්තවාදී සංවිධානයකට අයත් භික්‍ෂූන් වහන්සේලා පිsරිසක් මෙහි සිටියා. අදාළ කතෝලික පල්ලියේ තිබූ සඳකඩ පහනක් සම්බන්ධයෙන් ඔවුන් විරෝධතාවක් මතු කළා. අර්නස්‌ට් පෝරුතොට පියතුමාගේ කාලයේ පටන්ම දේශීය සංස්‌කෘතියට අයත් ලකුණු කතෝලික පල්ලියට හඳුන්වා දීම සිදුකෙරුණා. සඳකඩ පහන කියන්නේ සිංහල ලකුණක් මිස බෞද්ධ ලකුණක් නොවෙයි. එක්‌තරා අන්තවාදී භික්‍ෂුවක් කතෝලික පල්ලියේ තිබූ සඳකඩ පහන පන්සලට එවන ලෙස පියතුමකුට තර්ජනය කර තිබුණා. මේ නිසා ප්‍රදේශවාසී කතෝලිකයන් බලවත් කෝපයට පත් වුණා. මේ අතර සිද්ධියට සම්බන්ධ පන්සලේ දායක සභාව ප්‍රශ්නයට මැදිහත් වී සාකච්ඡා පවත්වා සඳකඩ පහන පල්ලියේම තැබීමට සැලැස්‌වූවා.
ප්‍රශ්නය – අළුත්ගම ගැටුම් පටන් ගන්නේ බොදුබල සේනාව වැනි සංවිධාන ඉස්‌ලාමීයන්ට එරෙහිව පටන්ගත් වෛරීසහගත ව්‍යාපාරයක රාමුව තුළ සිටයි. ඔබ බොදුබල සේනාවේ අය ගැන ඉතා හොඳින් දන්නවා නේද?
පිළිතුර – මා ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන් හොඳට අඳුනනවා. යුද විරෝධී පෙරමුණේ රැස්‌වීම්වලට කඩාපැන ඒවා කඩාකප්පල් කරන්නට උන්වහන්සේ උත්සාහ කළා. මා දන්නා හඳුනන නෝර්වේ ජාතිකයකු සිටිනවා 1960 සිට ශ්‍රී ලංකාවේ පදිංචිකාරයකු වන. ඔහුගේ නම ආනි ෂොටොµa යං. ඒෂියා ටෙලිවිෂන් ආයතනය පටන් ගත්තෙත් ඔහුයි. සිලෝන් – නෝර්වේ පදනම පටන්ගෙන ශ්‍රී ලංකාව තුළ ධීවර බෝට්‌ටු නිෂ්පාදනය කිරීමත් ඔහු කළා. ඔහු දිනක් මට ඩිලන්ත විතානගේ නමැත්තකු හඳුන්වා දුන්නා. පසු කාලයේදී දේශපාලන ක්‍රියාකාරිකයකු වුණත් මට හමුවන දවස්‌වල ඩිලන්ත පරිගණක විශේෂඥයෙක්. ඔහු චන්ද්‍රිකා කුමාරතුංගගේ රෙජිමය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහන් ගණනාවකට ටාරා ද මෙල් සමග වැඩකර තිබෙනවා. දවසක් මගේ මිත්‍රයා වූ ආනි ෂොටොµaට කියා තිබෙනවා නෝර්වේ රටට ගොස් දෙමළ ඩයස්‌පෝරාව හමුවෙන්නට කැමති බව.
ඉතින් මගේ මිත්‍රයා ඒ සඳහා අවශ්‍ය කටයුතු පිළියෙල කළා. ඥනසාර හාමුදුරුවන් සහ තවත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් නෝර්වේ බලා යන්නේ ඒ අනුවයි. මේ ගමනෙන් පස්‌සේ මගේ නෝර්වේ මිත්‍රයා මට කිව්වා ඥනසාර හාමුqදුරුවන් වෙනස් වී සිටින බව. උන්වහන්සේ මා හමුවීමට කැමති බවත් ඔහු කිව්වා. මේ අනුව අප හමුවුණා. “අතීතයේ ඇතිවුණ මතභේද පැත්තකට දමමු. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන් මට තියෙන්නෙත් ඔබට තිබෙන දැක්‌මමයි.
උන්වහන්සේට විරුද්ධව පෞද්ගලික එදිරිවාදිකමක් මා තුළ නැති බව මා ඥනසාර හාමුදුරුවන්ට කිව්වා. අප එකට වැඩ කරන බවට ගිවිස ගත්තා. දිගින් දිගටම සාකච්ඡා කළ අපි ජාතික සමගිය සහ සුළු ජාතීන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා 1000 කගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සමුළුවක් පැවැත්වීමට තීන්දුවක් ගත්තා. මට භාරවෙලා තිබුණේ සමුළු ශාලාව වෙන් කරගෙන ප්‍රවාහනය ඇතුළු සෙසු සියලු පහසුකම් සැපයීමටයි. භික්‍ෂූන් වහන්සේලා සංවිධානය කර ශාලාවට වැඩම කරවීම භාර වූයේ ඥනසාර හාමුදුරුවන්ටය. එහෙත් සමුළුව පැවැත්විය යුතුය කියන තීන්දුවෙන් මාසයකට විතර පස්‌සෙ ඥනසාර හාමුදුරුවන් හලාල් ප්‍රශ්නය මුස්‌ලිම් විරෝධී ව්‍යාපාරයක් පටන් ගත්තා. උන්වහන්සේ තවදුරටත් දෙමළ විරෝධියකු නොවී මුස්‌ලිම් විරෝධියෙක් වුණා. මේ අතර චෙන්නායි නගරයේදී සිංහල බෞද්ධ භික්‍ෂූන් පිරිසකට දෙමළ අය පහර දෙනවා. ඥනසාර හාමුදුරුවන් කියනවා එසේ පහර දුන්නේ දෙමළ අය නොව මුස්‌ලිම් අය කියලා. උන්වහන්සේ තවදුරටත් දෙමළ විරෝධී නොවන්නේ ඇයි? එයට හේතුව නෝර්වේ රාජ්‍යය සමග ඇතිකරගත් අවබෝධතාවක් විය හැකියි. එහෙත් සිංහල භික්‍ෂූන්ට පහර දුන්නේ දෙමළ අය බව ඥනසාර හාමුදුරුවන් ඉතා හොඳින් දැන සිටියා. මට ලැබුණ ආරංචිවලට අනුව බොදුබල සේනාව වෙනුවෙන් සල්ලි විසි කරන්නෙ ඩිලන්ත විතානගේ. මම විතානගේව දන්නවා. ඔහුගේ පරිගණක මධ්‍යස්‌ථානයේ උත්සවවල ප්‍රධාන අමුත්තා හැටියට සහභාගි වෙලත් තිබෙනවා. එහෙත් කිසියම් සංවිධානයක් නඩත්තුවට මුදල් වැය කරන්නට තරම් හැකියාවක් ඔහුට කවදාවත් තිබුණේ නැහැ. ඉතින් ප්‍රශ්නය වන්නේ මේ අයට සල්ලි කොහෙන්ද කියන එකයි.
ප්‍රශ්නය – ආණ්‌ඩුවේ කට්‌ටියක් බොදුබල සේනාව සමග ඉන්න බව මිනිස්‌සු කියනවා…
පිළිතුර – ඔය කතාව පැතිරුණේ කිරම විමලජෝති හාමුදුරුවන් මූලික වුණ භාවනා මධ්‍යස්‌ථානයක් විවෘත කිරීමේ උත්සවයට ගෝඨාභය රාජපක්‍ෂ ගිය නිසයි. උන්වහන්සේ මහත් ගෞරවාදරයට ලක්‌වූ හිමි නමක්. අද වන විට උන්වහන්සේ බොදුබල සේනාව සමග නැහැ. මොකද උන්වහන්සේගේ මට්‌ටමේ කෙනකුට ඥනසාර හාමුදුරුවන්ගේ මට්‌ටමේ කෙනකු සමග වැඩ කරන්නට බැහැ. ඥනසාර හිමියන් භික්‍ෂුවකට නොගැලපෙන විදියට හැසිරෙනවා. උන්වහන්සේ ඉතා කැත විදියට මිනිසුන්ට ගරහනවා. අළුත්ගම පැවැත්වුණු රැස්‌වීමේදී උන්වහන්සේ මටත් සෙසු ඇමැතිවරුන්ටත් පමණක් නොව ජනාධිපතිතුමාටත් අපහාස කළා.
ප්‍රශ්නය – තමන්ට ආණ්‌ඩු හදන්න විතරක් නොව පෙරළන්නත් පුළුවන් බව උන්වහන්සේ කියා තිබෙනවා.
පිළිතුර – උන්වහන්සේ හදපු ආණ්‌ඩුවක් ගැන මා දන්නෙත් නැහැ. පෙරළපු ආණ්‌ඩුවක් ගැන මා දන්නෙත් නැහැ. රටක මූලික දේ නීතිය, සාමය හා ස්‌ථාවරත්වයයි.
සිංහල පෙළගැස්‌ම
අනුර සොලමන්ස්