Spread the News

ගංජා මිශ්‍ර බෙහෙත්, නිෂ්පාදනයට හිමිකම් ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සහ ආයුර්වේද දෙපාර්මේන්තුවේ අනුමත ඖෂධ නිෂ්පාදන ආයතන වලට පමණි. විදේශයන්හි සිට පුද්ගලිකව මෙරටට ගෙන ඒමට සහ ආනයනට ද අනුමැතිය අවශ්‍යය ය.
යමෙක් නීතියානුකූල අනුමැතියෙන් තොරව ගංජා මිශ්‍ර ද්‍රව්‍යයක් ලග තබා ගැනීම, ප්‍රවානය කිරීම, පාවිච්චියට ගැනීම, බෙදා හැරීම, ප්‍රචලිත කිරීම, විකිණීම, මිලට ගැනීම, අනුන්ට හදුන්වා දීම, නීති විරෝධී ය. මේ ගංජා මිශ්‍ර බෙහෙත් ය’යි කියන ද්‍රව්‍ය කුමක් ද? එය දැන ගැනීමට ජනතාවට ඇයිතියක් ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කරන ප්‍රකාශයන්ට වග කිව යුතු ය, උත්තර දිය යුතු ය. ව්‍යවස්ථාදායක බලය ජනතාව සතු ය. වගකීමෙන් බැහැර වීමට කිසිවෙකුටත් ම හිමි කමක නැත.

“නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සිහි ගන්වා ගැනීම ද වැදගත්.

ආරියතිලක
2023.01.04