Spread the News

ඩයස්‌පෝරාවේ කණ්‌ඩායමක්‌  ශ්‍රී ලංකාවට එති

කීර්ති වර්ණකුලසූරිය

ලබන ජනාධිපතිවරණයේ කටයුතුවලට මැදිහත්වීම සඳහා ඩයස්‌ පෝරාවේ කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට පැමිණීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

මේ කණ්‌ඩායමට සිංහල භාෂාව කතා කළ හැකි කීපදෙනක්‌ද අයත් වෙති.

ඩෙන්මාර්කයේ සිට දේව ගැතිවරයකුද මෙරටට පැමිණ ඇතැයි තවදුරටත් හෙළි වී ඇත. මොවුන් පැමිණ ඇත්තේ සංචාරකයන් වේශයෙනි.

කොළඹට තදාසන්න ප්‍රදේශයක සාප්පු සංකීර්ණයක්‌ අසලදී මුණ ගැසුණු ඩයස්‌ පොරාවේ දෙදෙනකු ද්‍රවිඩ භාෂාවෙන් කළ කතාවක්‌ බුද්ධි අංශවලට වාර්තා වී ඇත.