Spread the News

p1 22 5

Courtesy Divaina: මාවනැල්ලේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ‍්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අන්තවාදය ප‍්‍රචාරය කිරීමේ චෝදනාවට රිමාන්ඞ් භාරයේ සිටි තවත් අයකුද ත‍්‍රස්ත විමර්ශන භාරයට ගෙන ඇති බවය. ඔහු කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි. සැකකරු මඩකලපුව පොලිසිය සිදුකළ පරීක්ෂණ කිහිපයකින් පසු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළේය. එම සැකකරු අන්තවාදී මත දරමින් විවිධ ක‍්‍රියාකාරකම්වල නිරතවී ඇතැයි හෙළිවී තිබේ.

සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් 2018 වසරේදී බෝම්බ පිපිරවීම් අත්හදා බැලීමකට ගොස් තුවාල ලබා සිටියදී ප‍්‍රතිකාර කර ඇත්තේ ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරු බව හඳුනාගෙන ඇත.