ඩෝසර් කළ තිරුක්‌කෝවිල් දාගැබ අබියස මහ සඟරුවන අධිෂ්ඨාන පූජාවක

Spread the News

ඩෝසර් කළ තිරුක්‌කෝවිල් දාගැබ අබියස
මහ සඟරුවන අධිෂ්ඨාන පූජාවක
source:
සුසන්ත අමරබන්දු – අම්පාර විශේෂ

පෙරේදා (25 වැනිදා) අම්පාර තිරුක්‌කෝවිල් පොලිස්‌ බලප්‍රදේශයේ ඌරක්‌කෙයි නමැති ප්‍රදේශයේදී නිධන් හෑරීම සඳහා ඩෝසර් කර විනාශ කරන ලද ඉපැරණි දාගැබ අබියස සිට ඊයේ (26 වැනිදා) උදෑසන අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්‍ෂ කිරිඳිවැල සෝමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය මෙවැනි සිදුවීම් නොවේවායි පතමින් අධිෂ්ඨාන පූජාවක නිරත වූහ.

මෙම ඉපැරණි දාගැබ ඩෝසර් කොට නිධන් හාරමින් සිටි ද්‍රවිඩ ජාතිකයන් 07 දෙනකු පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගන්නා ලදී.

මීට මාස දෙකකට කලින් මොට්‌ටෙයාගල පුදබිමේ පාමුල පිහිටි ඉපැරණි දාගැබක්‌ මුළුමනින්ම විනාශ කරලා වී වගාවට ලියදි 03 ක්‌ හැදුවා. දැන් ඊට මඳක්‌ දුරින් පිsහිටි විශාල දාගැබක්‌ දෙපලු වෙන්න ඩෝසර් කරලා විනාශ කරලා. ඒ නිසා අපි අද මෙතෙන්ට ඇවිල්ලා අධිෂ්ඨාන පූජාවක්‌ කරලා මෙවැනි ෙ€දවාචකයන් යළි නොවීමටත් බලධාරීන්ට මේවා රැකගැනීමට අදහසක්‌ ඇති වේවායි කියා ප්‍රාර්ථනා කළා යෑයි ගල්ගමුව පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති හෑගොඩ විමලඥන හිමියෝ පැවසූහ.

මොට්‌ටෙයාගල දාගැබ විනාශ කළාම අපි මහන්සි වෙලා කියලා දවස්‌ ගණනක්‌ ගියාම සැකකරුවෝ දෙන්නෙක්‌ අත්අඩංගුවට ගත්තා. නමුත් පුරාවිද්‍යාවෙන් තවමත් එය සංරක්‍ෂණය කළේ නැහැ. ඒකේ උණුසුම යන්නට කලින් ඊටත් වඩා විශාල දාගැබක්‌ දෙපලු වෙන්න ඩෝසර් කරලා නිධන් අරගෙන. පුරාවිද්‍යාවෙන් මේවා රැකගන්න නිසි පියවරක්‌ ගන්නේ නැහැ. නැගෙනහිර ඉතිහාසය දිනෙන් දින විනාශ වෙද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදියනවා. මෙහෙම ගියොත් අනාගතයේදී අපිට නැගෙනහිර උරුමය දැකගන්න ලැබෙන්නේ නැතැයි අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ කිරිඳිවැල සෝමරතන හිමියෝ පැවසූහ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතනයක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන අයකු ද සිටින බව පැවැසේ. නිධන් හෑරීමට ගෙනා බැකෝ යන්ත්‍රය ඔහු සතු බව ද පැවසේ. ඊයේ (26 වැනිදා) දහවල් වනතෙක්‌ම කිසිදු පුරාවිද්‍යා නිලධාරියකු එම ඩෝසර් කළ දාගැබ අසලට නොපැමිණි බව පැවැසේ.