Spread the News

‘තමාරා ඉවත් කරන්න එපා’
රජීව් ජනපතිගෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් රාජ්‍ය ක්‍රියාකාරි කණ්‌ඩායමේ සභාපතිනි තමාරා කුගනායගම් මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන්නැයි මහාචාර්ය රජීව් විඡේසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇයව ඉවත් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ට බලපෑම් කරන බවද ඔහු කියා සිටී.

ඇය ඉවත් කිරීමට සූදානම් වන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි හෙළිවී නැත. මහාචාර්යවරයා මේ පිළිබඳව අගමැති, විපක්‍ෂ නායක ඇතුළු සියලු දේශපාලන පක්‍ෂ නායකයන් වෙත දැනුම් දී ඇත.