Spread the News

තමිල්නාඩුවේදී සිදුවන හිරිහැර ගැන පියවර ගන්න
– රජය ඉන්දියාවෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලාංකික බෞද්ධ හා ක්‍රිස්‌තියානි වන්දනාකරුවන්ට තමිල්නාඩුවේදී සිදුවන අතවර සම්බන්ධයෙන් නිසි පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජය ඊයේ (4 දා) ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සැප්තැම්බර් 21 වැනිදා සාංචියට යැම ගැනද තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ වයිකෝ සහ තොල් තිරුමාවලන් විසින් තර්ජනාත්මක ප්‍රකාශ කර ඇතැයි රජයට වාර්තා වී තිබේ.

මේ අතර ටි්‍රචිහිදී ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහර දීම ගැන ශ්‍රී ලංකා රජය විසින් චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය කොමසාරිස්‌ කාර්යාලයෙන් වාර්තාවක්‌ ඉල්ලා ඇත.

මේ වනවිට තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික කණ්‌ඩායම් හයකට හා හමුදා නිලධාරී කණ්‌ඩායම් හතරකට කොටි හිතවාදීන්ගේ අතවරවලට මුහුණදීමට සිදුවී ඇත.