තමිල්නාඩු – ශ්‍රී ලංකා අලුත් කොටි සබඳතා හෙළි වේ

Spread the News

තමිල්නාඩු – ශ්‍රී ලංකා අලුත් කොටි සබඳතා හෙළි වේ

source:

කීර්ති වර්ණකුලසූරිය

තමිල්නාඩුව තුළ ක්‍රියාත්මක වන කොටි හිතවාදී සංවිධාන තුනක්‌ සමඟ ශ්‍රී ලංකාවේ හිටපු කොටි සබඳකම් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි සේවා විසින් තවදුරටත් විමර්ශනයක්‌ අරඹා ඇත.

මෙයට අදාළ තොරතුරු ඉන්දු ශ්‍රී ලංකා බුද්ධි සේවා විසින් හුවමාරු කරගන්නා බව ඉහළපෙළේ ආරංචි මාර්ග දක්‌වයි.

මෑතකදී කොටි නීතිපති වූ ලංකේෂ්වරන්ගේ බිරිය සිය සැමියා මළ බව දන්aවමින් ලියවිලි යොමු කර ගමන් බලපත්‍රයක්‌ ලබා තමිල්නාඩුවට යැමට උත්සාහ කළ නමුත් කටුනායකදී ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට අසුවී තිබේ.

ඇය කොටින්ගේ මාලතී ඒකකයේද සේවය කර තිබේ.

ඇයට තමිල්නාඩුවට ඒමට තමිල්නාඩුවේ සිටින හිටපු කොටි සහය වී ඇතැයි සැක කෙරේ. කොටි හිතවාදී ටැමිල් රිටි්‍රවල් ගෲප්, ටැමිල් නැෂනල් පක්‍ෂ සහ ටැමිල් නැෂනල් ලිබරේෂන් ආමි යන සංවිධාන තමිල්නාඩුව තුළ ක්‍රියාත්මක වන බව සනාථ වී ඇත.

මේ අතර වන්නියේ කොටි බංකරයක තිබී හමුදා රහස්‌ ලියෑවිලිවලින් කොටි සංවිධානය සහ තමිල්නාඩුවේ කොටි හිතවාදීන් කව්දැයි හෙළි වී තිබේ.

මෑතකදී තමිල් ඊලම් ආණ්‌ඩුව නමැති ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන සංවිධානය සිය ඒජන්තවරුන් ලෙස තිදෙනකු පත් කර ඇතැයි ඉන්දීය බලධාරීන්ටද වාර්තා වී ඇත.

මේ අතර කොටි පරාජය වුවත් පෝක්‌ සමුද්‍ර සන්ධියේ ආරක්‍ෂාවට එල්ලවී ඇති තර්ජනය තවමත් පවතිනවා. ඉන්දීය නැගෙනහිර නාවික ඒකකයේ රියර් අද්මිරාල් බී. කේ. වර්මා විසින් හෙළි කර තිබේ.