තිරුනවේලි ශ්‍රී ටෙලෝ කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්‌

Spread the News

තිරුනවේලි ශ්‍රී ටෙලෝ කාර්යාලයට
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්‌

සමන් ගමගේ SOURCE:
යාපනය අර්ධද්වීපයේ තිරුනවේලි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ටෙලෝ පක්‍ෂයේ දේශපාලන කාර්යාලයට ඊයේ (29 දා) අලුයම 2.30 ට පමණ කිසියම් පිරිසක්‌ විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ.

ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ ශ්‍රී ටෙලෝ පක්‍ෂ සාමාජිකයන් පිරිසක්‌ එහි සිටි බැවින් එම කාර්යාලය ගිනි ගෙන සිදුවන්නට ගිය මහා විනාශයක්‌ වැළකී ගොස්‌ ඇත.

උතුරේ ජනතාව හා රජයේ පාර්ශ්ව අතර ඇති වන ගැටලුකාරී අවස්‌ථා සමථයකට පත් කරමින් ජාතික සමගිය රැක ගැනීමට මැදිහත්ව ක්‍රියාකරමින් සිටින ශ්‍රී ටෙලෝ පක්‍ෂයේ කටයුතු කෙරෙහි උරණව සිටින කිසියම් දැඩි මතධාරි කණ්‌ඩායමක්‌ මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ආරක්‍ෂක අංශ සැක පළකරයි.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක්‌ ගත වීමට පෙර විදේශගත කොටි හිතවාදී ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ සහ දෙමළ ජාතික සංධානයේ මතය ඉදිරියට ගෙන යන එක්‌තරා වෙබ් අඩවියක්‌ මගින් ශ්‍රී ටෙලෝ සංවිධානය රජයේ ඔත්තුකරුවන් ලෙස ක්‍රියාත්මක වන නිසා උතුරේ ජනතාව මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පවසමින් ප්‍රවෘත්තියක්‌ද පළකර තිබේ.