Spread the News
Author :Karl Marx and Friedrich Engels
Written in
1848 :First published
1848-02 :Germany: Type
Manifesto

ආරියතිලක
2025.09. 20

“වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ආන්දෝලනාත්මක රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියේ දී එම කන්ටේනර් 323 නිදහස් කිරීම අධීක්ෂණය සඳහා පත්කර තිබුණ නිලධාරියා බවත්, එහිදී ඔහු එම අධීක්ෂණ කාර්යභාරයෙන් ඉවත්වී එම කන්ටේනර් 323 නිදහස් කිරීමේ කාර්යභාරයට මූලිකව කටයුතු කර ඇති බවත් නීරීක්ෂණය වෙන බව, මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාව මඟින් ප්‍රකාශ කර ඇති බව, මාධ්‍ය වාර්තා කර ඇත.

“සකල දේශවාසී නිර්ධනයිනි එක් වව්”

ඉහතින් දැක්වූයේ 1848 දී කාල් මාක්ස් හා පෙඩරික් එංගල්ස් යන කොමියුනිස්ට් න්‍යායාචාර්යවරු දෙදෙනා විසින්, ප්‍රකාශයට පත් කරන ලද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය නම් ලියවිල්ල අවසන් කර ඇති ආකාරය ය.

මෙම ප්‍රකාසනය හා මෙයට කලින් 1847 පෙඩ්රික් එංග්ල්ස් විසින් එළි දක්වන ලද “කොමියුනිස්ට්වාදයේ මූලධර්ම” යන ලියවිල්ල ද සමස්ත කොමියුනිස්ට් ව්‍යාපාරයේ මූල න්‍යාය හෙවත් අත්තිවාරම වේ. මේ ලියවිලි දෙක එදත් අදත් කොමියුනිස්ට් ව්‍යාපාරයේ අත්තිවාරම ය. මෙම ප්‍රකාශන දෙකෙහි කිසිදු කරුණක් කිසිදු ලෙසකින් කොමියුනිස්ට් ව්‍යාපාර දේශපාලන විසින් බැහැර කොට නැත. ඊට පසු කොමියුනිස්ටවාදයට ලියන ලද ලිපි, ප්‍රකාශන පොත් සියල්ල ම මෙම ප්‍රකාශන දෙකෙහි කරුණු ස්ථාවර කිරීමට ලියන ලද ඒවා ය.

“සකල් දේසවාසී නිර්ධනයින්ට එක්වව්” කියන මේ ඇරයුම කොමියුනිස්ට්වදීන් කරන්නේ කුමක් සඳහා ද? ඒ එක්වීමේ අංග කුමක් ද? ඒ එක්වීමේ අවසන් ප්‍රතිඵලය කුමක් ද?

මේ සියලු උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය වන්නේ, ඒ මොහොතේ රටේ පවතින, කොමියුනිස්ට් නො වන ආණ්ඩු බලය පෙරළා දැමීමට ය. පැහැර ගැනීමට ය.

රටක කොමියුනිස්ට් නො වන පවතින රජයක් සංන්ද්ධ කැරැල්ලකින් තොරව පෙරළා නො දැමිය හැක. ඒ සඳහා උපාය මාර්ග කොමියුනිස්ට් ව්‍යාපාරයේ උගන්වයි. ආයුධ සංනද්ධ බව එහි ප්‍රධන ම අංගය වේ. ඒ ආයුධ සංනද්ධ සටන් ව්‍යාපාරයක දිණුම පැරදුම තීරණය වන්නේ, ආයුධ සංනද්ධ කමේ බල දුබල කම මත ය. ලෝකයේ සියලු සටන් ව්‍යාපාරවලට මෙය පොදු ය. අවිආයුධ බලය මත සටන තීන්දු ය.

ජනතා විමුක්ති පෙරමුණ 1971 හා 1988/89 කැරැළි දෙක ම අසාර්ථ වූයේ ආයුධ සංනද්ධ කමේ දුබලතාවය හේතුවෙනි. කොමියුනිස්ට්වාදී පක්ෂයක් කොපමණ පැරදුන ද රජය පෙරළා දමා රාජ්‍යය පැහැර ගැනීමේ චේතනාව බැහැර නො වේ.

කොමියුනිස්ට්වාදී රාජ්‍ය, අන්‍ය රටවල කොමියුනිස්ට්වාදී පක්ෂවලට ඒ ඒ රටවල ආයුධ සංන්ද්ධ අරගල සඳහා ආයුධ සපයයි.

චීනයේ පාලනය 1949 ඔක්තෝම්බර 01 දින සියතට ගත්, චීන කොමියුනිස්ට් පක්ෂයට, ඒ සඳහා සෝවියට් රුසියාව විසින් අවි ආයුධ සහ පහසුකම් සපයන ලදී. උතුරු වියට්නාමය හා දකුණු වියට්නාමය අතර ඇති වූ යුද්ධයේදී කොමියුනිස්ට්වාදී උතුරු වියට්නාමයට, චීනය, සෝවියට් රුසියාව, හා උතුරු කොරියාව යන රටවල් සෘජුවම යුද ආධාර ලබා දිණි. ඒ හේතුවෙන් උතුරු වියට්නාමය දකුණු වියට්නාමය පරදා වියට්නාම කොමියුනිස්ට් රාජ්‍ය බිහි කරන ලදී.

කොමියුනිස්ට්වාදීන්‍ට සිටින බලවත් සතුරා නම් පවතින කොමියුනිස්ට් නො වන රාජ්‍යයේ පොලිස් හමුදාව, යුද, ගුවන්, නාවික, ආරක්ෂක හමුදා, සහ ආරක්ෂක බුද්ධි අංශයන් ය.

දනට පවතින ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ය. ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයා රටේ ජනාධිපතිවරයා ය. ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී කොමියුස්ට් පක්ෂයක් බැවින් ඔවුන්ගේ අභිප්‍රාය කවදා හෝ මේ රටේ රාජ්‍ය බලය සියතට ගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පාලනයක් ඇති කිරීම ය. ඒ සඳහා අවසාන ඉලක්කය සපුරා ගැනීමට ඇවැසි ය. එය කෙසේවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ඡන්ද බලයෙන් ලත් ආණ්ඩුවකින් කල නො හැක. හේතුව බහු පක්ෂ ක්‍රමය හා රටේ පවතින නීතිය ය.

එසේ නම් ජවිපෙ 1971 හා 1987/ 88/89 වර්ෂවල ඇති කළ කැරළි පරාද වූයේ බර අවි ඇතුලු ආයුධ නැති කම නිසාවෙනි. දැන් ආණ්ඩුව ඔවුන් අතේ ය. ආරක්ෂක හමුදාවන්හි සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයා ය. ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ද නායකයා ද වේ.
රටේ සියලු ජනතාව කොමියුනිස්ට්වාදයේ නැත. කොමියුනිස්ට්වාදීහු ද ද සියලු ජනතාව තම පක්ෂ සාමාජිකයන් වීම ද අපේක්ෂා නො කරති. නිෂ්චිත ලෙස ම කොමියුනිස්ට්වාදයෙන් බල ගැන්වූ පූර්ණකාලීන සාමාජික පක්ෂ සාමාජිකයන්ගෙන් ඉලක්කය සපුරා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව ය. ඒ මාක්ස් ලෙනින්වාදි ඉගැන්වීම ය.

දැන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආණ්ඩු විරෝධි කැරළි දෙකක් මෙහෙයවූ පක්ෂ නායකයා සතු ය. ආණ්ඩු බලය ද ඔවුන් අතේ ය. එදා ජවිපෙ 1971, 1987/88/89 කැරළි දෙක පරාද වීමට හේතු වූයේ ආරක්ෂක හමුදාවන්ට මුහුණ දීමට හා පහර දීමට අවශ්‍ය පමණට නවීන අවිආයුධ හා සංනිවේදන උපකරණ නොමැති කම ය. නවීන අවිආයුධ හැසිරවීමට පුහුණුව ද තිබිය යුතු ය.

ජවිපෙ පක්ෂ නායකයා චීන සංචාරයේදී චීන සමූහාණ්ඩුවේ හදවත වන චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ විශේෂ සම්බන්ධතා ඇති කර ගැනිණි. මාඕ සේතුං ඇතුලු චීන කොමියුනිස්ට් පක්ෂයට, සියලු පහසුකම් සැළසූයේ එවකට සෝවියට් සමූහණ්ඩුව බව අමතක නො කළ යුතු ය. එම සූත්‍රය ම නැවත නැවත කොමියුනිස්ට් රාජ්‍යවලින් ක්‍රියාවේ නො යෙදෙනවා යයි නො සිතිය යුතු.

පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටකළ මේ රතු ලේබල් කන්ටේනර්වල අන්තර්ගත දෑ විනිවිද බවින් යුතුව රටට එළි නො කරන්නේ නම්, රටේ අනාගත ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවදී රාජ්‍යයේ ආරක්ෂාව බරපතල අවිශ්වාසයකට භාජනය වීම නො වැළැක්විය හැක.

යුද්ධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා පොලිස් හමුදා, හා සියලු ආර්ක්ෂක හමුදා බුද්ධි අංශ හා ජාතික ආරක්ෂක බුද්ධි අංශ මත රටේ ආනාගත ආරක්ෂාවේ වගකීම රැදෙනු ඇති බව කිව යුතු ය. රාජ්‍යයේ සහ ජනතාවගේ සියලු රැකවරණය ආරක්ෂක හමුදා අත බව ද පැහැදිලි ය

Protected by Security by CleanTalk