Spread the News

තුන්වැනියකුට අමුතු චරිතයක්‌ දී
කුළු ගෙඩි පහරින් මියදුණු දොස්‌තර දිනේන්ද්‍ර

* අනුරාගයේ අසම්මතභාවය ඛෙදවාචකයකින් කෙළවරවිය

බටහිර ඔස්‌ටේ්‍රලියාව, පර්ත් නගරයේ ජෙරල්ඩ්ටන් නමැති ප්‍රදේශය හරහා යන ෂෙන්ටන් නමැති පාරේ අංක 6530 දරන තැන ජෙරල්ඩ්ටන් කැම්පස්‌ නමැති ශික්‍ෂණ රෝහල පිහිටියේය. ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල ආණ්‌ඩුවේ රෝහල් නැත. එහි තිබෙන සියලු රෝහල් පෞද්ගලික අංශයට අයත් වන අතර ඒවා පිහිටුවා ඇත්තේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි පෞද්ගලික ආයෝජකයන් විසින් ය. ජෙරල්ඩ්ටන් කැම්පස්‌ රෝහල කුඩා ප්‍රමාණයේ එකකි. ඇඳන් ඇත්තේ 66 ක්‌ පමණි. විවිධ ජාතීන්ට අයත් දොස්‌තරලා සහ නර්ස්‌ලා මෙහි සේවය කළ අතර, අපේ කතානායකයා වූ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයෙන් පැමිණි 36 හැවිරිදි දොස්‌තර දිනේන්ද්‍ර අතුකෝරල ද ඔහුගේ බිරිඳ වූ 34 හැවිරිදි දොස්‌තර චමරි ලියනගේ ද මෙහි සේවය කළහ. රෝහල අසල පිහිටි නිවසක ඔවුහු ජීවත් වූහ. එය ප්‍රීතිමත් ජීවිතයක්‌ බව පෙනෙන්නට තිබිණි. දොස්‌තර චමරි ලියනගේ වැඩි කලබලයක්‌ නැති තරුණියකි. දොස්‌තර දිනේන්ද්‍ර හැම නිවාඩුවකදීම සිය බිරිය සමඟÊකොහේ හෝ සංචාරය කළේය. මෙ දෙදෙනා තුළ වූ ලොකුම අඩුපාඩුව වුයේ මත්පැන් පානයට අධික ලෙස පුරුදු වී සිටීමයි. ඔස්‌ටේ්‍රලියානු සංස්‌කෘතියට අනුව මත්පැන් පානය නරක පුරුද්දක්‌ හෝ සමාජ විරෝධී ක්‍රියාවක්‌ හැටියට නොසැලකේ. නූතන ඔස්‌ටේ්‍රලියන් තරුණ පරපුරේ වැඩිදෙනා වතුර වෙනුවට බොන්නේ බීරය.

2014 වසරේ ජුනි මාසය මුල සතිඅන්ත රාත්‍රියකදී දිනේන්ද්‍ර – චමරි දොස්‌තර යුවළ පර්ත් නගරයේ පිහිටි ඔවුනට හොඳටම හුරු පුරුදු හෝටලයට ගියේ රාත්‍රි ආහාර පිණිසය. චමරි සිංහල කෑමවලට ඉතා ප්‍රිය කළ කෙනෙකි. මේ හෝටලයේ සිංහල කෑම වර්ග නැතත් චීන කෑම විය. ප්‍රධාන චීන ආහාර වට්‌ටෝරුවල ප්‍රධාන අංගයක්‌ වන්නේ බත් ය. ඒවා sඑසජනැහ Rසජැ හෙවත් ඇලන සුළු කිරිබත් වැනි බත් වර්ගයකි. චමරි මේ බත්වලට මහත් සේ ආසා කළාය.

බත් චිලි චිකන් සහ වෙජිටබල් චොප්සුයි ඇනවුම් කළ චමරි සහ දිනේන්ද්‍ර ඒවා එනතුරු විස්‌කි පෙග් එක බැගින් (මිලි ලීටර් 60 – 40 අතර ප්‍රමාණයක්‌) පානය කළහ. ඒ අතර ඔවුන්ට වම් පැත්තෙන් වූ මේසයක විස්‌කි වීදුරුවක්‌ තොලගාමින් හුදෙකලාව සිටි 17 හැවිරිදි සුන්දර සුදු ජාතික තරුණියක්‌ ඔවුන් දෙස බලා හිතකාමී සිනාවක්‌ පෑවාය. දොස්‌තර යුවළ ද පෙරළා ඔවුන් සමඟ සිනාසුනහ. ඊළඟ මොහොතේදී ඔවුන්ගේ මේසයට පැමිණීමට සුරූපී නව යෞවනිය සූදානමක්‌ දැක්‌වූවාය. “එන්න ඇවිත් අපට ජොයින් වෙන්න……” දිනේන්ද්‍ර ඇයට කීවේය. වහා ඔවුන් වෙත පැමිණි ඇය පැය එකහමාරක පමණ කාලය ඔවුන් සමඟ ගත කළාය.

අපි දැනට ඇය එලිසා ලෙස හඳුන්වමු. ඇය නව යොවුන් පාසල් ශිෂ්‍යාවකි. කලා උපාධියක්‌ සඳහා සුදුසු විශ්වවිදයාලයක්‌ සොයමින් සිටි ඇය ඔස්‌ටේ්‍රලියන් සංස්‌කෘතියට අනුව නිදහසේ හැසුරුණු කෙනෙකි. එලිසා තරුණයන් රැසක්‌ ඇසුරු කළ අතර නයිට්‌ ක්‌ලබ් යැමටත් රාත්‍රි ගමන්වල යෙදීමටත් පුරුදුව සිටියාය. ඇයට හොඳට මත්පැන් බීමට හැකි විය. එසේම ඇය තවදුරටත් කන්‍යාවක ද නොවූවාය. තමා පිළිබඳ සියලු තොරතුරු චමරි සහ දිනේන්ද්‍ර ඉදිරිපිට වැමෑරූ ඇය ඊළඟ දවසේත් මේ හෝටලයේදීම හමුවෙමු යෑයි කියමින් රාත්‍රි 11 ට පමණ නික්‌ම ගියාය.

“හරි හොඳ ගර්ල් කෙනෙක්‌ නේද චමරී…….?” සිය බිරිඳ සමඟ ආපසු නිවසට එන අතර දොස්‌තර දිනේන්ද්‍ර කීවේය. “හරිම නිදහස්‌ සිතුවිලි තියෙන කෙල්ලක්‌……..”

එහෙත් චමරි එයට උත්තර දෙන්නට ගියේ නැත. “ඔයාට එයා ගැන ඉරිසියාද….” දිනේන්ද්‍ර සිනා සෙමින් සිය බිරියගෙන් විමසුවේ ඇගේ කර වටා අත යවමිනි.

“ඔව් මට ඉරිසියා තමයි……” චමරි කීවාය. ඔයා වෙන ගෑනියකගේ ලස්‌සන කියන කොට මට ඉරිසියා නැද්ද?”

“කොච්චර ලස්‌සන කෙල්ලො හිටියත් මම ආදරේ ඔයාට විතරයි. මාව තෘප්තිමත් කරන්න පුළුවන් ඔයාට විතරයි….” දිනේන්ද්‍රගේ වචන මහත් අනුරාගි විය. එදා අලුයම් කාලය වන තුරු අවදිව සිටි ඔවුහු නිදන කාමරයේ යහන මතට වී බොහෝ අනුරාගී දේවල් කතා කළහ. ඒ අතර කිහිපවිටක්‌ එකිනෙකාගේ සිරුරු වෙතින් සැනසුනාහ. ඉරිදාවක්‌ වූ පසුදින දහවල් 10 වන තුරු නිදා ගත්හ.

************************

මාස කිsහිපයක්‌ ගෙවී ගියේය. චමරි දිනේන්ද්‍ර දොස්‌තර යුවළ නිතරම එලීසා හමුවූහ. ඒ හැම හමුවක්‌ම චීන කෑම සහ මත්පැන් පිරී ඉතිරී ගිය කෑදර හමුවීම්ය. සමහර විට චමරි බලා සිටියදීම දොස්‌තර දිනේන්ද්‍ර එලිසාගේ රුව වර්ණනා කළාය. චමරි එයට කොතරම් අකමැති වුවද දිනේන්ද්‍රට එම අකමැත්තෙන් වැඩක්‌ වූයේ නැත.

“ඔයා දවසක්‌ එන්නකෝ අපේ ගෙදර රෑ නවතින්න….. “දිනෙන්ද්‍ර එලිසාට දිනක්‌ ආරාධනා කළේය.

චමරි එක්‌කෝ එයට විරුද්ධ වුයේ නැත; නො එසේ නම් එයට විරුද්ධ වීමට ඇයට ශක්‌තියක්‌ තිබුණේ නැත.

“හොඳයි මම ඊළඟ වීකෙන්ඩ් එකේදී එන්නම්….” එලිසා දිනේන්ද්‍රට පොරොන්දු විය. ඊළඟ වීක්‌එන්ඩ් එක හෙවත් සති අන්තය එළඹිණ. 2014.ජුනි 24 වූ එදා උදෙන් ම නගරයට ගිය දිනේන්ද්‍ර අලුත් වීඩියෝ කැමරාවක්‌ ද සිය බිරිය සඳහා අලුත් සපත්තු කුට්‌ටමක්‌ ද මිලට ගත්තේය.

මොකටද මේ වීඩියෝ කැමරාව….?” දිනේන්ද්‍ර ගෙදර පැමිණි පස චමරි විමසුවාය.

“අද රෑ වෙනස්‌ම වැඩක්‌ කරන්නයි හදන්නේ…. ඒකට ඔයා මට උදව් කරන්න……..”
චමරි නිහඬ වූවාය.

සවස්‌ වන විට එලිසා එහි පැමිණියාය. පසුව එලිසා හා දිනේන්ද්‍ර නිදන කාමරයට ගියහ. චමරි නිදන කාමරයට එන විටත් දිනේන්ද්‍ර සහ එලිසා මත්පැන් පානය කරමින් සිටියාය. හොඳටම බීමත් වූ පසු දොස්‌තර යුවළ එලිසා ඉදිරිපිට අඹුසැමියන් සේ හැසිරුණහ. අලුත් කැමරාවෙන් ඒවා වීඩියෝ කරන ලදී. ඉන් පසු තවත් බොහෝ දේ සිදු වූ අතර ඒවා පුවත්පත්වල සටහන් කළ නොහැකි දේය. අලුයම වන විට එලිසාට ගෙදර යැමට වුවමනා විය. දොස්‌තර යුවළ ඇය සිය රියෙහි දමාගෙන ගොස්‌ ගෙදරටම ඇරලූහ.

පසුදා උදෑසන පර්ත් නගරයේ පොලිසියට ඇමතුමක්‌ ලැබිණ. එයින් කියෑවුණේ දොස්‌තර දිනේන්ද්‍ර අතුකෝරළ නිදි යහනේදීම මරාදමා ඇති බවය.

දොස්‌තර නිවසට පැමිණි පොලිසිය දිනේන්ද්‍රගේ මළ සිරුර අසල වූ මිටියක්‌ සොයා ගත්තේය. එය කිලෝඑකයි ග්‍රෑම් හත්සිය අනූවක්‌ බර පරණ තාලයේ කුළුගෙඩියක හැඩය ගත් මිටියකි.

දිනේන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් සැකපිට දොස්‌තර චමරි අත්අඩංගුවට ගන්නා ලදී. ඇය එදා කියා සිටියේත්, සිද්ධියෙන් අවුරුද්දයි මාස 8 ක්‌ ගත වී අති මෙකල කියන්නේත් තමා විසින් තම සැමියා ඝාතනය නොකරන ලද බවය. එදා මම හොඳටම බීලා හිටියේ. මට ඇත්තටම වැඩි වුණා. එළිවනතුරු සිද්ධ වුණ කිසි දෙයක්‌ මට මතක නැහැ…”

එහෙත් පැමිණිල්ලේ නීතිඥයන් පවසන්නේ දොස්‌තර දිනේන්ද්‍ර එලිසා සමඟ අඹු සැමියන් සේ හැසිරුන බව හෝ එසේ හැසිරෙන්නට උත්සාහ කළ බවත් එය දැකීමෙන් වියරු වූ බීමත් චමරි එලිසා ගෙදර ඇරලවා ආපසු පැමිණ දිනේන්ද්‍රට මිටියෙන් ගැසූ බවත් ය.

එලිසාගේ සාක්‍ෂිය බෙහෙවින් අවුල් සහගතය. ඇය කියන්නේ තමන් නිතරම දොස්‌තර යුවළගේ නිවසට ගිය බවය. විටෙක ඔවුන් සමඟ නිරුවතින් එක නාන කාමරයේ ස්‌නානය කළ බව ය.

මේ අතර චමරි විසින් ලියන ලද දින පොතක්‌ ද පොලිසිය භාරයේ ඇත. එය කියන්නේ අමුතුම කතාවකි. සිය සැමියා වෙතින් තමා නිතරම අපහරණය කෙරුණ බවත්, බළලකුට හසුව සිටින මීයකුගේ තත්ත්වයට තමා පත්ව සිටින බවත් ඇය එහි ලියා තිබේ. මේ අතර පසුගිය දිනෙක චමරි බලන්නට ඇගේ වෛද්‍ය මිතුරියක්‌ සිර ගෙදරට ගියාය. “මට මෙහේ හරි නිදහස්‌. හුඟ කලකින් මම නිදහස භුක්‌ති විඳිනවා. මොකද මගේ විවාහ ජීවිතය මීට වඩා දරුණු හිර ගෙයක්‌” චමරි සිය මිතුරියට කීවාය.

අශේන් රඔකොස්‌වැව