Sun. Nov 17th, 2024
Spread the News

තොල් සිප ගන්නා දර්ශන ඇතුළත්
ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්‌…
ගීතය සිල් බිඳගනිද්දී
සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය

දැනටමත් ලක්‍ෂ හතකට වැඩිය නරඹලා

පළවැනි ප්‍රශ්නය මේවා නිර්මාණද කියන එකයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය යසාංජලී ජයතිලක

ගීත රූප රචනා කලාව මේ දිනවල හරි ජනප්‍රිය මාතෘකාවක්‌. ගීතයක්‌ නිර්මාණය කරලා නාලිකාවන්ට මුදාහරිනවාට වඩා අද කාලේ මහන්සිවෙන්නේ ගීත රූප රචනාවක්‌ නිර්මාණය කරන්න. ගීත රූප රචනා කලාව අද වන විට ඒ තරමටම රැල්ලක්‌ බවට පත්වෙලා. එදා ගීතයක්‌ ජනප්‍රිය වුණේ සංගීතයට, පද රචනයට සහ ඒ ගීතය ගායනා කරන ගායකයාගේ හඬටය. නමුත් වර්තමානයේ තාරුණ්‍යය විසින් ඒ සියල්ල අභිබවා මූලිකත්වය දෙනු ලබන්නේ ගීත රූප රචනාවටය. ගීත රූප රචනාවකින් සමාජයට පණිවුඩයක්‌ ලබාදිය යුතුය. ඒ අප හිතන පතන විදිහය. නමුත් වත්මත් පරපුර ගීත රූප රචනාවකින් එවැනි දෙයක්‌ බලාපොරොත්තු වේ යෑයි සිsතිය නොහැකිය. අප එසේ පවසන්නේ මේ දිනවල ෙaජැඉදදන සහ ඹඑමඉe හරහා කතාබහට ලක්‌වන ගීත රූප රචනාවක්‌ හේතුවෙනි.

මෙම ගීතයේ රූප රචනාවට ඉදිරිපත් වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීෂා හේමමාලිය. ඇය කලා ක්‍ෂේත්‍රයේ විතරක්‌ නොවේ දේශපාලන ක්‍ෂේත්‍රයේද කතාබහට ලක්‌වන චරිතයකි. පසුගිය කාලයේ ඇය දකුණු පළාත් සභාවට එජාපයෙන් තරග කර පරාජයට ද පත්විය. අප සඳහන් කරන්න යන්නේ ඇගේ දේශපාලන ගමන පිළිබඳව නම් නොවේ. ඇය මේ ගීතයේ සිදුකරනු ලබන තොල් සිපගැනීම සහ තරුණයකු සමග පෙමින් වෙළෙන දර්ශන ඇතුළත් රූප රචනාව ගැනය. මෙරට පමණක්‌ නොව ඉන්දියානු සිනමාවේදීද මෙවැනි දර්ශන ප්‍රේක්‍ෂකයා හට ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රේක්‍ෂකයාගේ හැඟීම් උද්දීපනය නොවන අයුරිනි. නමුත් මේ ගීතයේ රූප රචනාවට නම් එවැනි සම්බාධකයන් නොමැති බව එය නරඹන ඕනෑම කෙනකුට සිතිය හැකිය. පසුගිය කාලයේ අප පුවත්පතේ මීවිත අතිරේකයටද ඇය මේ දිනවල ආගමික වතාවත්වලට මුල්තැන දී භාවනානුයෝගීව කල්ගෙවන බව පවසා සිටියා. සැබැවින්ම ආගම දහමට මුල්තැන දෙන එවැනි රංගන ශිල්පිනියකට මෙවැනි දර්ශනවලට පෙනී සිටිය හැකිද? යමෙකු එලෙස විමසිය හැකිය. කවුරු කොහොම ඒ ගැන කීවත් නදීෂා මේ පිළිබඳව දක්‌වන අදහස ඉතාමත්ම වැදගත්ය.

මම රංගනයෙන් දායක වුණ ගීත රූප රචනාවක්‌ ජනප්‍රිය වීම ගැන ඇත්තටම සතුටුයි.

සමහරු මේ ගීත රූප රචනයට හොඳ වගේම නරකත් ප්‍රකාශ කරලා තියෙනවා?

ලෝකයේ හොඳ නරක දෙකම තියෙනවා. ඉතිං මමත් මැදහත් සිතින්, උපේක්‍ෂාවෙන් ඒ දේවල් භාරගන්න ඕනෑ. මේ ගීත රූප රචනාවට සියයට අනූනවයක්‌ම මට ලැබුණේ හොඳ ප්‍රතිචාර. මම ඒ ගැන සතුටු වෙනවා. යම්කිසි කෙනෙක්‌ මට දෝෂාරෝපණයක්‌ එල්ල කළා නම් ඒක ගැන විවේචනාත්මකව කතා කළා නම් ඒකත් මම මැදහත් සිතින් භාරගන්නවා. මොකද මට විවේචන වගේම පැසසුමත් අවශ්‍යයි.

දින තුනකට ලක්‍ෂ හතකට ආසන්න පිරිසක්‌ නරඹලා තියෙනවා.

අපි කරපු වැඩේ ගැන අපි සෑහීමකට පත්වෙනවා. ලංකාවේ ගීත රූප රචනාවක්‌ මේ තරම් ඉක්‌මනින් මේ තරම් පිරිසක්‌ නරඹපු මුල්ම අවස්‌ථාව.

ඇයි මේ වගේ ගීත රූප රචනාවකට දායක වෙන්න හිතුවේ?

මම කලාකාරිනියක්‌. ගීත රූප රචනාවක්‌, ටෙලිනාට්‍යයක්‌ හෝ චිත්‍රපටයක්‌, එහෙමත් නැතිනම් වේදිකා නාට්‍යයකට වේවා මගේ වෘත්තිය රංගනයෙන් දායක වීමයි.

රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ?

මම සෑහීමකට පත්වෙනවා. මගේ ජීවිතයට කවුරුවත් ඇඟිලි ගහන්නේ නැහැ. මම කරන දේවල් ගැන හොඳට හොයලා බලලයි තීරණයක්‌ ගත්තේ.

ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්‌ද?

මම කරපු දේවල් ගැන සෑහීමකට පත්වෙනවා. මොකද මම හැමදෙයක්‌ම හොඳට හිතලා බලලයි කරන්නේ. කාගෙවත් බලපෑම්වලට මම වැඩකරන්නේ නැහැ. මම මගේ කැමැත්තට වැඩකරන චරිතයක්‌. මගේ ජීවිතයේ තීරකයා මම. ඉතිං මට ඕනෑ දේවල් තමයි මම කරන්නේ.

ගීත රූප රචනාව හින්දා ඔබ තවත් ජනප්‍රිය වුණා ?

ඔව්. ජනප්‍රිය වුණා. ආයේ ඒකේ කතා දෙකක්‌ නැහැ.

මිනිස්‌සුන්ගෙන් බැණුම් අහන්න වෙයි කියලා හිතුවේ නැතිද?

මට ලැබෙන චෝදනා, ගල්මුල් මැදහත් සිතින් භාරගන්න චරිතයක්‌ කියලා මම මුලිනුත් කිව්වානේ. අනෙක මම කරන්නේ මම කැමැති දේ. කාගෙවත් බලපෑමකට මම වැඩකරන චරිතයක්‌ නෙමෙයි. මම ඉතාමත්ම ස්‌වාධීනයි.

ඇය අප සමග මෙලෙස දුරකථනයෙන් රූප රචනාව ගැන සංවාදයක නිරත වූ අතර මේ ගැන ඇයගේ ටුවිටර් පණිවුඩයක්‌ හරහා ද ඇය සිය අදහස දක්‌වා තිබුණා.

වසන්ත දුක්‌ගන්නාරාළගේ පද රචනයෙන් රන්ජන් සාලිය සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන “මම සිල් බිඳගත්තේ” ගීතයට රූප රචනාවක්‌ නිර්මාණය කරලා තිබෙනවා. මේ රූප රචනාව නිර්මාණය කරලා තියෙන්නේ ඉරාඡ් වීරරත්න විසින්.

“අපේ massages ඔක්‌කොම අහුවුණා,
Husband ට හොඳටම කේන්ති ගිහින්

මම ඔයාට ආපහු කෝල් කරනකම් මට ආයේ කෝල් කරන්නවත් ප්ssaටැ කරන්නවත් එපා”

මම ඔයාට ආදරෙයි

මම සිල් බිඳගත්තේ

මුල් සිඳගත්තේ

කුසුමක්‌ නිසා

හිත ගැස්‌සෙන තාල

අහුවුණා වාගේ

සුසුමක්‌ නිසා…

අප ඉහතින් සඳහන් කළ වදන් පෙළකින් පසුව දෙවැනි පදපෙළින් ගීතය ආරම්භ වෙනවා. මේ රූප රචනාවට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීෂා හේමමාලිය. මේ වෙනකොට මේ ගීතය ලිපිය සකසන අවස්‌ථාව වන විට අන්තර්ජාලයේ 716,854 ට අධික පිරිසක්‌ නරඹලා තියෙනවා.

ඇත්තටම මේ ගීතයේ රූප රචනාව මෙපමණ පිරිසක්‌ නරඹලා තියෙන්නේ ගීතය රස විඳින්නද?. නැතිනම් නදීෂාගේ රංගනය නරඹන්නද?.

මෙවැනි රූප රචනාවකින් සමාජයට වැරදි අවබෝධයක්‌ ගොඩනැඟිය හැකි යෑයි යමෙකු පැවසුවහොත් ඊට කාටවත් විරුද්ධ විය නොහැකිය.

ඔබට මතකද මීට කලකට ඉහතදී මෙරට නිර්මාණය වූ කාමරැල්ලේ චිත්‍රපට පෙළ. අවසානයේ මෙය නැවතීමට රජය මගින් රැඟුම් පාලක මණ්‌ඩලයක්‌ද පත්කරන ලදී. ඇත්තටම 21 වැනි සියවසේ අපේ රටේ බිහිවන ගීත රූපරචනාවලටත් යම්කිසි වාරණයක්‌ අවැසිද?. පුද්ගලයෙකුට එසේ ප්‍රශ්න කළ හැකිය. ඔහු එසේ ප්‍රශ්න කරන්නේ වර්තමානයේ බිහිවන ගීත රූප රචනා පවුලේ සැමට එකට නැරඹීමට හැකිද යන මතයේ සිටගන්නා විටය.

කොහොම වුණත් අද මේ ගීතය පිළිබඳව සමාජ වෙබ් අඩවි ඔස්‌සේ සහ මුහුණුපොත හරහා විශාල කතිකාවතක්‌ මතුවී තිබේ. ඒ නිසාම අපි මේ ගීතයට දායක වුණ පිරිසගෙන් අදහස්‌ විමසීමක්‌ කළා.

ඇත්තටම ඔය ගීතය මීට වසර තුනකට ඉහතදී තමයි, පටිගත කළේ. ඒ කාලේ මේ ගීතය ගුවන්විදුලි නාලිකාවල පවා විකාශනය වුණා. ඒ කාලේ මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කාලේ ගුවන්විදුලි නාලිකාවල තිබෙන ගීත දර්ශකවල පවා මේ ගීතයට පළමු ස්‌ථානය පවා හිමි වුණා. මේ ගීතයට ඒ කාලේ ඉඳන්ම ඉරාඡ් රූප රචනාවක්‌ කරමු කියලා කිව්වා. නමුත් අද වෙනකොට එය හදිසියේම සිදුකරලා. දවසක්‌ මට ඉරාඡ් කතා කරලා කිව්වා මේ ගීතයට රූප රචනාවක්‌ නිර්මාණය කරනවා කියලා. මට එදිනට සහභාගිවෙන්න නොහැකි නිසා මම පැවසුවා වෙනම දවසක කරමු කියලා. අන්තිමේ කොහොම හරි ඔහු ක්‍ෂණිකවම රූප රචනාවක්‌ නිර්මාණය කරලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.

ඇත්තටම මේ ගීතය ජනප්‍රිය කරන්න මේ වගේ රූප රචනාවක්‌ නිර්මාණය කරන්න වුවමනා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඉරාඡ්ට මෙවැනි ගීත ආභරණයක්‌. මොකද ඔහු නිතරම ගායනා කරන්නේ රැප් ගීත. අනික මේ ගීතයට හොඳ අර්ථයක්‌ තියෙනවා. ඒ නිසා මේ වගේ බාල වැඩක්‌ කරන්න වුවමනා නැහැ කියලයි මට හැඟෙන්නේ. අනික ඉරාඡ් මෙවැනි ගීතයකට සංගීතය නිර්මාණය කළා කිව්වහම මිනිස්‌සු පුදුමවෙන්න ඇති.

ඇත්තටම මගේ හිතේ විශාල කලකිරීමක්‌ තියෙනවා. මම හීනෙන්වත් හිතුවේ නැහැ ඉරාජ් මේ වගේ රූප රචනාවක්‌ නිර්මාණය කරයි කියලා. මම අන්තර්ජාලයේ මේ රූප රචනාව මුලින්ම නැරඹුවාට පස්‌සේ පුදුම හිතුණා. මම මේ සම්බන්ධව ඉරාජ් සමඟ කතාබහ කරන්න ගියේ නැහැ. මම ආපහු ඔහුත් සමඟ මින් ඉදිරියට නිර්මාණ කරන්නේ නැහැ. මට ප්‍රතිපත්තියක්‌ තියෙනවා. අපිට මචං කියාගෙන ඇවිත් මේ වගේ දෙයක්‌ කරද්දි ඇත්තටම හිතට දුකයි. ඉරාඡ්ට ඔහුගේ පරමාර්ථය ඉටුවුණා කියලා හිතෙනවා ඇති. ඔහු දක්‍ෂ මාර්කටින්වලට.

“මම සිල් බිඳගත්තේ” ගීතය ගායනා කරන රන්ජන් සාලිය පළකරන්නේ එවැනි අදහසකි.

නමුත් ඉරාඡ් වීරරත්න ඊට හාත්පසින්ම වූ මතයක්‌ ඉදිරිපත් කරයි.

ලංකාවේ ඉතාම කෙටි කාලයක්‌ තුළ වැඩිම පිරිසක්‌ නරඹපු ගීත රූප රචනාවක්‌ විදිහටයි

මම දකින්නේ. මම පොඩි වෙනස්‌ වැඩක්‌

කළා. සමහරු මේ සඳහා කතා කරලා හොඳ කියනවා. තවත් සමහරු කතා කරලා බණිනවා.

මේ ගීතයේ රූප රචනාව අධ්‍යක්‍ෂණය කළේ ප්‍රියංග රණසිංහ. ඔහුට සිදු වුණ පෞද්ගලික අත්දැකීමක්‌ තමයි, අපි මෙලෙස රූප රචනාවට යොදාගත්තේ.

නදීෂා හේමමාලි සමග මම කරපු පළමු නිර්මාණය මේ ගීතය නෙමෙයි. මීට පෙරත් මම ඇය සම්බන්ධ කරගෙන රූප රචනාවක්‌ නිර්මාණය කළා. ඇගේ රංගනය දක්‍ෂයි.

මට ඇත්තටම ඕනෑ වුණේ 2016 වසරට වෙනසක්‌ කරන්න. මොකද අද කාලේ ගොඩක්‌ රූප රචනා නිර්මාණය වන්නේ තරුණයෝ අඬන ඒවමයි. එක රාමුවකට කොටුවෙලා වගෙයි මට නම් හැඟෙන්නේ. කොහොමත් අපේ ලංකාවේ වෙනසක්‌ කළහම හැමෝම වගේ

කෑගහනවා. මේ වගේ නිර්මාණයක්‌ කළහම ගොඩක්‌ දෙනෙක්‌ කෑගහනවා කියලත් අපි දන්නවා. මේ රටේ ජනතාව අන්තර්ජාලයේ වැඩියෙන්ම නරඹන්නේ seං කියන මාතෘකාව. ඒක හොරෙන් කරන්න හොඳයි. ප්‍රසිද්ධියේ කළහම ජරාවක්‌ විදිහට තමයි දකින්නේ.

සමහර මාධ්‍යවල මේ ගීතය දරුවන්ට නරඹන්න පුළුවන් විදිහට සකස්‌ කරලා විකාශනය කරනවා.

අපි මේ ගීතයට රන්ජන්ව සම්බන්ධ කරගත්තේ හඬ සඳහා විතරයි. රූප රචනාව සිදුකළේ මට ඕනෑවිදිහටයි. මම හැමතිස්‌සෙම වෙනස්‌ දෙයක්‌ නිර්මාණය කරන පුද්ගලයෙක්‌.

සමිතා අක්‌කා නම් මම නිර්මාණය කරපු රූප රචනාවට කැමැතියි. රන්ජන් අකැමැතිද නැතිද කියන්න මම දන්නේ නැහැ. එකිනෙකාගේ මත තියෙනවානේ. මේ තරම් කතාබහ වෙන්නේ අලුත් දෙයක්‌ කරපු හින්දානේ. මම කොහොමටත් කැමැති නැහැ ළිඳෙA ඉන්න ගෙම්බෝ වගේ වැඩකරන්න. මේ ගැන වැරදි ඇසින් බලන්න එපා. මේක නිර්මාණයක්‌ විතරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය යසාංජලී ජයතිලක සමගත් අපි මේ ගැන සංවාදයක යෙදුණා.

මේ වගේ නිර්මාණ බිහිවීම ගැන මොකද හිතන්නේ ?

මම නම් දකින්නේ දැන් ලෝකයේම යන්නේ කාම රැල්ලක්‌. ඒකට දැන් වෙළෙඳපොළක්‌ පවා ගොඩනැඟිලා තියෙනවා. මේ වෙළෙඳපොළ තමයි මේවා නිර්මාණය කරන්න පොළඹවන්නේ. මෙයින් සමාජයටවන බලපෑම් ඔවුන්ට හිතන්න වුවමනාවක්‌ නැහැ. මේ වගේ දේවල්වලට නීතිරීති තියෙනවා. ඒ මගින් සමාජ සුරක්‍ෂිතතාව තහවුරු වෙනවා. දැන් එහෙම නෙමෙයි. නූතන තාක්‍ෂණය සමඟ තරුණ තරුණියන්ව සම්පූර්ණයෙන්ම නොමඟ යවන, එහෙමත් නැතිනම් ඔවුන්ගේ මනස විකෘති කරවන නිර්මාණ ඉවක්‌ බවක්‌ නැතිව සමාජයට ගලාගෙන ඒමේ මාර්ගය ගොඩනැඟිලා තියෙනවා. ඒ වගේම අපේ නූතන පරපුරට සිදු වන ප්‍රතිවිපාක ගැන වැඩිහිටියන් පවා නොසලකා හැරීමේ තත්ත්වයක්‌ නිර්මාණය වෙලා කියලා මට හැඟෙනවා. මේක හොඳ තත්aත්වයක්‌ නෙමෙයි. අපි සමාජය යහමගට ගන්න ලොකු කාර්යභාරයක්‌ කරමින් ඉන්නේ. ඉතිsං මේ වගේ නිර්මාණ රසවිඳීමේ පරපුරක්‌ බිහිවෙනවා කියන්නේ සමාජයට හොඳ කල දසාවක්‌ උදාවෙනවා කියලා හිතන්න අමාරුයි. ඒ රූප රචනාවෙන් පිළිබිඹු කරන තත්ත්වය වචනවල පවා ගැබ්වෙලා තියෙනවා. කලාව කියා ඔවුන් හඳුනාගන්නේ කොයිතරම් බොළඳ, හරසුන් මිනිසුන්ගේ හැඟීම් පුබුදුවන බාල දෙයක්‌ද?. එතැනයි ප්‍රශ්නය තියෙන්නේ.

මට නම් මේවා නිර්මාණද කියලා හිතෙනවා. රැප් සංගීතයෙන් ලැබෙන රසාස්‌වාදය මොකක්‌ද. එදා ආදරය, වියෝව ගැන බිහිවුණ නිර්මාණ තුළ විශාල සෞන්දර්යයක්‌ අපි දුටුවා. වර්තමානයේ කලාවෙන් ඒ සියල්ල ගිලිහෙමින් පවතිනවා. කලාව සෞන්දර්යය සමඟ අත්වැල් බැඳගෙන යායුතුයි කියලයි මට නම් හැඟෙන්නේ. කලාවෙන් මිනිස්‌සුන්ගේ රාගික හැඟීම් අවුස්‌සනවා නම්, ප්‍රකෝප කරනවා නම්, ලැඡ්ජා බය නැතිකරනවා නම් හැදියාව නැතිකරනවා නම් එතැන කලාවක්‌ බිහිවෙන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. අනික අපේ තියෙන සියලු හර පද්ධතීන් විනාශ කරගෙන මහා සැඩපරුෂ පිටාර ගලන ගඟක්‌ වාගේ නිර්මාණ තමයි අද බිහිවෙන්නේ. මේවායේ ප්‍රතිඵල තමයි අද සමාජය අත්විඳිමින් සිටින්නේ.

වෙනස කියන්නේ මොකක්‌ද. වෙනසකින් අපට සිදුවන්නේ විනාශයක්‌ නම් ඒ වෙනස අපට අවශ්‍යද?. අනෙක්‌ මිනිසා නොකරන දෙයක්‌ කිරීමද වෙනස කියන්නේ. අපි වෙනසක්‌ කළ යුත්තේ තියෙන දෙයට වඩා හොඳ දෙයක්‌ සඳහායි. මේ තියෙන දේ විනාශ කරන දෙයක්‌ නම් එය සැබෑ වෙනසක්‌ද කියලා හිතන්න අමාරුයි. වෙනස කියන වචනයේ තේරුම පැහැදිලිව තේරුම් ගත යුතුයි. දිගට අඳින පුද්ගලයා කොටට අඳින එක වෙනසද?. පුද්ගලයෙකුගේ ඇඳුමෙන් අනන්‍යතාව විලිබිය, සුන්දරත්වය ඇතිකරනවා. මේ සමස්‌තය ගැන නොසිතා අපි අද ඇඳුම ගලවලා විසිකරනවා. මේක වෙනසද?. වෙනස විය යුත්තේ ශිෂ්ටාචාර ගමන්මඟ ඉදිරියට ගෙනයැමයි.

දිනේෂ් විතාන

Another Link for similar article තොත් තුවෙන් රජවෙන්න හදන ලංකාවේ නිකිලියෝ හා කඩා වැටෙන පවුල් සංස්ථාව

 

Protected by Security by CleanTalk