Spread the News


දඹදිව වන්දනාමානයට බිය නැතිව එන්න
– භාරතයේ ප්‍රධාන සංඝනායක
දොඩම්ගොඩ රේවත නාහිමියෝ පවසති

source:

දඹදිව වැඳ පුදා ගැනීමට කිසිම බියක්‌ නැතිව පැමිණිය හැකි බව වගකීමෙන් යුතුව දන්වා සිටින බව ඉන්දියානු මහා බෝධි සමාගමේ මහ ලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියෝ ප්‍රකාශ කර සිටිති.

බුද්ධගයාවේ මහා බෝධි විහාරය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වජ්‍රාසනය ආසන්නයේ අවට බෝaම්බ පහක්‌ පිපිරීමේ සිදුවීම බෞදAධ ලෝකය කම්පා කරවන සිදුවීමකි. එහෙත් එම සිද්ධියෙන් පෞරාණික කිසිම වස්‌තුවකට හානියක්‌ සිදුවී නැත. ආමිස පූජාව සිදුකළ ස්‌ථානයේ ඉස්‌තෝප්පුවේ අල්මාරියක තැන්පත් කර තිබූ මහායාන ත්‍රිපිටක ග්‍රන්ථ කිහිපයක්‌ එම අල්මාරිය කැඩීයැම නිසා බිම විසිරී තිබිණි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මීටර් සියයකට ඈතින් තනා ඇති ප්‍රදීප් ඝර් හෙවත් පහන් ගෙයි වීදුරු කිහිපයක්‌ කැඩී බිඳී ඇත.

මහාබෝධි විහාරයේ ප්‍රධාන බුදුපිළිම වහන්සේ, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සත් සතිය ප්‍රධාන විහාර ආදියට කිසිම අලාභයක්‌ සිදුවී නැත. ආරක්‌ෂක කටයුතු සඳහා 7, 8 යන දින දෙක විහාර පරිශ්‍රය වසා තිබුණත් 8 දා සිට වන්දනා කරුවන්ට වැඳ පුදා ගැනීමට උදෑසන 5 සිට 9 දක්‌වා මහා බෝධි විහාරය විවෘත කර තිබේ. වෙනදාට වඩා ආරක්‌ෂක කටයුතු තර කර ඇත”Êයනුවෙන්ද දොඩම්ගොඩ රේවත නාහිමියන් බුද්ධගයාවේ සිට කරුණු දක්‌වමින් ප්‍රකාශ කළහ.