දඹුල්ල මස්ජිදය යළි විවෘතයි
Posted on April 22, 2012 source:
දඹුල්ල පූජා භුමියේ පිහිටා තිබෙන මස්ජිද් හා කෝවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපයක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ (20) දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිම් මස්ජිදයට ඉවත් කිරීමට විරෝධතාවට එක් වූ පිරිස උත්සහ කර ඇති අතර එදිනම පොලීසිය විසින් මුස්ලිම් ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනම් කර තිබුණි. නමුත් අද (21) දින උදෑසන එම මස්ජිදයට ගිය අමාත්‍ය පව්සි හා රිෂාද් බදියුදින් එහි පරිපාලකයන් සමඟ සිද්ධිය සමිබන්‍ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මස්ජිදය වහාම විවෘත කර ඇත.
අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ මුස්ලිම්වරුන්ගේ අතකොලුවන් බවට පත්වූ සිංහලයන් පිරිසක් හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදි එම මස්ජිදයෙන්තමන්ට කිසිම හිරිහැරයක් නොමැති බවත් තමන් දැන හඳුනන කාලයක සිට එම මස්ජිදය මෙහි තිබෙන බවත් ඔවුන් පවසා ඇත.



Protected by Security by CleanTalk
උපුටාගැනීමකි