Spread the News

දරුස්‌මාන්ලා ජිනීවා සමුළුව මැදට පනී
source:
ඇමරිකාව – කොටි ජාලය සහ දරුස්‌මාන් කණ්‌ඩායමේ කුමන්ත්‍රණය දැන් මුළුමනින්ම අනාවරණය වී ඇත. මෙරට ඇමරිකානු තානාපතිනිs පැට්‍රීෂියා බුටේනිස්‌ ශ්‍රී ලංකාව අපේ මිත්‍රශීලී රටක්‌ යෑයි පැවසුවත් ජනාධිපති, ආරක්‍ෂක ලේකම් සහ හමුදාපති යුද අපරාධවලට වගකිවයුතු යෑයි පවසමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට රහස්‌ සංදේශයක්‌ යෑව්වේ ඇයයි.

මේ සමුළුව මැද ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළ දරුස්‌මාන් කණ්‌ඩායම එක්‌සත් ජාතීන්ගේ නීතිරීති බිඳ දමමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටක්‌ වූ ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත සංදේශයක්‌ යවා ඇත.

මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවකි. දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම යෑවූ එම සංදේශයෙන් ශ්‍රී ලංකාව යුද අපරාධවලට වගකිවයුතු යෑයි සනාථ කිරීමට උත්සාහ දරා ඇත.

එම සංදේශයේ මෙලෙස දක්‌වා තිබේ.

“ඇමරිකාව විසින් බෙදාහරිනු ලැබූ යෝජනාව ගැන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් විසින් නිරීක්‍ෂණය කෙරෙයි. මෙම යෝජනාව කවුන්සිලය වෙත ගෙන ඒමට ඇමරිකාව පියවර ගෙන ඇත.

එහෙත් එම යෝජනාව ප්‍රමාණවත් නැත. ඒ නිසා කවුන්සිලය කළ යුත්තේ වගකිව යුත්තන් හඳුනා ගැනීම සඳහා ස්‌වාධීන විමර්ශන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමය.”

The best way to set to the truth is for the council to create
an independent investigative body to determince the facts.

දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම සිය සංදේශයෙන් මානව හිමිකම් කොමසාරිස්‌ නවී පිල්ලේට කියන්නේ ඇමරිකාවේ යෝජනාව මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

එහෙත් මේ අන්දමට ඉරාකය, ඇµaගනිස්‌ථානය යන රටවලදී ඇමරිකාව කළ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පැවසීමට කිසිම එක්‌සත් ජාතීන්ගේ විමර්ශන ඒකකයක්‌ විසින් යෝජනා කළේ නැත.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පෙරේදා ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා හමුවූ අවස්‌ථාවේ මූණටම පැවසුවේ ඊශ්‍රායලය ස්‌වෛරී රටක්‌ බවත් ඊශ්‍රායලයට තර්ජනයක්‌ එල්ලවන ඕනෑම අවස්‌ථාවක ඊට ප්‍රතිචාරය දැක්‌වීම සඳහා ඊශ්‍රායලයට හිමිකම් තිබෙන බවයි.

එහෙත් එම හිමිකම ශ්‍රී ලංකාවටද තිබේ. එසේ වුවත් ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන ඒමට වලිකන්නේ රජය වෙනස්‌ කිරීමේ අරමුණෙනි.

දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම විසින් ශ්‍රී ලංකාවේ බිහිසුණු යුද්ධය නමින් සම්පාදනය කර ඇති වාර්තාවෙන් සනාථ වන්නේ ඇමරිකානු යෝජනාවට සමගාමීව එම වාර්තාව සකස්‌වී ඇති බවයි. මෙය කොටි ජාලයටද ලැබීමෙන් එහි පසුබිම පැහැදිලිය.

ත්‍රස්‌තවාදී ක්‍රමවේද අනුගමනය කළ පාර්ශ්වයක්‌ පරාජය කිරීම ගැන ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදෙස්‌ ගතවූවන්ද සතුටට පත්වී ඇත. එහෙත් සිවිල් වැසියන් විශාල ලෙස විපතට ලක්‌විය. 40,000 කට අධික සංඛ්‍යාවක්‌ ඉන්මරුමුවට පත්විය. එය සිරියාවේ හා ලිබියාවේ සිදුවූ විපත්වලට වඩා වැඩිය. ශ්‍රී ලංකාව තම වගකීම් ඉටුකරන්නේද යන්න විමර්ශනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම යෑයි එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබිණි.

මේ වාතාවරණය මැද යුරෝපා යුරෝපා කොටි කණ්‌ඩායමක්‌ විසින් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙස ඉල්ලමින් සංදේශයක්‌ භාරදී තිබේ. එසේම එම කොටි ජාලය විසින් ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ ජනාධිපති හා දේශපාලනඥයන් යුද අපරාධකරුවන් යෑයි දක්‌වමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර ඇත. එහිදී ස්‌විස්‌ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත. මේ අන්දමට ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා යුද අපරාධකරුවකු යෑයි දක්‌වමින් ශ්‍රී ලාංකිකයන් ජිනීවා නුවරදී විරෝධතා පුවරු එසවුවහොත් ස්‌විස්‌ පොලිසිය ඊට ඉඩ දෙන්නේ නැත.

පසුගිය 28 වැනිදා ජිනීවාහිදී ශ්‍රී ලාංකිකයන් විසින් විරෝධතාවයක්‌ පැවැත්වීමට උත්සාහ කළ අවස්‌ථාවේ ස්‌විස්‌ පොලිසිය පැනවූ එක්‌ කොන්දේසියක්‌නම් විරෝධතා පුවරු එසවීමෙන් වැළකිය යුතු බවයි.

ජිනීවාහි ශ්‍රී ලාංකිකයෝ බරක්‌ ඔබාමාට එරෙහිව විරෝධතා පුවරු ඔසවනු ඇතැයි ස්‌විස්‌ පොලිසිය සැකකර තිබිණි. මේ තත්ත්වය යටතේ මාර්තු 14වැනිදා රාත්‍රී 10.55 ට චැනල් 4 රූපවාහිනිය 2 වැනි වීඩියෝපටය විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

ඊට අදාළ තොරතුරු කල්තියාම ස්‌විස්‌ කොටි ජාලයට ලැබී තිබේ.

මේ පසුබිම මැද දරුස්‌මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්‌ඩායම මානවහිමිකම් කවුන්සිලය වෙත උපදෙස්‌ දීමටද ක්‍රියාකර ඇත.

2009 දී කැනඩා රජය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන ඒමට උත්සාහ කළ යෝජනාවට ඉඩ නොලැබුණි.

මේ නිසා දරුස්‌මාන් මණ්‌ඩලය කවුන්සිලය වෙත පවසා ඇත්තේ 2009 සිට දියත්වූ තීරණය නිවැරැදි කරන ලෙසත් ඇමරිකානු යෝජනාව අගය කරන බවත්ය. It is time for the council to correct its embarrassing decision from 2009 while
crediting us for its efforts.

මේ නිසා ජිනීවා රංගනයේ පෙර ගමන්කරුවන් සනාථ නොවන්නේද? මානව හිමිකම් කවුන්සලය ආරම්භවී ඇති අවස්‌ථාවක දරුස්‌මාන්ලා ඇමරිකාව ඇගයීමට ලක්‌කිරීමෙන් ඇමරිකානු කුමන්ත්‍රණයේ සැබෑ ස්‌වරූපය හෙළිවී තිබේ.

මෙලෙස කොටි ජාලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව සම්මත කරන්නැයි මානව හිමිකම් සමුළුවට පවසද්දී රිපෝටර්ස්‌ විතවුට්‌ බෝඩර්ස්‌ නමැති විදේශ රාජ්‍ය නොවන සංවිධානයද මානව හිමිකම් සමුළුව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකා රජය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන බව දක්‌වමින් යෝජනාවක්‌ සම්මත කරන්නැයි ඉල්ලා ඇත.

පසුගිය ජනවාරි 25 වැනිදා කළු ජනවාරි උද්ඝෝෂණය පැවැත්වීමට රජයේ ආධාරකරුවන් ඉඩ නොදීම නිසා ඔවුන්ට වෙනත් ස්‌ථානයකට යැමට සිදු වූ බවත් රිපෝටර්ස්‌ විතවුට්‌ බෝඩර්¨ස්‌ සංවිධානය පවසා ඇත. මේනිසා මානව හිමිකම් සමුළුවේදී යෝජනාවක්‌ සම්මත කර ගැනීමට අවශ්‍යවී ඇත්තේ ඇත්තේ කළු ජනවාරි කණ්‌ඩායමට බව පැහැදිළිය.

මේ පසුබිම යටතේ මෙරට සැබෑ සතුරන් හෙළිවී ඇත.

ද්‍රවිඩ නිජබිම පිළිගන්නා බවත් සටන් කිරීමට ඇති අයිතියද පිළිගන්නා බවටත් මොවුන් ප්‍රකාශයට පත්කළ පත්‍රිකා අප සතුව පවතී.

මේ තත්ත්වය මත ඉදිරි සති දෙක තුළ ජිනීවා රංගනයේ නළුවන්, නිළියන් පසුබිම් සංගීතය සපයන්නන් හෙළිවනු ඇත.

එහෙත් ලොව සැබෑ යුද අපරාධකරුවන් වන්නේ ඇමරිකාවයි. එය අපි ඉදිරියටත් කියන්නෙමු.

කීර්ති වර්ණකුලසූරිය