Spread the News

දරුස්මාන් වාර්තාවට එරෙහිව

මැලේසියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ පෙත්සමකට අස්සන් තබති

 source link:

සුභාෂිනී සේනානායක

දරුස්මාන්ගේ මතබේදකාරී වාර්තාවට එරෙහිව මැලේසියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ පෙත්සමකට අස්සන් තබති. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ක්‍රියා කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් නැගුණු චෝදනා ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යැවීම සඳහා ඉකුත් පළමුවැනිදා ඔවුහු මෙසේ අස්සන් තැබූහ.

රටට ස්ථිරසාර සාමයක් උදාකර දීම සඳහා මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් දහස් ගණන් දිවි පුද කළ රණවිරුවන්ට සහ ජනාධිපතිවරයාට එරෙහිව මාධ්‍යයට නිදහස් කළ මෙම වාර්තාව පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ගේ සුබසාධන සංගමයේ සභාපති මහින්ද තම්මිටගේ මහතා පැවැසීය.

මැලේසියාවේ රැකියා නියුක්ත ශ්‍රමිකයන් හයසියයක් පමණ මෙම වාර්තාවට එරෙහිව අස්සන් තබා තිබේ. ඉකුත් පළමුවනදා මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ගේ සුබසාධක සංගමය තුන්වන වරට සංවිධානය කළ ක්‍රිකට් තරඟාවලියකට සහභාගි වු ශ්‍රමිකයෝ මෙසේ අස්සන් තබා ඇති අතර මෙම අවස්ථාවට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ඩී. ඩී. රණසිංහ මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.