දලයි ලාමා තුමා වසදී මරා දැමීමට චීන සැලසුමක්source:චීනය දලයි ලාමා තුමාව වසදී මරාදැමීමේ සැලසුමක් දියත්කර ඇති බව හෙළිදරව් වී ඇත. ‘‘සන්ඬේ ටෙලිග්රාෆ්’’ පුවත් පතට ප්‍රකාශයක් කළ එතුමා චීනය විසින් ව්‍යාජ බැතිමතුන් ලෙස පුහුණු කළ කාන්තාවන් මේ සඳහා යොදාගැනීමට සැලසුම්කර තිබෙන බව තමන්ට ටිබෙටය තුළින් ලැබුණු අනතුරු හැගවීම් මගින් දැනගන්නට ලැබී තිබෙන බව කීහ.චීනය තමන්ගේ රටවන ටිබෙටය ආක්ක්‍රමණය කර අල්ලාගත් දින සිට වසර 50ට වැඩි කාලයක් ඉන්දියාවේ ‘ධරම් ශාලා’ නුවර අධි ආරක්‍ෂිත රැකවල් මත ජීවත්වන දලයි ලාමා තුමා කවදා හෝ ටිබෙටය නිදහස් කරගැනීමේ අදිටනින් සිටි. ‘‘රහස් මෙහෙයුමක තොරතුරු ටිබෙටයෙන්ම අප වෙත ලැබී තිබෙනවා. චීන නියෝජිතයන් ටිබෙට් ජාතික කාන්තාවන් ව්‍යාජ බැතිමතුන් ලෙස මා හමුවට එවීමට සැලසුම්කර තිබෙනවා. ඔවුන්ගේ කෙස් හා කාන්තාවන්ගේ හිස් වසන ලේන්සුවට (Scarf) වස කවා මාගේ ආශිර්වාදය ලබා ගැනීමේ මුවාවෙන් මාවෙත එවා මගේ දෑත් ස්පර්ශ කිරීමෙන් මේ වසදීමේ ක්‍රමය සකස්කර තිබෙනවා යයි එතුමා කීහ. Post navigationසංඝ නායක හිමි යළි රිමාන්ඩ් බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම