දළදා මාළිගාවේ සම්බන්ධීකරණයත් තායිලන්තයේ ආධාරයත් ඇතිව මල්වතු අස්ගිරි මහානායක මා හිමි වරුන්ගේ අනුශාසකත්වයෙන් මහනුවර කුණ්ඩසාලේ පල්ලෙකැලේ ඇරඹුණු බෞද්ධ ඇකැඩමිය මේ වන විට නොවීජියානු ආධාර ඇතිව කිතුනු ආගමික ප‍්‍රචාරක මධ්‍යස්ථානයක් ලෙස නිල නොවන පදනමින් ක‍්‍රියාත්මක වෙයි. තායිලන්තයේ චූලාලන්කාර බෞද්ධ විශ්ව විද්‍යාලය, ආරම්භයේ දී මෙහි කටයතු අධීක්‍ෂණය කළේ ය, මෙම බෞද්ධ ඇකඩමියේ ඒකායන පරමාර්ථය වූයේ ලාංකීය භික්‍ෂූන් වහන්සේලාට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් බුදුදහම උගන්වා උපාධියක් ලබා දී ජාත්‍යන්තර ධර්ම¥ත සේවයේ යෙදවීමයි. මුල් වසර 2 තුළ මෙහි ඉගෙන ගන්නා භික්‍ෂූන් වහන්සේලා ඇතුලූ සියලූම සිසුන්ට ලක්‍ෂ 2 කට වඩා වටිනා ශිෂ්‍යත්වයක් ලැබිණි. එහෙත් වර්තමානයේ දී 3 වන වසර සිසුන්ගෙන් රුපියල් ලක්‍ෂ 2 කට වඩා මුදලක් ආයතනයට අය කෙරේ. එනමුදු දළදා මාලිගාවේ අරමුදලින් හා තායිලන්තය ඇතුළු විදේශීය රටවලින් ද මෙම ආයතනයට විශාල මුදලක් හිමිවේ. එහෙත් ලාංකීය භික්‍ෂූන් වහන්සේලාට මෙම ආයතනයෙන් හිමි වී ඇත්තේ ඉතා පහත් මට්ටමේ සැලකිල්ලකි. මෙහි විදේශීය භික්‍ෂූන් හා ගිහි ශිෂ්‍යයෝ රැුසක් පහසුකම් සහිතව ඉගෙන ගනිති. අප දන්නා පරිදි කිතුණු ඉස්ලාම් ආදී අන්‍යාගමිකයෝ සිය ආගමික අනන්‍යතාවය සගවාගෙන මෙහි අධ්‍යාපන කටයුතු වල ද යෙදෙති.Protected by Security by CleanTalk