Spread the News

ද්‍රවිඩ සන්ධානයේ ප්‍රතිඥවෙන් ඩයස්‌පෝරාවේ අර්බුදයක්‌!

කීර්ති වර්ණකුලසූරිය

නොබෙදුනු එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ කටයුතු කරන බවට ද්‍රවිඩ සන්ධානය ප්‍රතිඥ දීම නිසා කොටි ඩයස්‌පෝරාව සහ ද්‍රවිඩ සන්ධානය අතර උග්‍ර අර්බුදයක්‌ ඇතිවී ඇත.

මෙයට හේතුවී ඇත්තේ ස්‌වයං පාලනය මත ක්‍රියාකළ යුතු යෑයි කොටි ඩයස්‌පෝරාව ද්‍රවිඩ සන්ධානයට කළ නියෝගය ප්‍රතික්‌ෂේප වීමය.

එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ කටයුතු කිරීම පිළිබඳව ද්‍රවිඩ සන්ධානය තුළ සිටින කොටි හිතවාදීන් අතරද දැඩි මත ගැටුම් ඇතිවී තිබේ.

කැනඩාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, ප්‍රංශ සහ ස්‌විස්‌ කොටි ජාලයන් දැනටමත් ද්‍රවිඩ සන්ධානයට එරෙහිවී ඇතැයි ආරංචිමාර්ග දන්වයි.

මේ නිසා කොටි ඩයස්‌පෝරාව විසින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්ට විදේශ රටවලට පැමිණීම සඳහා ඇරයුම් කිරීම අත්හිටුවීමටත් මැතිවරණ කටයුතු සඳහා අරමුදල් ලබාදීම නතර කිරීමටත් තීරණය වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

ස්‌වයං පාලනය වෙනුවට එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ තුළ කටයුතු කිරීමට එරෙහිවී ඇත්තේ ද්‍රවිඩ සන්ධානය තුළ ක්‍රියාත්මක වන කොටි හිතවාදී තීපන් කණ්‌ඩායම බවද වාර්තාවේ.