දැනටමත් අපි අතර විසංවාද තියෙනවා
– අතුරලියේ රතන හිමි
විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි නොකොට එහි බලය අඩුකොට අගමැතිට බලය වැඩිකොට පාර්ලිමේන්තුව හා ජනාධිපති අතර සංචරණ හා තුලන ක්‍රමයකට බලතල හුවමාරු වන ව්‍යවස්‌ථාවක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ ඉදිරියේ දී සිදුවන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විස්‌තර කරමින් එසේ පැහැදිලි කළේ දිවයින ඉරිදා සංග්‍රහය අලුත් දේශපාලන තත්ත්වය ගැන කළ සාකච්ඡාවකදීය. එහිදී දිවයින ඇසූ ප්‍රශ්න හා ඊට උන්වහන්සේ දුන් පිළිතුරු මේ ලිපියේ ඇතුළත්ය.
ප්‍රශ්නය(- මහින්ද රාජපක්‍ෂ රජය පෙරළා දමා මෛත්‍රී රජයක් බිහි කිරීමේ කාර්ය භාරයේ පුරෝගාමී මූලික වැඩකොටස කළේ හෙළඋරුමය බව රටට පැහැදිලියි. ඔබ වහන්සේ කියන විදියට අන්ත දූෂිත රජයක් පෙරළා දමා මෛත්‍රී සහගත අපේක්‍ෂා සහගත “යහ පාලනයක්” සහිත ආණ්‌ඩුවක් පත්වෙලා. හොඳයි මොකක්‌ද ඊළඟ වැඩපිළිවෙල.
පිළිතුර(- වැදගත්ම දේ තමයි ව්‍යවස්‌ථා සංශෝධනය. මෙහි අභිලාෂය හොඳ වුණත් මේ ව්‍යවස්‌ථා සංශෝධනය කළ යුතුනම් මෙය ඇතුළේ ඉඳන් වැරදි කරන්න හොඳ නෑ. කොටින්ම මෙය අදට නොවෙයි. මුළු අනාගතයටම බලපාන විදියට හදාගත යුතුයි. අපි අද ඉන්න ජනාධිපතිවත් අගමැතිවත් ඉලක්‌ක කරගෙන නොවෙයි, මේ ව්‍යවස්‌ථා සංශෝධනය කළ යුත්තේ. මේකේ ප්‍රතිඵල අනාගත රටටයි කියල හිතාගෙන තමයි කළ යුත්තේ. ඒකයි මේක ඇතුළේ අපි වැරදි කළ යුතු නෑ කියල මම කිව්වේ. වැරදි නැති, රටට ගැලපෙන, අද අපට තිබෙන ප්‍රශ්නවලට උත්තරදෙන ව්‍යවස්‌ථාවක් ගොඩනඟා සම්මත කර ගැනීම තමයි අපේ වැඩපිළිවෙල. මේ දිනවල අපි වෙහෙස වෙන්නේ ඒකට.
ප්‍රශ්නය(- හොඳයි ඡන්දය පැවැත්වෙන කාලේ රටේ ජනතාවට මේ ගැන පොරොන්දු නම් ගණනාවක් දුන්නා. අපට මතකයි. ඒවා පැත්තක තියමුකෝ. දැන් කියන්න බලන්න කඩි මුඩියේ හදන ඔය ව්‍යවස්‌ථා සංශෝධනයේදී ඔබලාගේ මූලික අවධානය යොමු වෙන තැන් ගැන.
පිළිතුර(- මූලික දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය. මෙන්න මේක වෙනස් කිරීමේදී අපි හුඟක් පරිස්‌සම් විය යුතුයි. මොකද අපේ රටේ පාලන තන්ත්‍රයේ තිබෙන පරිපාලන ව්‍යqහයේ තිබෙන හුඟක් දේවල් මෙන්න මේ විධායක ජනාධිපති ක්‍රමය කියන දේ සමග එක නූලකින් බැඳිලයි තියෙන්නේ. උදාහරණයක් හැටියට ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය කියන දෙක එකට බැඳිලයි තියෙන්නේ. ඊළඟට පළාත් සභා මේ තුනම එකට බැඳිලයි තියෙන්නේ. ජාතික ආරක්‍ෂාව රටේ ස්‌වෛරීත්වය කියන දේවලුත් මේ විධායක ජනාධිපති ක්‍රමය සමගම බැඳුණු දේවල්. උදාහරණයකට ගන්න ශේ්‍රෂ්ඨාධිකරණයේ පාරින්ද රණසිංහ කියන විනිශ්චයකාරතුමා දීපු නඩු තීන්දුව. එහි පළාත් සභා සම්බන්ධයෙන් විධායක ජනාධිපති සතු බලතල හා ඒවා ප්‍රකාර විධි නියාම තිබුණා. ඒ මත තමයි මේ රට ඒකීය රටක් වෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වුණාමත් රටේ ඒකීය භාවයට හානි වෙන්න පුළුවන්. තවත් බොහෝමයක් පාඩු වෙන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි අපි වඩාත් පරිස්‌සම් විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමයට අත තබමින් ව්‍යවස්‌ථාව සංශෝධනය කරද්දී.
ප්‍රශ්නය(- ඔබ වහන්සේලා දැන් එහෙම කිව්වත් ඡන්දයට පෙර ඔබලාගේ මැතිවරණ වේදිකාවේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න, අහෝසි කරන්න ජනතාවට පොරොන්දු දුන්නා. ජනතාවට බොරු කරන්න බෑ.
පිළිතුර(- කෙටිකාලීන බලය ගැන හිතන, ඉතා ආත්මාර්ථකාමී පුද්ගලයන්ට පේන්නේ ළඟ විතරයි. දුර පෙනෙන්නේ නැහැ. එහෙම අය සමහර තැන්වලදී ඔය වාගේ එක එක ඒවා කියන්න ඇති. නමුත් අපේ වැඩපිළිවෙළ රටට හෙළිකරන පිළිගත හැකි ලියවිල්ල තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. එහි කොතනකවත් ඔය වගේ ඒවා නැහැ. එහි බොහොම පැහැදිලිව කියල තියෙනවා.
ජනමත විචාරණයකින් තීන්දු කළ යුතු කිසිම වෙනසකට අපි මේ ව්‍යවස්‌ථා සංශෝධනය තුළ යන්නත් නැහැ කියලා.
ප්‍රශ්නය(- ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක ඔබලාත් වෙනස් කරන්නේ නෑ.
පිළිතුර(- මම කිව්වනේ… ජනමත විචාරණයකින් කළ යුතු කිසිම වෙනසකට අපි යන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. අපි එතැනට යන්නේ නෑ. එක එක්‌කෙනා වේදිකාවල්වල තම තමන්ට හිතෙන හැටියට මොනව මොනව කිව්වද මම දන්නේ නැහැ. හැබැයි අපි ළඟ ඔක්‌කොම එකඟ වුණා ජනතාවට ඉදිරිපත් කළ පොදු වැඩපිළිවෙළක් තියෙනවා. ඒක තුළ අපි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඒ තුළ තිssබෙන “රටට අහිතකර බලය” ඉවත් කරනවා.
ප්‍රශ්නය(- ඔබ වහන්සේට මතක් කරන්න ඕන. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව එදා කිව්වා. එවකට විපක්‍ෂ නායක වත්මන් අගමැතිතුමාත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කළා. ඔබ වහන්සේ කියන්නේ එයාලගේ පොරොන්දු, එයලාගේ ප්‍රකාශ අනාගතයේදී බොරු වෙන බවද…?
පිළිතුර(- ඒ ගොල්ලන්ගේ හිතේ තියෙන එක එක දේවල් පොදු වැඩපිළිවෙළකදී කරන්න බැරි බව කවුරුත් මතක තබාගත යුතුයි. අපි ඔක්‌කොම වැඩ කළ යුත්තේ අපි පක්‍ෂ ඔක්‌කොම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් සමග එකඟතාවයෙන් ඇතිකර ගත්ත “මෛත්‍රී සම්මුතියට” අනුව පමණයි. ඒ තුළ තියෙනවා ජනාධිපතිගේ බලතලවල විශාල පෙරළියක්. විශාල සංශෝධනයක්. දැන් ඔය කියන භයානක විධායක බලතලවලට ඒ සංශෝධනයෙන් ලොකු වෙනසක් වෙනවා.
ප්‍රශ්නය(- ඔබ වහන්සේ ටිකක් පැහැදිලිකරන්න එය වෙන්නේ කොහොමද කියලා…?
පිළිතුර(- අද මේ තිබෙන මැතිවරණය තුළ රටට විය යුතු යහපත්ම දෙය තමයි විධායක ජනාධිපති හා අගමැති අතර සන්ධානයක් ඇතිවෙන විදියේ සංශෝධනය. තනි අගමැතිට බලතලත් නොදී ජනාධිපතිටත් සියලු බලතලත් නොදී දෙදෙනා අතර සමබර වන විදිහේ බලතල තුලනය කිරීමක් තමයි අපේ ව්‍යවස්‌ථා සංශෝධනය තුළ බිහි වෙන්නේ. අනිත් එක විධායක ජනාධිපති ක්‍රමය කියන එක ලෝකේ කොහේවත් නැති මහා භයානක එකක් නෙවෙයිනේ. ඒ වගේම වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලන ක්‍රමය මහ සුපිරි එකකුත් නොවෙයිනේ. ඉතින් අපි ඒ දෙකේ තිබෙන නරක පැති ඉවත් කරල හොඳ පැති අරගෙන අපේ රටට අවශ්‍ය දේ කර ගනිමුකෝ. මෙහි බලතල බෙදෙන්නේ තුලන හා සංචරණ ක්‍රමයට. දේශපාලන විද්‍යාව හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නීතිය ගැන දන්න අපේ උගත්තු ඒක මේ දිනවල කරගෙන යනවා. එය ලෝකෙටම නව ආදර්ශයක් වේවි.
ප්‍රශ්නය(- ව්‍යවස්‌ථාව සංශෝධනය වෙන බව ඔබ වහන්සේ කියනවා. නමුත් අපි මේ දිනවල රූපවාහිනියෙන් පත්තරෙන් රේඩියෝවෙන් මාධ්‍යවලින් අහන්න දකින්නේ පළිගැනීම් හා පිලිගැනීම් විතරයි. සමහරු අරලියගහ මන්දිරයේ ශ්‍රී විභූතිය නරඹනවා. තව සමහරු වැටලීම් කරනවා. තව සමහරු µයිල් උත්සන් දූෂිතයන්ට නඩු දාන්න අල්ලස් කොමිෂන් යනවා. උසාවි යනවා. තවත් අය විපක්‍ෂයේ අයව දණ ගස්‌සවා පහර දෙනවා. අත්අඩංගුවට ගැනීම් එහෙමත් හිඟ නෑ. මේවා යහපාලනයට හෝ ව්‍යවස්‌ථා සංශෝධනයට සම්බන්ධ දේවල්ද.
පිළිතුර(- ඒවා වෙනවෙනම යන දේශපාලන ව්‍යාපෘති. මොකද මේ ගොල්ලෝ වේදිකාවේ කිව්වානේ වංචා වෙනවා, දූෂණ වෙනවා, හොරකම් වෙනවා අපරාධ වෙනව කියලා. එහෙමනම් ඒවා හොයලා නීතිය ඉදිරියට ගේන එක එක්‌තරා පිරිසකගේ වැඩක්. මම ඒකට මොකුත් කියන්නේ නැත්තේ හිටපු හොරු හින්දා නොවෙයි. දැන් ඉන්න අයටත් ඉන් පාඩමක් ලැබෙන්න නම් බයක් ඇතිවෙන්න නම් මේවා අද විය යුතුයි. ඒ වගේම මේවා ගැන හොයන්න යාන්ත්‍රණයක් හැදෙන එක හොඳයි.
ප්‍රශ්නය(- නමුත් තිබෙන්නේ දින 100 යි. ඒ දින 100 ඇතුළේ ව්‍යවස්‌ථා සංශෝධනය වගේ ලොකු වැඩක් කිරීම පසෙක තියලා එක්‌සත් ජාතික පක්‍ෂයේ අය හොරකම් වංචා දූෂණ හොය හොයා මාධ්‍ය සංදර්ශන පවත්වන එකයි ප්‍රශ්නය. එහෙම කරද්දී කොහොමද දින 100 වැඩපිළිවෙල යථාර්ථයක් කර ගන්නේ.
පිළිතුර(- දින 100 කියන එක ඇතුළේ දින 10 කටම තියෙන්නේ ව්‍යවස්‌ථා සංශෝධන කටයුතු. ඒකට තමයි මුල්තැන දීල තියෙන්නේ. ඊළඟට පනත් පිළිබඳ කටයුතු, ඊළඟට සුබසාධන කටයුතු. ඔය පඩි වැඩි කිරීම් වගේ දේවල්. ඒ වගේ මේ කාලය බෙදාගෙනයි ඉන්නේ. මේ දින 100 ඇතුලේ ඔය කියන ඔක්‌කොම කරන්න පුළුවන්ද බැරිද කියන අවබෝධය මට නෑ. නමුත් රට අසහනයෙන් තොරව පවත්වාගෙන යන්න පුළුවන්, රටකට අවශ්‍යකරන වැඩපිළිවෙළක අත්තිවාරම මේ කාලය තුළ දාන්න පුළුවන්. ඒක මට විශ්වාසයි. ව්‍යවස්‌ථාවේ ව්‍යqහාත්මක වෙනස, වංචා දූෂණ වළක්‌වන වැඩපිළිවෙළ. තිබෙන දූෂණ අක්‍රමිකතා රටට හෙළිදරව් කිරීම කියන වැඩ ටික දැන් වෙනවා. මට ඒ තුළ වැදගත්ම දේ තමයි ව්‍යවස්‌ථා සංශෝධනය කියන එක අවුලක් නැතුව කර ගැනීම. ඒකයි මට වැදගත්.
ප්‍රශ්නය(- මේ ඔක්‌කොම කරන්න දින 100 න් පුළුවන්ද… අත්තිවාරමක් විතරක් දාලා ඇද්ද.
පිළිතුර(- දින 100 තුළම එල්ලිලා ඉන්න එපා. දින 100 කියන එක නීතියක්‌ද. නෑ. දින 100 කියන එක අපි කවුරුවත් ගෙනාපු සීමාවක් නොවෙයි. ඒක ඔය එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළෙන් කවුද කෙනෙක් ගෙනාපු වචනයක් විතරයි. අපි ඒකට විරුද්ධ වුණේ නැහැ. දින 100 න් මේක කරන්න පුළුවන් නම් හොඳයිනේ. ඒ සඳහා කාලය මදිනම් අපි 100 න් එහාට යමු. මොකෝ දින 100 නැකතක්‌ද නෑ. නීතියක්‌ද නෑ. දින 100 න් කරන්න බැරිනම් අපි දින 200 න් කරමු. දින 100 න්a හදිස්‌සියේ කඩි මුඩියේ අඩුපාඩු සහිත දෙයක් කරනවාට වඩා දින 200 ක් අරන් අඩුපාඩු නැති වැරදි නැති හොඳ දෙයක් කිරීම වඩාත් යහපත් කියල තමයි මම නම් හිතන්නේ. ඒක නිසා මාධ්‍යවලටත් යුතුකමක් තියෙනවා කාල රාමුවක එල්ලෙන්න එපා. කරන වැඩේ තියෙන හොඳ නරක බලන්න.
ප්‍රශ්නය(- නමුත් ඉලක්‌ක දීල තියෙනවනේ. දින 100 ඉවරවෙලා අප්‍රේල් මාසේ අන්තිම ආණ්‌ඩුව විසුරුවලා මහ මැතිවරණයක් කැඳවනවා කියලා තියෙනවානේ. ඒවා බොරු කරන්න පුළුවන්ද?
පිළිතුර(- එක එක්‌කෙනා ඒ ඒ අයට වාසි ලෙස ප්‍රකාශ නිකුත් කරල තියෙනවා. යූඇන්පී එක නිතරම බලාවී එයාලට වඩා වාසිදායක මොකක්‌ද කියලා. ශ්‍රී ලංකා එකත් එයාලාගේ වාසිය බලාවි. නමුත් මේ මම අපි බලන්න ඕන ව්‍යවස්‌ථා සංශෝධනය සාර්ථකව කරගන්න නම් වඩාත් වාසිදායක මොකක්‌ද කියලයි. ඒ අනුවයි අපි වැඩ කළයුත්තේ. ඒ සඳහා තමයි එකඟතාවය තියෙන්නේ.
තව එකක් තියනවා. ආයෙමත් මැතිවරණයක් එන එක හොඳයි. මොකද මෙතන ඉන්නව නේ පිරිහිච්ච හොර තක්‌කඩි ටිකක්. ඒ අයව පරාජය කරන්න අවස්‌ථාවක් ලැබෙන එක හොඳයි.
ප්‍රශ්නය(- දින 100 න් පසුව එන මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන නායකයා අගමැති වන බව ප්‍රකාශිතයි. ඒත් සමගම කියමුකෝ ඉන්පසුව අවුරුදු 2 කට සෑම පක්‍ෂයක්‌ම නියෝජනය වන පරිදි කැබිනට් එකක් පත් කරලා ජාතික ආණ්‌ඩුවක් හදනවය කියලත්. දැන් වන විට එක්‌සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ගවලට අනුව නම් එහෙම ජාතික ආණ්‌ඩුවක් බිහිවන පාටක් නෑ. එයාලා කියන්නේ සුළු පක්‍ෂත් එකතුකරන් එයාලම ආණ්‌ඩුවක් පිහිටුවන බව. මේ ගැන මොනවද තියන අදහස්.
පිළිතුර(- දින 100 ට පසුව එන්නේ ජාතික ආණ්‌ඩුවක්‌ද නැද්ද කියන එක තීරණය වන්නේ මේ තිබෙන ආණ්‌ඩුව දින 100 තුළ පෙන්නුම් කරන දේශපාලන විභවයන් අනුවයි. මේකනේ වුණේ. මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න හදාපු වැඩපිළිවෙලට මේ රටේ එජාපය, ශ්‍රීලනිපයේ කොටස්, සුළු පක්‍ෂ ආදී කණ්‌ඩායම් ගණනාවක් එක්‌වුණා. ඒ තුළ රටට ආවා ජාතික ආණ්‌ඩුවක බලාපොරොත්තුවක්. මොකද ඒක තුළ තිබුණනේ සිංහල පක්‍ෂ වම දකුණ එකතුව, දෙමළ, සිංහල, මුස්‌ලිම් එකතුව වගේ දේවල්. ඒ තුළ ලැබුණා ජාතික මුහුණුවරක්. ඒ නිසා තමයි ජාතික ආණ්‌ඩු කතාව කරළියට ආවේ.
ඔන්න ඔය බලාපොරොත්තුව ඉදිරියේදී යථාර්ථයක් වෙන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය මේ මාස තුන තුළ පෙන්නුම් කරන විභවයන් අනුවයි. ඔවුන්ගේ වැඩපිළිවෙළ අනුවයි. නමුත් මට තවම පේන්නේ නෑ ඔවුන් අනෙකුත් ලොකු කුඩා පක්‍ෂවල සම්මාදම උරාගෙන මහා බලවේගයක් බවට පත්වීමේ උවමනාව හෝa හැකියාව පෙන්නුම් කරනවා කියලා. ඊට සුදුසු විදියට ඔවුන් තවම වැඩ කරන්න පටන් අරගෙන නෑ. දින 100 න් දින 10 ක් පමණ ගෙවී ගිහිල්ලත් ඉවරයි.
ප්‍රශ්නය(- ඒ කියන්නේ විසංවාද තියනවා ඔබ වහන්සේලාගේ පක්‍ෂ අතර.
පිළිතුර(- විසංවාද මොකද නැත්තේ. දැනටමත් ඒවා අඩු නැතිව තියෙනවා. මේ රටේ කුඩා කුඩා හා ලොකු පක්‍ෂ අතර මොන මොන වෙනස්‌කම් තිබුණත් පොදු ආණ්‌ඩුවක් වෙනුවෙන් එකතු වී වැඩ කරන්න ලොකු පක්‍ෂවලට උවමනාවක් තියෙන්න එපායෑ. සුදුසුකමක් හදාගන්න එපායෑ. එජාපය තාම ඒ අවශ්‍ය සුදුසුකම නම්‍යශීලීS බව සපුරලා නැහැ. ඒ නිසා ඉදිරියේදී එන ජාතික ආණ්‌ඩුවක් තවම මට පෙනෙන්නේ නැහැ. තවම කියල කිව්වේ ඒ සඳහා තවමත් ඕන තරම් කාලය ඉතිරිවෙලා තියෙන නිසයි.
ඊළඟ එක ඉදිරි මැතිවරණයෙන් පක්‍ෂ දෙකටම තනිව ආණ්‌ඩුවක් පිහිටුවාගන්න බැරි වුණාම තමයි ජාතික ආණ්‌ඩුවක අවශ්‍යතාව තියෙන්නේ. ඒක මෙය වගේa නොවෙයි. ප්‍රතිඵලය මත තමයි ඒක තීරණය වෙන්නේ. සමහරවිට යම් පක්‍ෂයක් පැහැදිලි බහුතරයක් ලැබුවොත් ජාතික ආණ්‌ඩුවක් අවශ්‍ය නැහැනේ. ජාතික ආණ්‌ඩුවක් හදනව කිsයලා ලිත පොරොන්දුවක් හෝ ගිවිසුමක් නම් කොතැනවත් නෑ.
ප්‍රශ්නය(- අවසාන ප්‍රශ්නය ඉදිරි මැතිවරණයකදී ජාතික හෙළ උරුමය සිට ගන්නේ කොතැනද එජාපය ළඟද ශ්‍රීලනිපය ළඟද….
පිළිතුර(- අපිට තියෙන්නේ උත්තර තුනයි. එකක් තනිව ඉල්ලනවා නැතිනම් එජාපයත් එක්‌ක ඉල්ලනවා. නැතිනම් ශ්‍රීලනිපය සමග ඉල්ලනවා. අපි ඒ කළ යුතු දේ තීරණය වන්නේ ඉදිරි දින 100 තුළ මේ රටේ ප්‍රධාන දහරාවන් දෙක ක්‍රියා කරන ආකාරය අනුවම තමයි. අපිට ඔය පක්‍ෂ කණ්‌ඩායම් මන්ත්‍රීකම් ආණ්‌ඩු වැදගත් නෑ. හැබැයි අපිට එක දෙයක් වැදගත්. ඒ තමයි රටට යහපතක් වෙන විදියට මේ රටේ ව්‍යවස්‌ථාව වෙනස් කර සංශෝධනය කර රටට ඉදිරිපත් කිරීම. එය තමයි අපේ ඉලක්‌කය. අපි වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. ඒ තුළින් රට ලබන යම් ජයක් තිබේනම් අන්න ඒ ජයග්‍රහණයට හිමිකම් කීම තමයි අපේ බලාපොරොත්තුව.
සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර