Spread the News

දැනට රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින
සැකකාර පාස්‌ටර්වරයා දැරියන් කිහිප දෙනෙකු
ළමා නිවාසයෙන් එළියට රැගෙන ගොස්‌ අතවර කරලා

කරුණු අනාවරණය වී ඇතැයි ළමාරක්‌ෂක අධිකාරිය අධිකරණයට දන්වයි

source:

සමන්ත ඉලේපෙරුම 


බාල වයස්‌කාර දැරියන් සිව් දෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇති පාස්‌ටර්වරයකු යෑයි කියා ගන්නා ජාඇල හාවස්‌ට්‌ ළමා නිවාසයේ භාරකාරවරයා දැරියන් කීප දෙනෙකු ළමා නිවාසයෙන් පිටතටද රැගෙන ගොස්‌ අතවරයට ලක්‌කර ඇති බවට කරුණු අනාවරණය වන්නේ යෑයි ජාතික ළමාරක්‌ෂක අධිකාරිය ඊයේ (29 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් කියා සිsටියේය.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් වයි. ප්‍රනාන්දු මෙනෙවිය හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී එසේ කියා සිටි ළමාරක්‌ෂක අධිකාරිය සැකකාර ළමා නිවාස බාරකරවරයා එසේ පිටතට රැගෙන ගොස්‌ අතවරයට ලක්‌කර ඇති වින්දිත දැරියන්ගෙන් හා එම ස්‌ථානවල පදිංචි හෝ භාරකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඇති නිසා සැකකරු තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස ඉල්ලා සිටියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල මහෙස්‌ත්‍රාත් නිල මැදිරියේ කැඳවනු ලැබූ අතර රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇති රාගම – ක¹න පදිංචි රොඩ්නි පෙරේරා නමැති සැකකාර ළමා නිවාස භාරකාරවරයා බන්ධනාගාර බලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වර්නන් කුරේ මහතා කරුණු දක්‌වමින් මෙම අතවරයට පත්වී ඇතැයි කියනු ලබන ගැහැනු ලමුන් වෙනත් පුද්ගලයන් අතර සබඳකම් පවත්වමින් අතවරයට ලක්‌වූ අය බවත් ඒ පිළිබඳව විමර්ශන සිදුකරද්දී මෙම සිද්ධිය මතුවී ඇති බවත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් වී ඇති අවස්‌ථාවක ඕනෑම කොන්දේසියකට යටත්කොට සැකකරු අප මත මුදා හරින ලෙසද නීතිඥ කුරේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැළකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරිය සැකකාර ළමා නිවාස භාරකාරවරයා ඇප මත මුදා හැරීම ප්‍රතික්‌ෂේප කරමින් ඔහු ලබන 02 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙසත් එදිනට විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කළාය.

චෝදනා ලැබ සිsටින එම ළමා නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ රොඩ්නි ඔලිවර් පෙරේරා නමැති දේaවගැතිවරයා ඊයේ (29 දා) කොළඹ මහෙස්‌ත්‍රාත් ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය විසින් ලබන 02 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු.

ඡායාරූප – කමල් බෝගොඩ