Thu. Jan 9th, 2025
Spread the News

Is diagnosis wrong ?

මහසෙන් යනු කව්ද ?

 මෙතුමන්ගේ රාජ්‍ය කාලය තුලදී දකුණු ඉන්දියාවේ සිට ලන්කාපුරට පැමිණි සංගමිත්ත නම් ස්ථවිරයන් වහන්සේ නමක් බුදුන්වහන්සේ විසින් නියමකල පිළිවෙත් මහාවිහාරය අනුගමනය නොකරන්නේ යැයි කියා කීම පිට මහාවිහාරය විනාශ කල බව ඉහිහාසයේ සදහන්ය. විහාර බිම ගවයින් යොදා සී සෑ මුන් වැපිරූ බව ජනප්‍රවාදයේ සඳහන්.

(පසුව රජුගේ මෙම තීරණය වෙනස්වූ බව ඉතිහාසය කරුණු දක්වයි. රුවන්වැලි සෑයට හා අභයගිරි සෑයට වඩා විශාලවූ ජේතවනාරාමය කරවුයේද මහසෙන් රජු විසින්ය.)

මහවිහාරය භුක්ති විඳින මිනිසුන් සඳහා දඬුවම්:

මහසෙන් රජු භික්ෂූන් වහන්සේට ආහාර සැපයූ ඕනෑම කෙනෙකුට දඬුවම් නියම කළේය. මේ හේතුව නිසා මහාවිහාර භික්ෂූන් වහන්සේලාට අගනුවර තුළ ජීවත් වීමට නොහැකි විය. මහාවිහාරය අතහැර දමා රෝහණයට ගියේය. (රටෙහි දකුණු කොටස).

සංඝමිත්තගේ මරණය:

මහාවිහාරේ විනාශ කිරීමෙන් අනතුරුව භික්ෂු සංඝමිත්ත තූපාරාමය විනාශ කිරීමට මිනිසුන් සමග පැමිණියේය. එවකට රජුගේ භාර්යාවන්ගෙන් එක් අයෙකු සංඝමිත්ත ඝාතනය කිරීම සඳහා මුදල් ලබා දුන්නේය. කම්කරුවන් සංඝමිත්තා ඝාතනය කළ අතර තූපාරාමය විනාශයෙන් බේරිණි.

මහාවංශය අනුව, ඔහු බොහෝ කුසලතාවයන් සහ බොහෝ පාපයන් එකතු කළ රජෙකි.

අවසානයට ලිව යුත්තේ මෙයයි….

මේ රට සශ්‍රික කිරීමට නම් , මේ බිම සශ්‍රික වීමට නම් බෝ මැඩ , පිළිමගෙය හෝ විහාරය නමැති සම්මා දිට්ටිය වනසා හෝ ඒවාට තහංචි දමා ඒ වෙනුවට මිච්චාදිට්ටියක් අනුගත කිරීමෙන් කිසිවිටකත් බැරිය. එය ඉඳුරාම කිව හැකි පරම සත්‍යක්. මේ රට සශ්‍රික කිරීමට නම් , මේ බිම සශ්‍රික වීමට නම් මේ සිංහලේ රට , සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනයට දැඩිව ආලය කරන්නෙක් රජු විය යුතු අතර ඒ හැර අන් කවර න්‍යායක් කරපින්නා ගත්තෙකුට හෝ මේ බිම සශ්‍රික කල නොහැකිය. සශ්‍රික නොවේ. සිංහලේ රට , සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනයට අවංකව ආදරය කරන්නෙක් රටේ රජු විය යුතුය. එසේ නොමැතිව මේ පින් බිම ඉදිරියට රැගෙන යාම අපහසුය.

ඇයි අප මේ දක්වා ඉදිරියට ගියේ නැද්ද ?

අන්යකුට \ අන්‍ය න්‍යායකට මේ රට අවධි කල නොහැක්කේ ඇයි ?

සම්බුද්ධ සාසනය නිසා “එතෙර” දැකගත් හෙවත් සසර පරතෙර පිරිසිඳ දැකගත් විශාල පිරිසක් දෙව්ලොව අදටත් වැඩ වාසය කරති. සම්බුද්ධ සාසනය නිසා අනාගාමී වුවෝ විශාල පිරිසක් ශුද්ධාවාස බ්‍රහ්මයන් ලෙස වැඩ වාසය කරති. ඔවුන් තවමත් සම්බුද්ධ සාසනය රැකී ඇති මේ පින් බිම දෙස නිතරම අවධානයෙන් පසුවෙති. ඒ බුදු හිමි ප්‍රතිඤාව මස්තකප්‍රාප්ත කරනු වස්ය. මව් බිමේ ඉපිද මව් බිමේ වූ සාසනයාගෙන් ප්‍රයෝජන ලබා එතෙර දැකගත් මොවුන් මව්බිමට යම් අගතියක් සිද්ධ වේද ඒ වෙනුවෙන් පෙළ ගැසෙති. එනිසා කිසිවෙකුට , කිසිකලක බුද්ධ කාලය ඉක්මවන තුරු මේ බිමට ආදේශණයන් කල නොහැකිය.

ඒ සඳහා කල් යල් බලා අවශ්‍ය කරන්නෝ මේ පුණ්‍ය භුමියේ පහල කරති. ඉතිහාසය ගෙන ගවේෂණය කරන්නෙකුට මේ බව සක් සුදක් සේ පෙනී යන කරුණක්. අන් යමෙක් සිංහලේ ගැන උනන්දුද , අන් න්‍යායක් සිංහලේ ගැන උනන්දුද ඔහු හෝ ඇය මේ තත්වය ගැන තරයේ සිහි තබා ගත යුතුය.

අපි මුන් ඇබෝරිජින් වරුන් මෙන් නසමියි හෝ අපි මුන් රතු ඉන්දියානුවන් ලෙස නසමියි කියා යමෙක් හීනෙකින් හෝ සිතයි නම් එය ඔහුට හෝ ඇයට වන නැවත හැරවිය නොහැකි වූ වැරදීමක් වනු ඇත.

හේතුව ?

ඇබෝරිජින් වරුන් ළඟ සම්මා දිට්ටිය වත් , ඔවුන් විසින් නොසෑහෙන කලක් සම්මා දිට්ටිය සුරැකිව රැගෙන ඒමේ කුසලයවත් තිබුනේ නැත. ඔවුන්ගේ මුතුන් මිත්තෝ ප්‍රතිපදාවක් පුරා එතෙර දැකගත්තෝ නොවෙති. අනාගාමි වූවෝද නොවෙති. රතු ඉන්දියානුවරුන්ගේ තත්වයද ඒ හා සමානය. එමනිසා ඔවුන් වනසාලිය හැකිව තිබුණි. නමුත් අප සම්මා දිට්ටියේ පිහිටා කටයුතු කළා වූවෝ පමණක් නොව සම්මා දිට්ටිය අනාගත ඤානවන්තයන් උදෙසා මේ දක්වා රැගෙන ආවා වුවෝ වෙති.

එනිසා කරුණාකර ඇබෝරිජින් මිම්මෙන් හෝ රතු ඉන්දියානු මිම්මෙන් අපව නොමනිණු මැනවි.

එයයි යතාර්ථය.

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)

Protected by Security by CleanTalk