Spread the News

ශ්‍රීලනිප නව මහ ලේකම් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නව මහ ලේකම් ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (24 දා) එම පක්‍ෂ මූලස්‌ථානයේදී සිය නව තනතුරේ වැඩ භාර ගත්තේය. වැඩ භාරගැනීමෙන් අනතුරුව නව මහ ලේකම්වරයාට ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සුබ පැතූ අයුරු. ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, නිමල් සිරිපාල ද සිල්වා, එස්‌. බී. නාවින්න යන මහත්වරු ද මෙහි සිටිති.
ඡායාරූපය –
කමල් බෝගොඩ



මෛත්‍රී මල්වතු
අනු නාහිමි අබියස..

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (24දා) දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට මහනුවරට පැමිණි අවස්‌ථාවේ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමි බැහැදැක සාකච්ඡා කළ අයුරු.
සිරිල් විමලසුරේන්ද්‍ර



හෙළ උරුමය අත්පත්‍රිකා බෙදයි..
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තම ස්‌ථාවරය කුමක්‌දැයි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ජාතික හෙළ උරුමය විසින් ඊයේ (24 දා) පෙරවරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා දෙමින් ආරම්භ කරන ලදී. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එම පක්‍ෂයේ නියෝජිතයන් අත්පත්‍රිකා බෙදාදුන් අයුරු.
ඡායාරූපය – නිශාන්
එස්‌. ප්‍රියන්ත