Spread the News

දුගී රටක නිවටකමේ නිරුවත පෙන්වන
මිනිස්‌ ජාවාරමේ ඇතුළු පැත්ත source:

මිනිස්‌ ජාවාරම කළෝ ම්ලේච්ඡයෝය. ම්ලේච්ඡයින් සිටියේ මිනිසුන් ශිෂ්ටාචාරවත් වන්නට බොහෝ කලකට පෙරය. ඒ අශිෂ්ට ගෝත්‍රික සමාජවල මිනිස්‌ ජීවිත වලට වටිනාකමක්‌ තිබුණේ නැත. මිනිසුන්ට ගෞරවයක්‌ හෝ අභිමානයක්‌ තිබුණේ නැත. මිනිසුන් ශිෂ්ටාචාරවත් වීමට පටන් ගත්තේ මිනිසුන් විසින්ම මිනිසුන්ට ගරුකරන්නට පටන්ගත් අවස්‌ථාවේ සිටය.

ගතවන මොහොතේ ශිෂ්ට මිනිසුන් සහිත ලෝකය විසින් යළිත් අපව නිර්දය ප්‍රශ්න කිරීමකට ලක්‌ කෙරෙමින් සිටී. ඒ ජාතියක්‌ ලෙස අපේ අශීලාචාරකම පිළිබඳවය. මෙවර ඒ ප්‍රශ්න කිරීම මතුවන්නේ පැරණි ලේබලවලින් නොවේ. අශිෂ්ට මිනිස්‌ ජාවාරම්කාරයින්ට ඉඩ හරස සලසන, ඔවුන්ට පහසුවෙන් සැරිසැරිය හැකි පරිසරයක්‌ නිර්මාණය කරන නීතියක්‌ නැති රටක්‌ ලෙසය. මනුෂ්‍යත්වයෙන් තොර දුගී හි`ගන රටක්‌ ලෙසය. උපන් රටට ගෞරවයක්‌ ආදරයක්‌ අභිමානයක්‌ තබා ජීවත් වීමේ බලාපොරොත්තුවක්‌ වත් නිර්මාණය කරගත නොහැකිව අසරණ වන මිනිසුන් පිරිසක්‌ සහිත රටක්‌ ලෙසය.

ඇත්තම කියනවා නම් අපේ රටට මිනිස්‌ ජාවාරම අරුමයක්‌ නොවේ. ජීවිත තුට්‌ටුවට දමා ට්‍රොaලර්වල සිය ගණන් පටවා හොර රහසේ ඉතාලිය කේන්ද්‍ර කරගත් යුරෝපයට මුහුදෙන් මිනිසුන් පැටවීම පිළිබඳවත්, කන්ටේනර් තුළ ගාල් කර මලමිනී සේ ජපානයට මිනිසුන් යෑවීම සම්බන්ධවත්, සම්මත ජාත්‍යන්තර නීති සියල්ල කඩකරමින් ගුවන් මගින් ඉතාලිය වැනි රටවල් වෙත අපකීර්තිමත් අනාථයන් ලෙස මිනිසුන් ගාල් කිරීම පිළිබඳවත් වන හිරිකිත අතීතයක්‌ අප සතුව තිබේ. මේ ජාවාරම් ක්‍රියාත්මක වූයේ එළිපිටය. සමහර අවස්‌ථාවලදී රටේ ඉහළ පෙළේ දේශපාලන බලවතුන්ගේත් ඔවුන්ගේ ඥාතිවරුන්ගේත් බලපරාක්‍රමය යටතේය. ඉතාලියට මිනිසුන් පැටවීමේ ජාවාරමේදී සිංහල ජාතිකයෙක්‌ සඳහා රුපියල් ලක්‌ෂ දාසයත් විස්‌සත් අතර මුදලකුත් දෙමළ ජාතිකයෙක්‌ සඳහා රුපියල් ලක්‌ෂ විසි හයත් තිහත් අතර මුදලකුත් ලබාගෙන නීති විරෝධීව ඉතාලියට රැගෙන යැම මේ රටේ මිනිස්‌ ජාවාරමේ ප්‍රධානම අංගය වී තිබුණේය. අපේ අධිකරණයට උවමනා පාතාල අපරාධකරුවන්, කුඩු කාරයින්, මිනීමරුවන් ඉතාලිය වැනි රටවලට පැනගෙන ජීවත් වන්නට හැකිවී තිබුණේ දේශපාලන සබඳතා සහිත මේ මිනිස්‌ ජාවාරම් කරුවන්ගේ පිහිටෙනි.

මීට සමගාමීවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ මිනිස්‌ ජාවාරම් කරුවන් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් යුරෝපා රටවලට පැටවීමේ ජාවාරමක නිරතවී සිටියහ. උදාහරණය වර්ෂ 2010 අගෝස්‌තුවේදී එම් වී සන් සී නැමැති නව්කාවෙන් දෙමළ සරණාගතයින් 492 රැගෙන කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා දූපතට ඔවුන් සිව් දෙනෙක්‌ නීති විරෝධීව ඇතුළු සිද්ධිය දැක්‌විය හැකිය. මේ ජාවාරම සිදුකළ ශ්‍රී ලාංකික මිනිස්‌ ජාවාරම්කරුවන්ට එරෙහිව මේ වනවිටත් කැනඩාව ස්‌වකීය අධිකරණයේ නඩු පවරා තිබේ.

එහෙත් පසුගිය මාස කීපය පුරාම එක පිට එක මතුව ආ නීතිවිරෝධී මිනිස්‌ ජාවාරමේ විලිලඡ්ජා නැති උදාහරණ මෙතෙක්‌ පැවති මිනිස්‌ ජාවාරමේ රටාවත් බිහිසුණු ලෙස වෙනස්‌ කර තිබුණේය. වර්ෂ 2009 සිට ක්‍රියාත්මක වෙමින් තිබුණද මේ ජාවාරම නියම ස්‌වරූප එළි දැක තිබුණේ මීට මාස කීපයකට පෙර සිටය. මෙතෙක්‌ වාර්තා නොවූ ආකාරයට පසුගිය තුන්මසකට ආසන්න කාලය තුළ අරුගම්බේ, වාකරේ මුලතිව් මන්නාරම හා මීගමුව කේන්ද්‍ර කරගත් වෙරළ තීරය හරහා ට්‍රොaලර් යාත්‍රා මගින් විශාල මිනිසුන් සංඛ්‍යාවක්‌ නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ ගත් ආකාරය වාර්තා විය. මොවුන්ගෙන් සියයට අනූපහක්‌ම මුලතිව්, කිළිනොච්චි, ත්‍රීකුණාමලය හා මන්නාරම දිස්‌ත්‍රික්‌කවල ද්‍රවිඩ ජාතිකයෝ වූහ. සමහරෙක්‌ මුස්‌ලිම්වරු වූහ. මේ වකවානුවේදී අත්අඩංගුවට ගත් පිරිස්‌ අතර සිංහල ජාතිකයින් නොවූ තරම්ය. බොහෝ විට මේ නීති විරෝධී සංක්‍රමණය වෙනුවෙන් ජාවාරම්කාරයින් ලබාගත් මුදල රුපියල් ලක්‌ෂ පහේ සිට දහය දක්‌වා පරාසයක තිබිණි.

පසුගිය මාස එකහමාර තුළ
සිද්ධි වාර්තා වන ආකාරය

පසුගිය ජූනි 01 වෙනිදා සිට මේ දක්‌වා වන මාස එක හමාර තුළ පමණක්‌ නීති විරෝධීව ඕස්‌ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට සූදානම්ව සිට ද්‍රවිඩ ජාතිකයෝ තුන්සියයකට ආසන් පිරිසක්‌ උතුරු නැගෙනහිර මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් වූහ. ප්‍රධාන වශයෙන්ම දකුණු මුහුදු තීරය ඔස්‌සේ ගමන් කර ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසී ඕස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස්‌ දූපත් වෙත පිවිසීම මේ ජාවාරම් කරුවෝ සිදුකළහ. ඉන්දියාව හරහා ගමන්කිරීමට තැත් කළ සමහරෙක්‌ ඉන්දීය මුහුදු සීමාවේදී ඉන්දීය පොලීසියට කොටු විය.

පසුගිය ජූනි මස 04 වෙනිදා ඉන්දියාවේ කේරලයේ සිට බෝට්‌ටුවකින් ඕස්‌ටේ්‍රලියාව බලා පිටත්වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩයින් 151 දෙනෙක්‌ එදින අලූයම කේරල පොලීසියේ අත්අඩංගුවට පත්වූයේය. මේ පිරිස මුලින්ම ට්‍රොaලර් යාත්‍රාවක යාපනයේ සිට කේරලයට පැමිණ එතැනින් ඕස්‌ටේ්‍රලියාව බලා පිටත් වී තිබිණි. ඔවුන් අතර කාන්තාවන් 19 ක්‌ නොදරුවෝ 22 ක්‌ වූහ.

ජූනි 09 වනදා විට තිගස්‌වන සුළු සිදුවීමක්‌ වාර්තා විය. ලංකා මුහුදු සීමාව පන්නාගත් ශ්‍රී ලංකා ද්‍රවිඩ ජාතිකයින් තිස්‌ දෙනෙක්‌ රැගත් බෝට්‌ටුවක්‌ පසුගිය 9 වැනිදා ඕස්‌ටේ්‍රලියාවේ කිලිං දූපත අසල ගල්පරයක වැදී අනතුරට පත්වූයේය. ඕස්‌ටේ්‍රලියානු ආරක්‌ෂක අංශ විසින් මේ මිනිසුන් බේරාගත් බව මාධ්‍යය විසින් වාර්තා කළේය. මේ ආකාරයට පලා ආ ලාංකික සරණාගතයින් 67 දෙනෙක්‌ ජූනි 27 වැනිදා ගුවනින් ක්‍රිස්‌මස්‌ දූපතට රැගෙන ආ බව පුවත් ඒජන්සි විසින් වාර්තා කර තිබිණි. ජූලි 01 දා තවත් ශ්‍රී ලාංකිකයින් 53 රැගත් යාත්‍රාවක්‌ ක්‍රිස්‌මස්‌ දූපතට පැමිණ තිබුණේය. මේ තත්ත්වය ඕස්‌ටේ්‍රලියානු රජයට බරපතල ප්‍රශ්න ඇතිකර තිබූ ආකාරයත් මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට විය.

එහෙත් උතුරු නැගෙනහිර වෙරළ තීරවලින් මිනිසුන් ඕස්‌ටේ්‍රලියාවට පැටවීමේ ජාවාරම නැවතී තිබුණේ නැත. මෙවැනි ගමනකට සූදානම්ව සිටි තවත් කණ්‌ඩායමකට එක්‌වීම සඳහා මුලතිව් හා මඩකලපු ප්‍රදේශයේ ජීවත්වන ද්‍රවිඩ තරුණයින් එකළොස්‌දෙනෙක්‌ මන්නාරමට පැමිණ සිටියදී ජූනි 09 වෙනිදා පොලිස්‌ අත්අඩංගුවට පත්වූහ. හතලිහකගෙන් සමන්විත තවත් කණ්‌ඩායමක්‌ හා එක්‌ව ඕස්‌ටේ්‍රලියාවට යැමට සූදානමින් මීගමුවට පැමිණ සිට මුලතිව් ප්‍රදේශයේ තරුණයින් නවදෙනෙක්‌ ජූනි 30 වැනිදා අත්අඩංගුවට ගැනුණි. මෙවැනි ගමනකට සූදානමින් කල්කුඩා අලියාගල මුහුදු තීරයට පැමිණි තවත් හය දෙනෙක්‌ පසුගිය 2 අලූයම පොලිස්‌ අත්අඩංගුවට පත්වූයේය.

එමෙන්ම පසුගිය 05 වෙනිදා මේ ඕස්‌ටේ්‍රලියා ගමනට සූදානමින් සිට 41 දෙනෙක්‌ අත්අඩංගුවට පත්විය. මේ අතර කාන්තාවක්‌ හා කුඩා දරුවෝ දෙදෙනෙක්‌ වූහ. ඉකුත් 09 වෙනිදා වියලි ආහාර තොගයක්‌ සමග ත්‍රිකුණාමලය සාම්බාල්තිව් වෙරළ තීරයේ රැඳී සිටි තිදෙනෙක්‌ ද පසුදින අලුයම ත්‍රීකුණාමලයේ සිට සැතපුම් තිස්‌පහක්‌ පමණ ගැඹුරු මුහුදේදී පුද්ගලයින් 82 සහිත බහුදින ට්‍රොaලර්යාත්‍රා දෙකක්‌ ද අත්අඩංගුවට පත් විය. මාලු තැන්පත් කරන දැවැන්ත ටැංකි තුළට මිනිසුන් බස්‌සවා, ඔවුන්ගේ ඔළු පමණකුදු පෙනෙන්නට නොමැති සේ අසුරන ලදුව අතිශය අවදානම් සහිත මුහුදු තීරයක්‌ ඔස්‌සේ ඕස්‌ටේ්‍රලියාව වෙත යවන මේ ගමන පණ ඇති මිනිසුන් තබා මලමිනී ප්‍රවාහනය කරන්නටවත් සුදුසු වූයේ නැත. සැලසුම් කර සමූල ඝාතනය කිරීමකට නොදෙවෙනි මේ සෑම අපරාධයකදීම ඒ හා සම්බන්ධ මුල්පෙළේ ජාවාරම් කාරයින් වහාම සොයා අධිකරණය හමුවට පත්කරවන බව කියෑවිනි. එහෙත් කැට දමා පැවසිය හැකි ආකාරයට මේ මහා පරිමාණ ජාවාරමේ මුල සිටිනා එකෙක්‌වත් අධිකරණය ඉදිරියට එන්නේ නැත. පැමිණෙනවානම් ඒ පැමිණෙන්නේ ඔවුන් විසින් මෙහෙයවන දෙවන පෙළ පිරිසකි. ඒ බව වැටහෙන්නේ මේ සිදුවීම් පෙළගැසෙනා ආකාරය ගැන විමසන විටය.

ජාවාරමේ ඇතුළු පැත්ත

මේ දියත්ව ඇති මිනිස්‌ ජාවාරම ආරම්භ වූයේ යුද්ධය නිමාවීමත් සමගය. ඒ සමග එක්‌ සීරුවට ඕස්‌ටේ්‍රලියාව බලා ද්‍රවිඩ ජාතිකයින් පැටවීම දෙමළ ඩයස්‌පෝරාවේද මූලිකත්වයෙන් සිදුවිණි. ඒ වකවානුවේදී මේ ජාවාරම් කරුවන්ගේ බෝට්‌ටු එක දිගටම නාවික හමුදා අත්අඩංගුවට පත්වූයේය. මේ හේතුව නිසාම ඕස්‌ටේ්‍රලියානු රජය බුද්ධි තොරතුරු හුවමාරුවේදීත්, පුහුණු වැඩසටහන් අපේ නාවික හමුදා සඳහා ප්‍රදානයේදීත් වඩාත් ප්‍රසන්න හා සුහදශීලී විය. ඔවුන් විසින් වරෙක මේ ජාවාරමේ ස්‌වරූපය පිළිබඳ පූර්ණ බුද්ධි විස්‌තර අපට ලබා දී තිබිණි. එහෙත් තවමත් ජාවාරම උතුරේ මෙන්ම දකුණේත් පවත්වාගෙන යනු ලබයි. නමුත් ඕස්‌ටේ්‍රලියාව වෙත වැඩිමනත් ප්‍රමාණයක්‌ ළ`ගා වන්නේ ද්‍රවිඩ ජාතිකයින් සහිත යාත්‍රා වීම සැලකිය යුත්තකි.

මේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයින්ගේ නීති විරෝධී සංක්‍රමණ තුළම ඇත්තේ දැවැන්ත සමාජ ෙ€දවාචකයක ප්‍රකාශනයකි. මහා සංග්‍රාමයකින් අනතුරුව සුනු විසුණු වී ගිය සමාජයක ජීවිත යථාවත් කිරීම සඳහා අපගේ ප්‍රවේශය ප්‍රායෝගිකද යන්න පිළිබඳ වන තියුණු ප්‍රශ්න කිරීම දැන් සිදුවෙමින් ඇත්තේ මේ ආකාරයටය.

මේ මිනිස්‌ ජාවාරම පසුපස ඇති ඇ`ග කිළිපොලා යන යථාර්ථය අපේ රටේ මන්දබුද්ධිකයින්ට නොදැනීම හෝ නොසලකා හැරීමේ බරපතලකම වටහාගත හැකි නොවේ. ඇත්තනම් මේ ජාවාරම උතුරු නැගෙනහිර මුල්කරගෙන සිදුවන්නේ එල්.ටී.ටී. කාඩරයින් ඉලක්‌ක කරගනිමින් වීමය. වඩාත් පුළුල්ව විමසුවහොත් මේ රටින් පැනයන ද්‍රවිඩ ජාතිකයින් බොහෝ දෙනෙක්‌ එක්‌කෝ කොටි සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූවන්ය. නොඑසේනම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැ`ගවී සිටින සාමාජිකයින්ය. ඔවුන්ගේ හිතවතුන්ය. පුනරුත්ථාපනය වී සමාජගතව නිරන්තර නිරීක්‌ෂණයට ලක්‌වනවාට වඩා තිබෙන සේසතම හෝ විකුණා හෝ පිට රටකට පැනයැමට මේ මිනිසුන් සූදානම්ය. මිනිස්‌සු ජීවත්වීමේ නිදහස ලබාගැනීමට මරණය වුවද තෝරාගනිති. එය ප්‍රශ්න කළ හැකි නොවේ. එහෙත් මේ වනවිට පුනරුත්ථාපනයවී සමාජගත කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කීදෙනෙක්‌ රටේ ඉන්නවාදැයි මේ රටේ ආරක්‌ෂක අංශ වලින් විමසුවහොත් ඊට උත්තරයක්‌ ඇත්දැයි අප නම් දන්නේ නැත.

ආරක්‌ෂක බුද්ධි අංශම වාර්තා කරන ආකාරයට උතුරේ මේ ජාවාරම මූලිකව සංවිධානය වන්නේ එල්.ටී.ටී.ඊ බුද්ධි අංශයේ සිටි සාමාජිකයින් අතිනි. දැනට මුලතිව් දිස්‌ත්‍රික්‌කය මුල්කරගෙන මේ ජාවාරම සංවිධානය වන්නේ මෙවැනි හිටපු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙක්‌ හරහාය. ඒත් වටහාගත නොහැකි හේතුවක්‌ නිසා මේ මිනිසුන් අත්අඩංගුවට පත්වන්නේ නැත.

මිනිස්‌ ජාවාරම් කරුවන් යුද්ධය අවසන් වූ වකවානුවේ සිට මේ දක්‌වා ඕස්‌ටේ්‍රලියාවට යවා ඇති සරණාගතයින් සහිත යාත්‍රා සංඛ්‍යාව හැටකට ආසන්නය. අඩුම තරමින් තුන්දහසකට ආසන්න ද්‍රවිඩ සරණාගතයෝ පිරිසක්‌ මේ අනුව ලංකාවෙන් ඕස්‌ටේ්‍රලියාවට පැනගොස්‌ සිටිති. මොවුන් මෙසේ පැනඑන්නේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරනවායෑයි කියන, නැවත පදිංචි කිරීම් කරනවායෑයි කියන, සිවිල් ජනජීවිතය ස්‌ථාපිත කරනවායෑයි කියන මොහොතකය. දැන් සැබෑ ප්‍රශ්නයක්‌ ලෝකය හමුවේ නිරුවත් වී ඇත. සරණාගතයින් ලෙස ඕස්‌ටේ්‍රලියාවට ඇතුළුවන මේ ලාංකික ද්‍රවිඩ ජාතිකයින් දහසක්‌ ලංකාවේ සිදුවන නැවත පදිංචිකිරීම් හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ප්‍රකාශ නිකුත් කළහොත් මේ රටේ ආණ්‌ඩුවට ජාත්‍යන්තරයේදී අත්වන ඉරණමේ ප්‍රමාණය තේරුම් ගත යුතුය.

එහෙත් රටේ කරුමයකට මෙන් වගකිවයුත්තන් කරන්නේ වටහාගත නොහැකි හේතුවක්‌ නිසා මේ ව්‍යසනය සිද්ධ වෙන්නට හැර බලා හිඳීමය. බෝට්‌ටු දහයක්‌ රටින් පිටවනවිට අත්අඩංගුවට පත්වන්නේ එකකි. මේ පිළිබඳව ඉහළ පරිපාලනය හැසිරෙන ලිහිල් පිළිවෙත නිසා ආරක්‌ෂක අංශවල සමහර නිලධාරීන්ද දැන් මේ ජාවාරමේ සක්‍රීය සාමාජිකයින්ය. මේ වනවිට නාවික හමුදා සෙබලූ පස්‌දෙනෙක්‌ ද හමුදාව හැරපියා ඕස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස්‌ දූපතේ සරණාගතයින් ලෙස ජීවත් වන ආකාරය වාර්තා වේ.

මේ අතර නාවික හමුදාවේ බුද්ධි අංශ සෙබලූන් තිදෙනෙක්‌ මේ මිනිස්‌ ජාවාරමට Rජු ලෙස සම්බන්ධවීම නිසා නාවික හමුදා පොලීසි අත්අඩංගුවට පත්වෙති. මිනිසුන් එකතු කිරීම සඳහා එක්‌ පුද්ගලයෙකුට වෙනුවෙන් ලක්‌ෂ දෙකකට වැඩි කොමිස්‌ මුදලක්‌ අයකිරීම හා රටේ මුහුදු සීමාවෙන් බෝට්‌ටුව පැන්නීමට රුපියල් ලක්‌ෂ විස්‌සකට ආසන්න මුදලක්‌ ලබා ගැනීම වැනි චෝදනා මත අත්අඩංගුවට පත් මේ සෙබලූන් තිදෙනාගෙන් කෙනෙක්‌ වැඩිදුර පරීක්‌ෂණ සඳහා රහස්‌ පොලීසිය විසින් ඉල්ලා දින කීපයකින් ඔහු අතුරුදහන් වේ. සිද්ධි පෙළගැසෙද්දී නාවික හමුදාවේ සමුද්‍ර බුද්ධි අංශයේ ඉහළ නිලධාරීහු මේ අත්අඩංගුවට පත් නාවික සෙබලූන් මුදවා ගැනීම සඳහා මෙහෙයුම් සැලසුම් කරති. මේ සිදුවන්නේ කුමක්‌ද යන්න ඕනෑම හරකෙකුට වටහාගත හැකිය.

ජාවාරමේ එක්‌ පාර්ශවයක රජයේ ආරක්‌ෂක අංශ සිටිති. තවත් පාර්ශ්වයක්‌ දේශපාලන අංශ නියෝජනය කරති. අනෙක්‌ පාර්ශ්වයේ සිටින්නේ පුනරුත්ථාපනය වූ හෝ නොවූ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිකයින්ය. සිංහල දෙමළ මුස්‌ලිම් භේදයක්‌ නැත. පුදුමාකාර එකමුතුවකි. පාදඩ ජාවාරම්වලදී කොන්දේසි රහිතව සන්ධානගතවී ඉන්නා මේ කාලකණ්‌නින් රටේ යහපත වෙනුවෙන් එක්‌ මාසයක්‌ මෙවැනි එකඟතාවයක්‌ සහිතව වැඩ කරන්නේ නම් මේ රට මීට වඩා බොහෝ සේ සිරිමත්a එකක්‌ බව පැහැදිලිය. එහෙත් රටේ අභිමානයත් පෞරුෂයත් ආරක්‌ෂාවත් තුට්‌ටුවට දමා තොන්ඩුව බෙල්ලට දමාගෙන හිරවෙනතුරු ආතල් ගැනීම බ`දු මේ කල්මැරීමේ අරුත කුමක්‌දැයි තෝරාගත හැකි නොවේ. අප බලාසිටින්නේ මේ මාරන්තික උභතෝකෝටිකය දෙසය.

පසුබිම් වාර්තා සහාය සමන් මල්ලවආරච්චි
ජානක ලියනආරච්චි – හේමන්ත රන්දුණු