Spread the News

දෙමළ ඊළාම්වාදී පක්‍ෂ වලට විරුද්ධව නඩු මගට

source:

යුද්ධය නිමා වී වසර 3ක් ගත වුවත් දෙස් විදෙස් කොටි ත‍්‍රස්ථයන්ගේ ඊළාම් සිහිනය තවමත් නිම වී නොමැත. විශේෂයෙන්ම දෙමළ සංවිධානයට අයත් දේශපාලන පක්‍ෂ 4 ක් විසින් ඔවුන්ගේ පක්‍ෂ ව්‍යවස්ථාවටද ඇතුළත් කර ඇත්තේ වෙනම රාජ්‍යක් නිර්මාණය කරගත යුතු බවයි. එයින් නොනවැතී ඔවුන්ගේ ප‍්‍රකාශ හා ක‍්‍රියා කලාපය ඒ අරභයාමය. මෙය සම්පුර්ණයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැණිය. ඒ අනුව 20 වන පරිච්චේදයේ 157 වගන්තිය යටතේ ඊට අදාළ ප‍්‍රතිපාදන ඇත. මේ කරුණු සියල්ල විමසා බලා සිංහල ජාතික පෙරමුණ මීට  පෙර ගොණුකර තිබූ නඩුව අද යළි විභාගයට උපරිමාධිකරණයේදී ගත් අතර  සිංහල රාවය ජාතික සංවිධානයද මෙහි කොටස්කරුවෙකු වෙමින් පෙරමුණ ගෙන කටයුතු කිරීමට අද සිට ආරම්භ කරන ලදී.