Spread the News

දෙමළ ජාතිවාදය පරදවන්න විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි

– මහාචාර්ය නලින් ද සිල්වා

මෙරට පැවැති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ නමුත් දෙමළ ජාතිවාදය පරාජය වී නැති බව පෙන්වා දෙන මහාචාර්ය නලින් ද සිල්වා මහතා දෙමළ ඩයස්පෝරාව විදේශ රටවල සිට අපේ රටට විරුද්ධව සතුරුකම් කරන බවත් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට විධායක ජනාධිපති ක්‍රමය මෙරට ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ක‍ෙළාත් කිසි දිනෙක දෙමළ ජාතිවාදය පරාජයට පත්කිරීමට නොහැකි බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමට විධායක ජනාධිපති ක්‍රමය උපයෝගී කර ගත්තාක් මෙන්ම දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතු බවත් පෙන්වා දෙයි.

“අපේ රටේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වර්තමානයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තියෙනවා. මෙය මම දකින්නේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර පැවැත්වෙන සටනක් විදියටයි. මෙහිදී අපි සිතේ තබාගත යුතු විශේෂ කරුණ වනුයේ දෙමළ ජාතිවාදය පරාජය කිරීමයි.

අපි ත්‍රස්තවාදය පරාජය කළා ඒක සත්‍යයක්. ඒත් ත්‍රස්තවාදය පරාජය කළා කියා සිතුවාට දෙමළ ජාතිවාදය තවමත් ක්‍රියාත්මක වෙනවා. ඔය දෙමළ ඩයස් පෝරාව එංගලන්තය හා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ එකතුව මෙරට ආණ්ඩුවට සහ සිංහලයන්ට විරුද්ධව මතවාදයක් ගොඩනඟන්නට උත්සාහ ගන්නවා. අපි ඔය මතවාදය පරාජය කරන්න ඕනෑ. එංගලන්තය පතුරවන ලද මතවාදයට අනුව සිංහලයන් කියන්නේ අසාධාරණ මිනිස්සු.

සිංහලයෝ දෙමළ ජාතිකයන්ට අසාධාරණ කම් කළා කියමින් ලොකු අසාධාරණයක් වෙලා තිබෙන බව පෙන්වමින් එල්ටීටීඊය ආයුධ අතට ගත්තෙ ඒ අසාධාරණයට විරුද්ධවයි. එය සාධාරණයි යුක්තිසහගතයි. ඒ නිසා අසාධාරණයට ලක්වුණු දෙමළ මිනිසුන්ට සාධාරණයක් ඉටු කළ යුතුයි. මේ තමයි ඔවුන්ගෙ කතන්දරය. ඒත් බලන්න එය සම්පූර්ණ අසත්‍යයක්. ඔවුන් එය ඇත්ත නොවේ ‍බොරුවක් කියල කවදාවත් කියන්නෙ නැහැ. පැහැදිලිව පෙනෙන සත්‍යය වසන් කිරීමක් නොවේද මෙහි සිදුවන්නෙ? මේ හැරුණාම කවදාවත් මෙහි තිබෙන මූලික ප්‍රශ්නයට මොවුන් එළැඹෙන්නෙත් නැහැ.

අසාධාරණය

සිංහලයන් වශයෙන් අපට බටහිර රටවල් වලින් අහන්න තියෙන මූලික ප්‍රශ්නය ඔවුන් ඔය පුන පුනා කියන ලොකු අසාධාරණය සිදු වෙලා තියෙනවද කියන එකයි. ඔය ගොඩනඟන්න උත්සාහ කරන්නෙ දෙමළ ජාතිවාදයක්. එය කරන්න බැරිවෙලා තියෙන්නෙ එංගලන්‍තය විසින් පතුරවන ලද මතවාදය බොහෝ දෙනාගේ සිත්වල තිබීම නිසයි. මූලිකවම කරන්න ඕනෑ ඔය එංගලන්ත මතවාදය පරාජයට පත් කිරීමයි.

ඒ මතවාදය පරාජය කිරීමේ කාර්යයට ප්‍රමුඛතාව ලබා දෙන්න ඕනෑ. ගතවූ අවුරුදු 30කට වැඩි කාලයක් පුරා ඔය මතවාදය පරාජය කරන්න ගත්ත උත්සාහය තවම සාර්ථක කරගන්න නොහැකි වීමයි. ඊට හේතුව අපි මේ ප්‍රශ්නයේ මුලට ගොස් නැති නිසයි.

මා ලියූ ‘ප්‍රභාකරන් හා ඔහු‍ෙග් සීයලා බාප්පලා මස්සිනාලා’ පොතේ ඔය තත්ත්වය ගැන ‍ෙහාඳින් සාකච්ඡා කර තියෙනවා. මේ පොත කියවූ දේශපාලනඥයන් සංඛ්‍යාවත් අතළොස්සයි. වර්තමාන තත්ත්වය ගැන හොඳින් විග්‍රහ කැරෙන ‍ෙම් පොත සැමදෙනකුම කියවීම වැදගත්. එංගලන්තය හා බටහිර රටවල් අපට කළ දේ ගැන අපි හොඳින් සොයා බලන්න ඕනෑ.

මතවාදය

ඔවුන් මේ ප්‍රශ්නය ඇති කළේ 1820 ගණන් වලයි. මේ රටේ ව්‍යවස්ථාදායක සභාව ඇති කළ කාලයේ තමයි මේ ප්‍රශ්නය වඩාත් අවුල්සහගත තත්ත්වයට පත්වුණේ. මේ පොත කියවූවොත් ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි. මේ සඳහා පාර්ලිමේන්තුව තිබිලා මදි. ඒ වගේම බලයක් නැති පාර්ලිමේන්තුවකින් ප්‍රතිඵලයකුත් නැහැ. මෙහිදී දෙමළ ජාතිවාදය පරාජයට පත්කරන්න විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළොත් කවදාවත් දෙමළ ජාතිවාදය පරාජයට පත් කරන්න බැහැ.

දෙමළ ඩයස්පෝරාව පිටරටවල ඉඳගෙන අපට හතුරුකම් කරන බව අපි හොඳින් තේරුම් ගන්න ඕනෑ. ඔය යුරෝපා සංගමය අපේ රටේ මාළු ගන්නෙ නෑ කියල ප්‍රශ්න මතු කරන්නෙ දෙමළ ඩයස්පෝරාවෙ බලපෑම් නිසයි. මෙවැනි ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න විධායක ජනාධිපති කෙනෙක් ඉන්න ඕනෑ. මගේ වචනයෙන් කියනවා නම් කවුරු හරි කැඳයෙක් දමලා හරියන්නෙ නැහැ. දුර්වලයෙක් මීට දැම්මම මේ බලාපොරොත්තුව ඉටු කැර ගන්න බැහැ.

සතුරුකම්

මීට එකම සුදුස්සා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. සමහර අය එක එක කතා කියමින් කෑගහන්න පටන් අරගෙන තියෙන්නෙ කැඳ පාර්ලිමේන්තුවක් හදාගන්න තියෙන ඕනෑකමටයි. එතකොට එංගලන්තයට උවමනා විදියට අපේ රට නටවන්න පුළුවන්. දැන් ඔය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන චරිත ගැනයි හොඳින් කල්පනා කරන්න ඕනෑ. රූකඩ චරිතයක් මීට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැ. දැන් ඔය ඉදිරිපත් වෙන චරිතය රනිල් නම් මම කියන්නෙ එයා අම්බලන්ගොඩ රූකඩ වලටත් වඩා හොඳ රූකඩයක් කියලයි. බටහිර රටවල්වලට එයා හොඳින් නටවන්න පුළුවන් නිසයි මම එහෙම කියන්නෙ.

රූකඩ

මේ උත්සාහය එංගලන්තයට හා ඇමෙරිකාවට අවශ්‍ය විදිහට දෙමළ ජාතිවාදය දිගින් දිගටම පවත්වාගෙන යමින් ඔවුනට නටවන්න පුළුවන් ආකාරයේ රූකඩයක් පත් කැර ගැනීමයි. එක්සත් ජාතික පක්ෂය තමයි මුලින් කීවෙ එල්ටීටීඊය පරාජයට පත්කරන්න බැහැ කියලා. හැබැයි අපි එකක් හි‍තේ තියාගන්න ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් ප්‍රභාකරන් පරාජය කරන්න කවදාවත් බැහැ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් ඒ අවදියේ කටයුතු නොකළා නම් එල්ටීටීඊය පරාජය කරන්න ලැබෙන්නෙ නැහැ. හෙළ උරුමය පවා පිළිඅරගෙන තියෙනවා විධායක ජනාධිපතිකම තිබූ නිසා එල්ටීටීඊය පරදවන්න හැකි වුණු බව. ඔය නන්නත්තාර වෙලා ඉන්න විපක්ෂය ඔය කියන ආකාරයට කොහොමද පොදු අපේක්ෂකයෙක් සොයාගන්නෙ දැන් මේ පොදු අපේක්ෂක කතා මේ දවස්වල වැඩි වශයෙන් කතාවෙනවා. කවුද මේ පොදු අපේක්ෂකයා. ඒ සඳහා විවිධ උත්සාහයන් ගන්න බව පේනවා.

ජාතික වගකීම

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හාමුදුරුවො මේ කරන්න හදන්නේ කුමක්ද? මේ අවස්ථාවෙ හැම දෙනාටම ජාතික වගකීමක් තියෙනවා. ඒ වගකීම තේරුම් අරගෙනයි ප්‍රකාශ කිරීමේදී වගේම තීරණ ගැනීමේදී කටයුතු කරන්න ඕනෑ.

ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කළා කියලා ප්‍රශ්නෙ විසඳිලා නැහැ. මේ සඳහා දෙමළ අන්තවාදය පරාජයට පත්කරන්න ඕනෑ. දැන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියා ඉල්ලන ජාතික හෙළ උරුමය සිංහල විරෝධී පක්ෂයක් බවට පත්වෙලා. ජාතික හෙළ උරුමය නොයෙක් දේ කියාවි. ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධියි කියා වුණත් කියන්න පුළුවන්.

මෙහිදී අපි කල්පනා කර බලමු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධයන්ට පක්ෂද? එයා හැරුණාම කරු ජයසූරිය ගැන සිතා බලමු. සුදු ඇඳපු පමණින් සිංහල බෞද්ධයන්ට පක්ෂපාතී කෙනෙක් වෙන්නෙ නැහැ.

මේ ගොල්ලන් නටවන්න මේ රටේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා තානාපති අංශ කටයුතු කරනවා. තීරණ ගන්නෙ ඒගොල්ල කියන විදියටයි. සජිත්, මංගල වගේ අයට වුණත් තීරණ ගැනීමේ ශක්තියක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තවමත් තියෙන්නෙ යටත් විජිතවාදී ආකල්පයයි. 1947 සිට 2014 දක්වා ගෙවුණු මේ කාලය තුළත් 2050 වනතුරුත් මේ ආකල්පය වෙනස් වෙන්නෙ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ හදන්න පුළුවන් පක්ෂයක් නොවෙයි.

විරෝධය

ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුව කටයුතු කරනවා කියන එක නොවේ මෙහිදී මතුවන ප්‍රශ්නය. ඔවුන් කොහොමද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරන්නෙ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව කටයුතු කරනවා කියන්නෙ කැඳ නායකයකුට පක්ෂව කටයුතු කිරීමක් විදියටයි මම දකින්නෙ. මේ ජනපතිවරණයේදී අවශ්‍ය වන්නේ එංගලන්තය සහ ඇමෙරිකාවෙ මතවාද පරාජය කිරීම සඳහා අඩිතාලම දමා ගැනීමයි.

ඒ සඳහා අපි හොඳ ආර්ථික ශක්තියක් ගොඩනඟාගන්න ඕනෑ. සමහර විට මේ රටවල් අපේ රටට ආර්ථික සම්බාධක වුණත් පනවන්න ඉඩ තියෙනවා. අපේ රටින් අපනයනය කරන පොල්තෙල්, නිමි ඇඳුම් ආදිය මිලදී නොගෙන ඉන්න පුළුවන්. මේ තත්ත්වයට මුහුණ දෙන්න අපේ ආර්ථික ශක්තිය දැන් සිටම වර්ධනය කැරගන්න ඕනෑ අප්‍රිකාව, යුරෝපයේ රටවල් වගේම ඇමෙරිකාව ගැනත් හැමදාම බලාපොරොත්තු තබාගෙන ඉන්න බැහැ. අපි තවත් ආසියාතික රටවල් සමඟ වැඩි වශයෙන් සබඳතා ගොඩනඟා ගෙන එම සබඳතා ශක්තිමත් කැර ගන්න ඕනෑ.

දේශීය ප්‍රතිකාර

බලන්න වෛද්‍ය ප්‍රතිකාර දෙස. බටහිර ප්‍රතිකාරවලට අපේ රට කෝටි ගණන් වියදම් කරනවා. දේශීය ප්‍රතිකාර වටිනවා වගේම දරන්න වෙන්නෙ අඩු වියදමක්. ඊට වඩා දේශීය වෛද්‍ය ප්‍රතිකාර මොනතරම් වටිනවද? සමහර ප්‍රතිකාර ක්‍රම ගැන සලකා බැලුවම ඒවායෙ තත්ත්වය මොනතරම් ඉහළ මට්ටමක තියෙනවද?

මම අවුරුදු 25කින් කිසිම ඉංග්‍රිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාගෙන නැහැ. මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙන් මට වැලඳුණු රෝගාබාධ ඔක්කොම සනීප කර ගත්තා. හැබැයි අපිට සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයේ රටවල් සමඟ ඈත්වෙලා ජීවත්වෙන්න බැහැ. අවශ්‍ය වෙලාවට ඕනෑ රටක් සමඟ කටයුතු කරන්න අපට පුළුවන් වෙන්න ඕනෑ.

විධායක ජනාධිපති ක්‍රමය වසර 2025න් පසුව අවශ්‍ය වේද කියලා මට කියන්න අපහසුයි. නමුත් තව ඉදිරියට අවුරුදු දහයකට වැඩි කාලයක් මේ ක්‍රමය පැවැතිය යුතුයි.

2025 වනතුරු

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ රටට එල්ල වී තිබෙන බලවේග යටපත් කරලා රට සංවර්ධනය කරා මෙහෙයවන්න අඩුතරමින් තව වාර දෙකක්වත් ලැබුණොත් එය සාර්ථකව කරන බව විශ්වාසයි. ත්‍රස්තවාදය පරාජය කිරී‍ෙමන් පසුව එතුමා රටේ සංවර්ධනය නිසි අයුරින් ක්‍රියාත්මක ‍කරනවා.

ඒ නිසයි මීළඟ ජනාධිපතිවරණයේ දීත් එතුමාට ඒ අවකාශය ලැබෙතියි කියා කියන්නෙ. රටේ ඇතිවෙමින් පවතින සංවර්ධනය පැහැදිලියි. කාටද කියන්න පුළුවන් සංවර්ධනය වේගවත් අන්දමින් සිදුවන්නෙ නැහැ කියලා. විරුද්ධවාදීන් යහපාලනය ගැන කතා කරනවා. ඒ ගැන කතා කරලා බලය ලබා ගැනීමට උත්ස­ාහයක් ගන්නා බව පෙනෙනවා.

සහාය කාටද

ම‍ගේ මූලික ප්‍රශ්නය දෙමළ ජාතිවාදය පරදවන්න උත්සාහ ගන්න අයට සහාය දෙනවද නැත්නම් දෙමළ ජාතිවාදයට සහාය දෙමින් සිංහල විරෝධී කටයුතුවලට සහාය දෙන අයට උදවු කරනවද කියන එකයි. මෙය රටේ අනාගතයට බලපාන තීරණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.