Spread the News

වයස 63යි : පුරවැසිභාවය බ්‍රිතාන්‍යයේ

දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිකයෙක් දැරියක සමඟ වවුනියාවේ ලැගුම්හලක source:

මවුපියන් අහිමි දැරියගේ වයස අවුරුදු 16යි

කාමරයේ ලිංගික උත්තේජන ඖෂධ රැසක්

කොළඹ පෙන්වන්නට යැයි රවටා කැඳවාගෙන ඇවිත්

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධව ක්‍රියාකාරීව කටයුතු කරන අවුරුදු 63 ක දෙමළ ජාතිකයකු බාල වයස්කාර දැරියක සමග වවුනියාව ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩන් නුවර සිට පැමිණ ඇති මෙම පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක් වූ දෙමාපියන් අහිමි දැරියක කැඳවාගෙන විත් මෙම ලැගුම්හලේ සිටියදී පෙරේදා (15) අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ලැගුම්හල් කළමනාකරු මහේස්ත්‍රාත් නියෝගයෙන් දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව පවසන වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක එරික් පෙරේරා මහතා බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයි ද කියයි.

සැකකරු බාලවයස්කාර දැරිය කොළඹ පෙන්වීමට යැයි කැඳවාගෙන පැමිණ ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ඇති සැකකරු දෙමළ ඩයස්පෝරාවට ද සම්බන්ධ ෂන්මුගම් ක්‍රිෂ්ණමූර්ති නමැත්තෙකි. සැකකරු හා බාලවයස්කාර දැරිය ලැගුම්ගෙන සිටි කාමරයේ ලිංගික උත්තේජන ඖෂධ වර්ග රැසක් ද තිබී හමුවූ බව පවසන පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බව ද සඳහන් කරයි.