දෙමළ නායකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් යාපන සරසවියේ යුද ස්මාරකයට යළි පණ දෙයි

Spread the News

Divaina : දිනසේන රතුගමගේ

smaraka700උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදිකිරීමේ කටයුතු පසුගිය(25*දා ආරම්භ විය.

මෙම ස්මාරකය ඉවත් කළ දිනට පසු දින මහ වැසි මැද යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊට මුල්ගල තැබුණු අතර ස්මාරකය යළි ඉදිකිරීම  සඳහා මුදල් ආධාර ලබා දෙන ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා මුදල් විශාල ප‍්‍රමාණයක් ලැබී තිබේ. උතුරේ දෙමළ දේශපාලනඥයින් මුදල් ලබා දී ඇත්තේ පක්ෂයක් වශයෙන් නොව ඔවුන්ගේ පෞද්ගලික ආධාර වශයෙනි. මෙම යුද ස්මාරකය යළි ඉදි කිරීම පිණිස යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු හා වෙනත් පිරිස් විසින්ද මුදල් ආධාර සපයා දී තිබේ. යුද ස්මාරකය යළි ඉදිකිරීමේදී එය මුලින් තිබූ තත්ත්වයටම ඉදි කිරීමට යාපනය විශ්ව විද්‍යලයේ මහා ශිෂ්‍ය සංගමය තීරණය කොට තිබේ.