Spread the News

දෙමළ සන්ධානය ජිනීවා යෑවීමේ යෝජනාවට
අනුමැතිය නොලැබේ

source:
දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ජිනීවා සමුළුවට කණ්‌ඩායමක්‌ යෑවිය යුතු බවට උතුරු පළාත් සභාවේ මන්ත්‍රීනි ආනන්දි සසිහරන් විසින් පෙරේදා 27 දා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවට පළාත් සභාවේ අනුමැතිය ලැබී නොමැත.

ඇය ප්‍රකාශ කොට ඇත්තේ යුද සමයේදී සිදුවූ මිනිස්‌ ඝාතන හා අතුරුදන්වීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කමිටුවට කරුණු ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්‌ යායුතු බවයි.

මෙම යෝජනාවට ප්‍රතිචාරයක්‌ නොලද අතර ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ අවශ්‍යනම් ආනන්දි සසිහරන් මන්ත්‍රීවරියට පෞද්ගලිකව ජිනීවා නුවරට යන ලෙසය.