දේහය දුරබැහැරදී ආදාහනය කිරීමේ කුමන්ත්‍රණයක්

Spread the News

දේහය දුරබැහැරදී ආදාහනය කිරීමේ කුමන්ත්‍රණයක්

May 26, 2013 | source:

Bowatte-Indarathana-thera

බෝවත්තේ ඉන්දරතන හිමිපාණන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට එනම් මැයි 27 සඳුදා දින සවස කහවත්ත – දකුණු පනාවැල්ල – ශ‍්‍රී සුගතාරාම විහාරස්ථානයේදී සිදුකිරීමට මේ වනවිට නියමිතව තිබෙනවා. එහෙත්, උන්වහන්සේ සිදුකළ මේ පරම පවිත්‍ර ජීවිත පූජාව වෙනුවෙන් දැක්විය හැකි උත්තම කළගුණ සැලකීම සහ එම ජීවිත පූජාවේ නියම වටිනාකම ලබාදීමට නම් මෙම අදාහන උත්සවය ජාතික වීරයෙකුගේ අවමගුලක් ලෙසට පැවැත්විය යුතු බවටද යෝජනා වී තිබෙනවා. ඒ අනුව විවිධ බෞද්ධ හා ජාතික සංවිධාන එක්වී උන්වහන්සේගේ ආදාහන උත්සවය කොළඹ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට මේ මොහොත වනවිටත් දැවැන්ත අරගලයක් සිදුකරගෙන යන බව එම සංවිධානවලින් දැනගන්නට ලැබෙනවා. උන්වහන්සේගේ දේහය බහාලූ දෙන සම්පූර්ණයෙන්ම සීල් කර දැමීමට පියවර ගෙන තිබීමත්, ආදාහන උත්සවය දුරබැහැරදී පැවැත්වීමටත්, ආදාහන දිනය හෙටට යොදාගෙන තිබීමත් හරහා කිසියම් බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් පවතිනවාදැයි සැක මතුවන බවත් යථෝක්ත බෞද්ධ සංවිධානවල මතය වී තිබේ. එසේම, මීට මොහොතකට පෙර අප වෙත වාර්තා වූ පරිදි කොළඹ ජයරත්න මල් ශාලාවේදී උන්වහන්සේගේ දේහය සකස් කිරීමේ කටයුතු සිදුකෙරුණු බවත්, එම කටයුතු නිමවීමෙන් පසු රහසිගතව දේහය කොළඹින් පිටතට රැගෙන ගොස් ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

එසේම, උන්වහන්සේ ගිනිතබා ගැනීමේ සිදුවීමට කිසිදු ප්‍රසිද්ධියක් ලබාදීමට ක්‍රියා නොකළ ඇතැම් ජනමාධ්‍ය, උන්වහන්සේගේ අපවත්වීම පමණක් වාර්තා කරන්නටද කටයුතු කිරීම පිළිකුල් සහගත බව එම සංවිධාන පවසා සිටිනවා. එසේම, උන්වහන්සේ මේ සිදුකළේ ජීවිත පූජාවක් බවත්, එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් ඔවුන් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරනවා. ඒ බව උන්වහන්සේගේ හඬින්ම අපවත් වීමට ප්‍රථම ප්‍රකාශ කර තිබෙනවා. එසේම, දැන් හදිසියේම ඇතැම් දේශපාලඥයන් විසින් ගව ඝාතනය තහනම් කළයුතු යැයි ප්‍රකාශ කර තිබීමද, ඒ වෙනුවෙන් ඔවුන්ගේ දෑස් විවරවීම පිළිබඳවද හොඳ ප්‍රවණතාවයක් බව එම සංවිධාන වැඩිදුරටත් පවසා සිටිනවා.

[youtube http://www.youtube.com/watch?v=YLIQ9talPTU&w=560&h=315]