Spread the News

දෝනිව අත්අඩංගුවට ගැනීමට
අධිකරණ වරෙන්තුවක්‌ නිකුත් වේ

චතුර පමුණුව

ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වහා අත්අඩංගුවට ගන්නා ලෙස අන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්ත අධිකරණයක්‌ මගින් වරෙන්තුවක්‌ නිකුත් කර ඇත.

හින්දු ආගමට නිග්‍රහ කරන ලදැයි චෝදනාව මත අමන්තපූර්හි අධිකරණයක්‌ මගින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

විශ්ව හින්දු පර්ශදය විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

2013 අප්‍රේල් මාසයේ ඉන්දීය සඟරාවක ඉන්දීය ක්‍රිකට්‌ නායකයා විෂ්ණු දෙවියන් ලෙස දක්‌වමින් පළවූ ඡායාරූපය මෙලෙස ආන්දෝලනයට තුඩුදී ඇත.

මේ සම්බන්ධව දිල්ලියේ හා පූනේ අධිකරණවලද දෝනිට එරෙහිව නඩු පවරා ඇත.