Spread the News

ධර්ම චක්රය පයට පෑගීම

source:

නුගේගොඩ නගරයේ වෙළද ආයතනයකදී  බුදු දහමට අපහාසවන අන්දමින් නිෂ්පාදනය කරන ලද ධර්ම චක්රය යෙදු පාවහන් තොගයක් පසුගියදා පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.එම වෙළෙඳසැලේ තිබී පාවහන් ජෝඩු 5ක් පමණ සොයා ගැනිණ.අදාළ සසැකකරුවන්  ගංගොඩවිල මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 100,000ක ශරීර ඇප මත මුදා හැර තිබේ

වැඩිදුර නඩු විභාගය අගෝස්තු 25 දක්වා කල් තැබීණි.

මීට පෙරද මෙවැනිම පාවහන් තොගයක් ප්රදේශ රැසකදී හමු වී ඇත.

බෞද්ධාගමට නිගා වන අන්දමින් නිෂ්පාදනය කරනු ලබන මෙවන් පාවහන් හෝ වෙනත් යම් නිෂ්පාදනයක් නිසා වහා කුපිත වන බෞද්ධයන්ම මේ වන විටත් ලංකාවේ බුද්ධාගම වල පල්ලට යාම සම්බන්දයෙන් කිසිවක් පවසන්නේ නැත. රුවන්වැල්ලේ සොභිතලා ඇල්ලීමෙන් හා නුගේගොඩින් පාවහන් ඇල්ලීමෙන් නිර්මල පිවිතුරු බුදු දහම සුරැකේවි යැයි සිතන බෞද්ධයා නොදන්නා ඇත්ත වන්නේ මේ වන විටත් අන් අය විසින් නොව බෞද්ධයන් විසින්ම බුද්ධාගමේ අවසන් කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

මේ වන විටත් ලංකාවේ හාල් වල ආසනික්ය, ප්එට්රල් වල වතුරය,සිමෙන්ති බාලය,උසාවිය විධායකය අතේය,ඇමතිවරු මර්වින්ලාය. මන්තිරීවරු රංජන්ලා,පබාලාය. එහෙව් රටක පාවහන් වල ධර්ම චක්රය.

ඉතින් අප කුමක් කරන්නද? ජාතිය හා ආගම විකාරයක් වූ රටක කේන්දරය ද නැති වී ග්රහයාද නීච වූ ජාතියක අනාගතය සම්බන්ධයෙන් අපට ඇත්තේ කුමණ හැගීමක්ද? එහෙව් රටක පාවහන් වලට ධර්ම චක්රය පැමිණීම සම්බන්ධයෙන් ශෝඛාලාප කීමෙන් අත්වන සෙතක් නොමැත. මේ උදාවී තිබෙන්නේ මහා අනෙකා බිද වැටුන සමාජයක් නිසා මේ සමාජය තුල ජාතියක ආගමක අනන්‍යතාවයන් නැති වී යාම අහම්බයක් නොව අනිවාර්යයකි.

ඕනෑම දෙයක් ඊට වඩා වැඩි වූ දෙයක් බවට ඌණනය වූ පසු මෙවන් විකාර දෑ සිදුවීම යථාර්තයක් බව අප අවබෝධකර ගත යුතුය.